-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

සමාජ භීතීකාව

♠ Posted by ආලෝකය
සමාජය ඉදිරියේ තම හැකියාවන් පෙන්වීමට බයද?

යම් යම් ක්‍රියාවලට ඇතැම් පුද්ගලයන්ට විවිධ ඉරියවි වලට පමණක් නොව ඇතැම් සතුන් උස් ස්ථාන වනාදිය පිළිබඳව අප කා තුළත් බියක් ඇතිවීම සාමාන්‍යයි. එසේ වුවත් සමහර අවස්ථා වලදී මෙම බිය අසාමාන්ය‍ වන අවස්ථා නැත්තේම නොවේ. ඒවගේම ඒවා මනෝ විද්්‍යාත්මකව රෝග වශයෙන් ද සැලකීමට ද හැකිය. ඒවා භීතිකා (Phobia) වශයෙන් හඳුන්වන අතර සෑම පුද්ගලයෙකු තුළම මේවා හට නොගැනීම තවත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙවැනි භීතිකා විවිධාකාර වෙනවා පමණක් නොව ඊට යෙදිය යුතු ප්‍රායෝගික ප්‍රතිකාර ද පවතී. ව්‍යවහාරික මනෝවෛද්‍ය නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලද්දේ මෙම මානසික ගැටලුව පිලිබදව ඔබ වෙත යමි අවබෝධයක් ලබා දීමෙ අරමුණෙනි.

භීතිකාව පිළිබඳව සරලව පැහැදිලි කළොත්

විවිධ දේ සඳහා අප තුළ අස්වාභාවිකව හට ගන්නා බිය, භීතිකාව (Phobia) ලෙසින් මානෝ විද්යා නුකූලව හඳුන්වයි. සෑම පුද්ගලයෙකු තුළම දක්නට නොලැබෙන මෙවැනි තත්ත්ව ඇතැමුන් තුළ පමණක් දක්නට ලැබීම තවත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, කැරපොත්තන්ට අප බියක් නොදක්වයි. ඊට හේතුව, අප හොදාකාරවම ඒ සතා අපට හානිදායක නොවන බව දන්නා නිසයි. නමුත් ඇතැම් අය කැරපොත්තෙකු දැකීමට පවා බියයි. එවැනි තත්ත්වයක්, අස්වාභාවික, හේතු රහිත බියක් නිසා මනෝ වෛද්‍ය විද්්‍යාත්මකව භීතිකාවක් ලෙස හඳුන්වයි. මෙවැනි භීතිකාවන්ට ගොදුරු වූ සමාජයේ සිටින පුද්ගලයන්ගෙන් බහුතරයක් දෙනා එක්තරා මානසික ආතතියකින්ද පෙළෙයි. මෙවැනි, මානසිකව රෝගී බවට පත්වූ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ද ඊට බලපා ඇත. එවැනි අයගේ පෞරුෂත්වයට ද ඒ තුළින් බලපෑම් ඇති කරන අතර ජීවිතය විවිධාකාර වූ පසුබෑම් වලටද, ඔවුන් ලක්වේ. මේ භීතිකා අතුරින් බහුලවම ඇත්තේ සමාජ භීතිකාවයි. (Sosial Phobia )


Sosial Phobia යනු

සමාජ භීතිකාව සහිතවූ අයගේ භීතිකා සාධකය. (Phobic factor) වශයෙන් හඳුන්වන්නේ සමාජයයි. මෙවැනි පුද්ගලයන් තුළ දැකගත හැකි ලක්ෂණ පහත ආකාරයට පැහැදිලි කළ හැකියි. ඔවුන්ට සමාජය හෝ පුද්ගලයන් ඉදිරියේ කථා කිරීම, විවිධ ක්‍රියා කිරිම, රඟපෑම, ක්‍රිඩා කිරීම, අදහස් ප්‍රකාශ කිරීම ආදි ක්‍රියාවන් කළ නොහැකිය. මේ තුළින් අදාළ පුද්ගලයා තුළ දැඩි මානසික ආතතියක් හට ගැනේ. මෙය මානසිකව පමණක් නොව කායිකවද ඔවුන්ගේ සෞඛ්යේ පිරිහීමට හේතුවෙයි.


