♠ Posted by ආලෝකය at 8:21 PM
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා
ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය.
මේවා එකිනෙක සලකා බැලීමේ දී
(1) පාසල් යාමට මැළිවීම
මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය.
(2) සහෝදර ගැටුම්
පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන සැලකිල්ල නුරුස්නා දරුවන්, තමන් කෙරේ අවධානය යොමු කර ගැනීමට විවිධ දේ කිරීමට පෙලඹේ. බාල සහෝදරිය හෝ සහෝදරයාට හිංසා කිරීම, පහරදීම්, ආදිය ද තමන්ට ඇති අසනීපයන් ගැන මවුපියන්ට ව්‍යාජ පැමිණිලි කිරීම ආදිය දැකිය හැකිය. මවුපියන් දරුවා වෙනුවෙන් ආකල්ප වෙනස්කොට ආදරය පෙන්වීම හා දරුවා සමඟ නිතර කාලය ගත කිරීමට ඉඩ සැලැසීමෙන් ඒවා මඟ හරවා ගත හැකි වේ.
(3) කතා කිරීමේ දුර්වලතා
සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.
(4) නින්දේදී මුත්‍රා පහවීම
දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කළ හැකිය.
(5) නින්දේදී ඇවිදීම හෝ බිය වීම
මෙය ද ළමා වියේ ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි.
(6) අසාමාන්‍ය හැසිරීම් රටා
සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ.මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.
(7) පාසල් කටයුතුවල දුර්වලතා
මේ පිළිබඳ මාපියන් විමසිලිමත් විය යුතු වේ.පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.
(8) දොම්නස් බව
ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.
(9) අධි ක්‍රියාකාරීත්වය
සමහර ළමයින්ට යමක් කෙරෙහි අවධානය රඳවාගෙන සිටීම අපහසුය. ඇත්ත වශයෙන්ම මෙය සාමාන්‍ය කෙළිලොල් බවක්ද, ඉන් එහා ගිය තත්ත්වයක් ද යන්න පැහැදිලිව වටහාගත යුතුය.අධි ක්‍රියාකාරී තත්ත්වයක් නම් ඖෂධමය ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකිය.
(10) මන්ද බුද්ධිකභාවය
සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. ඒ හැරුණු විට ළමා මානසික ගැටලු සඳහාම වෙන්වූ ‘විශේෂිත සායන’ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වේ.
මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි

0 comments:
Post a Comment