-

සුවමනස

මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

වියෝ වේදනාව අඩුකර ගන්නේ කොහොමද?

♠ Posted by ආලෝකය
(මවිබිම පුවත්පතෙහි පලවු මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකොන් මහතාගේ ලිපියක් ඇසුරිනි) තමන් බොහෝ සෙයින් ආදරය කළ පෙම්වතා/ පෙම්වතිය තමන්ගෙන් වෙන්වයාම ඕනෑම කෙනකුට දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක්. නමුත් මේ අත්දැකීමට බොහෝවිටම අපට මුහුණදෙන්න සිදුවෙනවා. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමේ වේදනාව දරා ගන්න බැරි වෙනකොට එක් එක් අය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ එක් එක් ආකාරවලටයි. සමහරුන් මෙහිදී දැඩි ආවේගශීලී අන්දමින් හැසිරෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා මිනීමැරුම් සිය දිවි නසා ගැනීම් වගේ දේවල් සිදුවන්නේ මේ නිසයි. කෙසේ වුවත් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විට මුලින්ම කළ යුත්තේ ඊට බලපෑ හේතුව හෝ හේතු හඳුනා ගැනීමයි....

ග්‍රස්ථිය හා එහි ලක්ෂණ (Obsessive Compulsive Disorder)

♠ Posted by ආලෝකය
අපට වැලදෙන කායික රෝග තරමටම මානසික රෝගද සුලබය. ගැටළුවකට ඇත්තේ මානසික රෝග කායික රෝග මෙන් බොහෝ දෙනා හදුනා නොගැනීමයි. බොහොමයක් මනසේ ඇති වන සංකූලතා කැස්ස හෙම්බිරිස්සාව මෙන් ඇති වී නැති වී යයි. නමුත් සමහර හෙම්බිරිස්සා තත්වයන් නියුමෝනියාව දක්වා නරක් වන්නා සේ මානසික රෝගද දරුණු තත්වයට පත් විය හැක. දැන් අපි බලමු මෙම ග්‍රස්ථිය කියන්නේ කුමක්ද කියල. මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණය වන්නේ. සිතට අසහනය දෙන සුලු සිතුවිලි, ආවේග හෝ රූප එක දිගටම සිතට ඒමය. මෙය සිතා වලක්වා ගැනීමටද නොහැකිය. බොහෝ විට රෝගියාට මෙය කරදයක් වේ. එම නිසා මානසික පීඩනයට ලක්වීමද එම සිතුවිලි අප්‍රසන්න බවට පත් වීමද සිදු වේ. මෙම සිතුවිලි වර්ග කීපයකි.  1. එක දිගටම ඇති වන සිතුවිලි. (obsessional thoughts) - ඉහත සඳහන් කල අකාරයට වේ.  2. එකම ක්‍රියාව කිහිප වරක් කිරීමට පොලඹවන සිතුවිලි. (obsessional rituals) මෙය තේරුමක් නැතිව හෝ තේරුමක් ආරූඪ කර ගනිමින් සිදු කරන ක්‍රියාවන්ය. උදා :- - ඇවිදීමේදී යම් ස්ථාන අනිවාර්‍ය්යෙන්ම පසුකර යාමට උත්සාහ කිරීම. - මේසය උඩ හෝ කාමරයේ ඇති භාණ්ඩ සිතට ඇතිවන තුරු නියමිත තැන් වල පිලිවෙලට තැබීම.( කිහිප...

මනෝවිද්‍යාත්මක උපදේශනය යනු කුමක්ද?

♠ Posted by ආලෝකය
උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුව ද වර්තමානය වනවිට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. උපදේශනය මගින් කිසිවිටෙක පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කොට ඔහු ගේ ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා. මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling) ලෙස හඳුන්වනවා. උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක්. එහිදී පුද්ගලයා කෙබඳු තත්ත්වයක සිටියද ඔහු දෙස විවේචනාත්මකව බලන්නේ නැහැ. ඔහු වරද කරුවෙකි ඔහු අපරාධ කරුවෙකි ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැහැ. උපදේශනයේදී උපදේශනය සඳහා ලක්වෙන ඕනෑම පුද්ගලයෙකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබාදීමත් උපදේශනය මගින් සිදු කෙරෙනවා.  අපට උපදේශනය අවශ්‍ය වන්නේ...