ඔවුන්ට ඇතිවන මානසික ආතතිය පාලනය කරන්නේ කුමන ක්‍රියා මඟින්ද?

මෙවැනි මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන අය නිරන්නතරයෙන් ඉන් ඉවත්වීමට උත්සාහ ගනිති. නමුත් ඇතැමුන්හට එසේ ඉවත් කිරීමට නොහැකි වූ විටදී දැඩි ආයාසයක් දරමින් මනසින් එම අවස්ථාව ගැන අමතක කර වෙනත් දේ සිතමින්, සිත සනසා ගැනීමට උත්සාහ ගනිති. කෙසේවෙතත් මේ සියලු ක්‍රියාවන් තාවකාලික පිළියම්ය. නැවතත් ඔවුන්ට එම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන විටදී මානසික ආතතිය යලි ඉස්මතු වීමට පටන් ගනී. ඒ අතරින් ඇතැම් පිරිසක් ඖෂධ ලබා ගැනීම, මත් වතුර පානය, දුම්පානය වැනි ක්‍රියා මඟින් ආතති පාලනයට උත්සාහ ගනිති. නමුත් ඒවාද තාවකාලික පිළියම් වේ. ඒ නිසාවෙන් අවසානයේ වෙනත් රෝගී තත්ත්වයන් හා අපහසුතා ඇතිවීමට හැකියි.


මේ සඳහා පවතින මනෝ විද්්‍යාත්මක ප්‍රතිකාර මොනවාද?

මනෝ විද්යාතත්මක ප්රෝතිකාර මඟින් මේ තත්ත්වය පහසුවෙන් සුවකර ගත හැකිය. ඊට සුදුසුකම්ලත් මනෝ චිකිත්දකවරයෙකුගෙන් සහාය ලබා ගත හැකියි. කෙසේ වෙතත්, තමන්ට එසේ ප්රාතිකාර ලබා ගැනීමට අවස්ථාවක් නොමැති නම් අවස්ථාවක් ලැබෙනතුරු තමා විසින්ම ඒ තත්ත්වය පාලනයට කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් සමාජභීතිකා තත්ත්වයක් ඇති අයෙකු සමාජීය ක්‍රියා සඳහා යොමු වූ විටදී මනස හැකි තරම් සන්සුන් කර ගැනීම පළමුව සිදු කළ යුතුයි. ඒ සඳහා තමා විසින් තමන්ට ආවේනික ක්‍රම යොදාගත යුතුයි. (මත් වතුර, දුම්පානය, වෙනත් ඖෂධ ගැනීම මීට අයත් නොවේ.) මෙවැනි අවස්ථාවකදී සිතට ගලාගෙන එන අස්වාභාවික බිය හා සිතුවිලි වලට විරුද්ධව සිතන්නට පටන් ගත යුතුයි.
මෙහිදී මනස සන්සුන් කර ගැනීමද ඉතා වැදගත්. කෙසේ වෙතත් එවැනි සිතුවිලි සිතින් ඉවත්වනතුරුම එසේ කළ යුතුයි. මෙමඟින් ඇතිවන හැකියාව නිසා සිතට ඇතිවන භීතිය පාලනය කරගත හැකියි. ඉහත පියවරට අමතරව තමන් අතීතයේදී ලද පරාජයන්, මුහුණ දුන් ගැටලු මතකයෙන් සිතට වද දෙන විටදී ඒ සිතුවිලි වලට එකඟ නොවී ඒවාට විරුද්ධ වෙමින් ක්රි යාකිරීම තුළින්ද භීතිකාවෙන් යම් ආකාරයකට මිදීමට හැකියි. එසේම තමාගේ මනසින් සමාජය ඉදිරියේ කථා කිරීම හෝ ක්රි්යාවන් කිරීම ආදීය මඟින් අත්දැකීම් ලබාගත යුතුයි. 

මීට අමතරව තමන් කරනු ලබන ඉදිරිපත් කිරීම් පුද්ගලයෙකුගේ කීපදෙනෙකු ඉදිරියේ කරමින් ඊට පෙර සූදානමක් ලබා ගැනීමද භීතිකාව අඩුකර ගැනීමේ කදිම ක්රි යාමාර්ගයක්. තමාගේ හැකියාවන් ගැන දිගින් දිගටම සිතමින්, තමන් ලබන අත්දැකීම් ගැන සතුටු වීමද භීතිකාව නැති කර ගැනීමට හොඳ මඟක්. එවැනි ක්රලමවේද මඟින් අදාළ අවස්ථාවට සතුටින් සැහැල්ලුවෙන් තමාට ඇතිවන භීතිකාව පාලනය කරගෙන මුහුණ දීමට හැකිවීමද විශේෂිතයි. ඇතැම් විටෙකදී සෙසු අයගෙන් ලද භයානක අත්දැකීම් සිතට නොගැනීමද භීතිකාව පාලනයට හොඳ මඟක් විශේෂයෙන් පිරිසක් ඉදිරියේ කතාබහ කරන විටකදී තමා පිළිබඳ ආත්ම විශ්වාසය, තමන් කරන කථාව හෝ ඉදිරිපත් කිරීම පිළිබඳ විශ්වාසය, නිවැරදි අවබෝධය මෙන්ම සූදානමද මෙම භීතිකා තත්ත්වය නැතිකර ගැනීමට හොඳ මඟක්. තවද අතීතයේදී තමන් මෙවැනි තත්ත්ව ආශිර මෙතව ලද සාර්ථකත්යන් ගැන සිතන්න. එමඟින් එදා මෙන් ඉදිරියේදී තමාට මුහුණ දීමට සිදුවන තත්ත්වයෙන් ජයගත හැකි බවද සිතන්න. එසේම තමාගේ බය පිළිබඳව නිතරම සිතීම ඒ පිළිබඳ කතාබහ කිරිම නොකළ යුතුයි. ඒ වගේම එය නියමිත මනෝ විද්යාත්මක ප්‍රතිකර අනුව හා ක්‍රමවේද අනුව කිරීම ඉතාම යෝග්‍ය වේ.

මෙම ක්‍රමවේද තමාටම කරගත හැකිය. නමුත් ස්ථාවර හා ශක්තිතමත් මානසික තත්ත්වයක් ලබා ගැනීමට අවශ්ය‍ නම් ඒ සඳහා නියමිත මනෝ විද්යාාත්මක ප්‍රතිකාර මාලාවක් ලබාගත යුතුයි. මෙහිදී භීතිකාවේ ප්‍රමාණය, මානසික තත්ත්වය, ශරීරයේ මතුවන සෞඛ්යා වෙනස්වීම් අධ්‍යාපනික මට්ටම අවබෝධ ආකල්ප ආදියද මනෝ විද්යාිත්මක ඇගයීමකට ලක් කළ හැකිය. ඉන් අනතුරුව අතීත අත්දැකීම් ආදිය ගැනද වයස, ආගමික පසුබිම, සමාජ මට්ටම ගැනද සැලකිලිමත් වී ක්‍රමවත්ව මෙම ප්‍රතිකාරද ලබා ගැනීමෙන් ස්ථීරව මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට හැකිය.

රැකියාව නිසා හටගන්නා ආතතිය

♠ Posted by ආලෝකය
රැකියා ආතතියෙන් මිදෙන්නටම 
 
(ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)

වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර සඳහා මා වෙතට යොමු කළ පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.

මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.

පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.

මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.

ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.

චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.

මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.


මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී

1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.

2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.

3. නිවාඩු නොගනී.

4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.

5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.

6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.