සමාජ භීතීකාව

♠ Posted by ආලෝකය
සමාජය ඉදිරියේ තම හැකියාවන් පෙන්වීමට බයද? යම් යම් ක්‍රියාවලට ඇතැම් පුද්ගලයන්ට විවිධ ඉරියවි වලට පමණක් නොව ඇතැම් සතුන් උස් ස්ථාන වනාදිය පිළිබඳව අප කා තුළත් බියක් ඇතිවීම සාමාන්‍යයි. එසේ වුවත් සමහර අවස්ථා වලදී මෙම බිය අසාමාන්ය‍ වන අවස්ථා නැත්තේම නොවේ. ඒවගේම ඒවා මනෝ විද්්‍යාත්මකව රෝග වශයෙන් ද සැලකීමට ද හැකිය. ඒවා භීතිකා (Phobia) වශයෙන් හඳුන්වන අතර සෑම පුද්ගලයෙකු තුළම මේවා හට නොගැනීම තවත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙවැනි භීතිකා විවිධාකාර වෙනවා පමණක් නොව ඊට යෙදිය යුතු ප්‍රායෝගික ප්‍රතිකාර ද පවතී. ව්‍යවහාරික මනෝවෛද්‍ය නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලද්දේ මෙම මානසික ගැටලුව පිලිබදව ඔබ වෙත යමි අවබෝධයක් ලබා දීමෙ අරමුණෙනි. භීතිකාව පිළිබඳව සරලව පැහැදිලි කළොත් විවිධ දේ සඳහා අප තුළ අස්වාභාවිකව හට ගන්නා බිය, භීතිකාව (Phobia) ලෙසින් මානෝ විද්යා නුකූලව හඳුන්වයි. සෑම පුද්ගලයෙකු තුළම දක්නට නොලැබෙන මෙවැනි තත්ත්ව ඇතැමුන් තුළ පමණක් දක්නට ලැබීම තවත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, කැරපොත්තන්ට අප බියක් නොදක්වයි. ඊට හේතුව, අප හොදාකාරවම ඒ සතා අපට හානිදායක නොවන බව...

රැකියාව නිසා හටගන්නා ආතතිය

♠ Posted by ආලෝකය
රැකියා ආතතියෙන් මිදෙන්නටම    (ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.) වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර සඳහා මා වෙතට යොමු කළ පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය. මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක්...

දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

♠ Posted by ආලෝකය
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා (විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි) ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය. මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය. මේවා එකිනෙක සලකා බැලීමේ දී (1) පාසල් යාමට මැළිවීම මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය. (2) සහෝදර ගැටුම් පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන...

බෞද්ධ මනෝවිද්‍යාව

♠ Posted by ආලෝකය
බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්ද What is Buddhist Psychology? මනෝවිද්‍යාව මෙන්ම බුදුදහමද මනස මත පදනම් වූ දර්ශනයකි. නූතන මනෝවිද්‍යා නිර්වචනයන් හා එකඟ වන බුදුදහම ඒ හා සමානම නිර්වචනයන් දැක්‌විය හැක. විශේෂයෙන් හැසිරීම හා මනස බුදුදහමේද ප්‍රධාන සංකල්පයන්ය. "චිත්තෙන නීයති ලොකො" සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන බවත් "මනෝ පුබ්බංග මා ධම්මා" මිනිස්‌ මනස සියල්ලම පෙරටුකොට සිටින බවත් "චෙතනාහං භිCඛවේ කම්මං වදාමි, චෙතයිJවා කම්මං කරොති කායෙන වාචාය මනසාය" සියලුම කායික වාචසික මානසික යන සියල්ලටම මනස බලපාන බව මෙහි අදහසයි. සිතීම මානසික ක්‍රියාවලියක්‌ වන අතර එය සියලුම කායික ක්‍රියාවලටද බලපෑමක්‌ ඇති කරයි. බුදුදහමෙහි ත්‍රිපිටකය කියවන විට එහි ඇති මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම සෑම තැනකම පාහේ සොයා ගත හැකිය. විශේෂයෙන් ථෙරගාථා ථෙරිගාථාවලදී මානසික පීඩනයන්ගෙන් සහ ආතතියෙන් වෙලී සිටි භික්‍ෂු භික්‍ෂූණීන් ඉතා උද්දාමයෙන් ප්‍රීතියෙන් යුතුව බුදුදහම නිසා එයින් මිදුන ආකාරයද දක්‌වා ඇත. එසේම ජාතක කථාවලද මනෝවිද්‍යාත්මක ලක්‍ෂණද මනෝචිකිත්සක ලක්‍ෂණද මනෝප්‍රතිකාරද ඉතා පැහැදිලි ලෙස දැක්‌විය හැක. දොස්‌තර D. V....

නිතරම බොරැ කියන්න හිතෙනවද ? මෙම ලිපිය කියවන්න

♠ Posted by ආලෝකය
කට ඇරියොත් බොරු කීම මානසික රෝග ලක්ෂණයක්ද? විසි හතර හැවිරිදි තරුණයකු මනෝ වෛද්‍ය වාට්ටුවට එවා තිබුණේ රෝහල් කායික රෝග වාට්ටුවකිනි. කායික රෝග වාට්ටුවට ඇතුළත් කිරීමට හේතුව ඔහු කියූ ආකාරයට නම් නොදන්නා පිරිසක් පහර දීමය. මේ තරුණයාගේ නාසයෙන් වරින්වර රුධිරය ස්වල්පය බැගින් පිට වූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔහුට කායික රෝගයක් ඇති බව අනාවරණය වූයේ නැත. එසේම ඔහු රෝහල්ගත වීමට අදාළව බරපතළ පහර වැදීමක්ද සිදුව නැති නිසා ඔහුගේ මේ සියලු තත්ත්වයක් සලකා බලා මානසික රෝග වාට්ටුවට ඔහු මාරු කර තිබිණි. මේ රෝගියාගේ පියාගෙන් විස්තර විමසද්දී ඔහු කීවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. එම පියා පැවසූ අන්දමට වයස අවුරුදු දහසයේ පමණ සිට මේ තරුණයා විශාල වශයෙන් බොරු කියන්නට පටන් ගෙන ඇත. පාස‍ලේ එක එක දේවල්වලට ගුරුවරුන් නියම කළ බව කියමින් මුලින් ඔහු නිතර නිතර ගෙදරින් මුදල් ඉල්ලාගෙන ගොස් තිබේ. පසුව හෙළි වූ පරිදි ඔහු එලෙස ඉල්ලා ගෙන යන මුදල්වලින් කර ඇත්තේ විවිධාකාර වූ රසවත් ආහාර වර්ග ගැනීමය.පුතු බොරු කියා මුදල් ඉල්ලා ගන්නා බව පසුව මේ දෙමාපියන්ට හෙළිවීම නිසා ඔවුන් පුතුට මුදල් දීම අතිශයින්ම...