7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.

මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.

පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.

ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.

පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.

මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින්
කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.

දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

♠ Posted by ආලෝකය
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

(විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි)
ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.

මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය.

මේවා එකිනෙක සලකා බැලීමේ දී

(1) පාසල් යාමට මැළිවීම


මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය.

(2) සහෝදර ගැටුම්


පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන සැලකිල්ල නුරුස්නා දරුවන්, තමන් කෙරේ අවධානය යොමු කර ගැනීමට විවිධ දේ කිරීමට පෙලඹේ. බාල සහෝදරිය හෝ සහෝදරයාට හිංසා කිරීම, පහරදීම්, ආදිය ද තමන්ට ඇති අසනීපයන් ගැන මවුපියන්ට ව්‍යාජ පැමිණිලි කිරීම ආදිය දැකිය හැකිය. මවුපියන් දරුවා වෙනුවෙන් ආකල්ප වෙනස්කොට ආදරය පෙන්වීම හා දරුවා සමඟ නිතර කාලය ගත කිරීමට ඉඩ සැලැසීමෙන් ඒවා මඟ හරවා ගත හැකි වේ.

(3) කතා කිරීමේ දුර්වලතා

සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.

(4) නින්දේදී මුත්‍රා පහවීම


දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කළ හැකිය.

(5) නින්දේදී ඇවිදීම හෝ බිය වීම

මෙය ද ළමා වියේ ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි.

(6) අසාමාන්‍ය හැසිරීම් රටා

සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ.මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.

(7) පාසල් කටයුතුවල දුර්වලතා

මේ පිළිබඳ මාපියන් විමසිලිමත් විය යුතු වේ.පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.

(8) දොම්නස් බව

ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.

(9) අධි ක්‍රියාකාරීත්වය

සමහර ළමයින්ට යමක් කෙරෙහි අවධානය රඳවාගෙන සිටීම අපහසුය. ඇත්ත වශයෙන්ම මෙය සාමාන්‍ය කෙළිලොල් බවක්ද, ඉන් එහා ගිය තත්ත්වයක් ද යන්න පැහැදිලිව වටහාගත යුතුය.අධි ක්‍රියාකාරී තත්ත්වයක් නම් ඖෂධමය ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකිය.

(10) මන්ද බුද්ධිකභාවය


සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.

කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. ඒ හැරුණු විට ළමා මානසික ගැටලු සඳහාම වෙන්වූ ‘විශේෂිත සායන’ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වේ.

මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.

දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය.

බෞද්ධ මනෝවිද්‍යාව

♠ Posted by ආලෝකය
බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්ද
What is Buddhist Psychology?