භාවනාව සහ මානසික සුවය

♠ Posted by ආලෝකය
ලෙඩ රෝග ගණනාවකට සුවය සලසන භාවනාව භවනාවන් යොදා ගනිමින් රෝග සුව කිරීමට ඇති අවස්ථා පිළිබඳ මේ වන විටත් බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. භාවනාව මගින් රෝග ගණනාවක් සුවපත් කළ හැකි බව මේ වන විටත් බටහිර විද්‍යාඥයින් විසින් සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. මිනිසාගේ මනස අවිවේකිය. අවිවේකි බව නිසා මනස රෝගී වේ. මනස රෝගී වූ විට සිරුරද රෝගී වේ. මිනිස් මනසේ නිරන්තරයෙන් ගලා යන සිතුවිලි ධාරා යහපත් කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. භාවනාව යනු මනස පුහුණු කිරීමයි. මනස පාලනය කරමින්, සැහැල්ලු කරමින්, ක්‍ෂය වූ මනස ප්‍රකෘතියට පත් කිරීම භාවනාවෙන් සිදු වේ. එසේ නම් භාවනාව මගින් රෝග සුව වන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් පැහැදිලි කෙරේ. භාවනාව මගින් ලෙඩ රෝග සුවවන ආකාරය ශාරීරික රෝග සුවවන ආකාරය භාවනාව මගින් සිදුවනුයේ සිතෙහි විසිරීම අඩුවීම හෝ නතරවීමයි. සිතෙහි මතුවන නොයෙකුත් සිතුවිලි ධාරා නතර වන නිසා, මනසෙහි නිහඬතාවක් මතු වේ. මේ නිහඬතාව නිසා තමාට සැනසීමක් සහ පී‍්‍රතියක් දැනේ. මේ පී‍්‍රතිය නිසා මොළයේ පිටියුටරි ග්‍රන්ථයෙන් “ එන්ඩෝපින් “(Endorphin) නමැති හෝමෝනයක් ස්‍රාවය වන බව විද්‍යාඥයන් සොයා ගෙන...

මානසික ආතිතිය නිසා වැළදෙන කායික රෝග

♠ Posted by ආලෝකය
මානසික ආතතිය දිගින් දිගටම පැවතීමෙන් ඇදුම ගැස්ට්‍රයිටීස් හැදෙන්න පුළුවන් මානසික ආතතිය කායිකව ඔබ රෝගියෙක් කරන බව මේ වන විට ඔබ හොඳින්ම අසාපුරුදු දෙයක්. ඇත්තෙන්ම මානසික ආතතිය ලෙසින් හඳුන්වන්නේ කුමක්ද? එය රෝග තත්ත්වයක්ද? බොහෝ දෙනෙක් මෙය රෝග තත්ත්වයක් ලෙසින් හැඳින්වුවද ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ ප්‍රකාශ කරන්නේ මානසික ආතතිය යනු හුදෙක්ම රෝගී තත්ත්වයක් නොවන බවයි. එසේ නම් මානසික ආතතිය යනු කුමන ආකාරයේ මානසික තත්ත්වයක්ද මනෝ විද්‍යානූකූලව ඊට හිමිවන ප්‍රතිකාර විධි මොනවාදැයි අපි විමසා බලමු. මනෝ විද්‍යාව යනු, මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය හා චර්යාව පිළිබඳව හදාරණු ලබන විද්‍යාත්මක විෂයකි. මානසික ක්‍රියාකාරීත්වය හා චර්යාව වෙනස්වීම නිසා මනස, ශරීරය හා චර්යාව ආශි‍්‍රතව ඇතිවන අස්වාභාවික හැසිරීම් හඳුනාගෙන ඒවාට යම් අගයක් ලබාදී නිගමනවලට පැමිණීම මෙහිදී සිදුවේ. කෙසේවෙතත් එම අස්වාභාවික තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරවීම හා ඒවා කළමනාකරණය කිරීමට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලබයි. මානසික ආතතිය යනු කුමක්ද? මනෝ විද්‍යාත්මක විස්තර කරන විශේෂිත මානසික තත්ත්වයක් ලෙස මානසික ආතතිය...

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.