මනෝවිද්‍යාව මෙන්ම බුදුදහමද මනස මත පදනම් වූ දර්ශනයකි. නූතන මනෝවිද්‍යා නිර්වචනයන් හා එකඟ වන බුදුදහම ඒ හා සමානම නිර්වචනයන් දැක්‌විය හැක. විශේෂයෙන් හැසිරීම හා මනස බුදුදහමේද ප්‍රධාන සංකල්පයන්ය. "චිත්තෙන නීයති ලොකො" සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන බවත් "මනෝ පුබ්බංග මා ධම්මා" මිනිස්‌ මනස සියල්ලම පෙරටුකොට සිටින බවත් "චෙතනාහං භිCඛවේ කම්මං වදාමි, චෙතයිJවා කම්මං කරොති කායෙන වාචාය මනසාය" සියලුම කායික වාචසික මානසික යන සියල්ලටම මනස බලපාන බව මෙහි අදහසයි. සිතීම මානසික ක්‍රියාවලියක්‌ වන අතර එය සියලුම කායික ක්‍රියාවලටද බලපෑමක්‌ ඇති කරයි. බුදුදහමෙහි ත්‍රිපිටකය කියවන විට එහි ඇති මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම සෑම තැනකම පාහේ සොයා ගත හැකිය. විශේෂයෙන් ථෙරගාථා ථෙරිගාථාවලදී මානසික පීඩනයන්ගෙන් සහ ආතතියෙන් වෙලී සිටි භික්‍ෂු භික්‍ෂූණීන් ඉතා උද්දාමයෙන් ප්‍රීතියෙන් යුතුව බුදුදහම නිසා එයින් මිදුන ආකාරයද දක්‌වා ඇත. එසේම ජාතක කථාවලද මනෝවිද්‍යාත්මක ලක්‍ෂණද මනෝචිකිත්සක ලක්‍ෂණද මනෝප්‍රතිකාරද ඉතා පැහැදිලි ලෙස දැක්‌විය හැක. දොස්‌තර D. V. J. Harischandra ලියා ඇති Phychiatric Aspects of Jataka Stories යන පොතෙහි ඒ සියලුම කරුණු තාර්කිකව ද සංසන්aදනාත්මකවද විස්‌තර කර ඇත. එහිදී මනෝචිකිත්සක අපිළිවෙලවල් ප්‍රතිකාර අෙච්තනික මනසට බලපෑම් කරන කරුණු ජාතක කථා මුල්කරගත් ප්‍රතිකාර ක්‍රම පොතක සඳහන් ප්‍රතිකාර ක්‍රම Psychodrama මනෝමය නාට්‍යය යනාදිය එම පොතෙහි ඉතා ක්‍රමවත්ව විග්‍රහ කර ඇත. D. V. J. Harischandra පොතට පෙරවදනක්‌ ලියන Dr. D. N. Athukorale බුදුදහමෙන් පෙන්නුම් කරන මනෝවිද්‍යාත්මක, මනෝචිකිත්සක ක්‍රම පැහැදිලි ලෙස දක්‌වා ඇත.

"ජාතක කථාවල ඇති මනෝරෝග අපිළිවෙල ගැන කියවීමට ලැබීම අප මවිත කරවන සුළුය. බJධනමොක්‌ඛ, සමුග්ග ජාතකයන්හි එන තම සහකරු / සහකාරිය පිළිබඳ ඊර්ෂ්‍යාව උම්මග්ග, කුස, මට්‌ටකුණ්‌ඩලී ජාතක කථාවල එන ශෝක ජනක ප්‍රතික්‍රියා, ගුත්තිල ජාතකයෙහි ආත්ම අභිමානය ගිලිහීමෙන් සියදිවි නසා ගැනීමේ හැඟීම් පහළවීම, මට්‌ටකුණ්‌ඩලී ජාතකයේදී වේදනාව පිළිබඳ රෝග ලක්‍ෂණද, කමනී සහ කේසව ජාතකවලදී මනෝජ අතීසාරයද පෙන්නුම් කරති. මානසික ඌණ වර්ධනය පිළිබඳ ලක්‍ෂණ අචරී සහ නන්ගුලීස ජාතක වලින්ද පෙන්නුම්කරති. අද කාලයේ වඩාත් ප්‍රචලිත ලිංගික ළමා අපචාර ලක්‍ෂණද විස්‌තරාත්මකව චුල්ල නාරද සහ පරන්තප ජාතක වලින්ද දක්‌වයි. ලිංගිකත්වයේ ප්‍රශ්නද, ලිංගික අනන්‍යතාවද, විවිධ ලිංගික ආශාවන්ද උයද භද්ද සහ උම්මග්ග යන ජාතක වලින්ද අධික ලිංගික ආශාවන් කුනාල ජාතකයෙන්ද පන්නික සහ සෙග්ගු ජාතක වලින් පෙන්වන්නේ නෑයන් සමග මෙවුන්දමෙහි යෙදීම වන අතර ඉතිපිසෝ ජාතකයේදී දැක්‌වෙන ආකාරයට ස්‌ත්‍රී පුරුෂයන්ගේ විවිධ ලිංගික ආශාවන්ද දැක්‌විය හැක. මෙවැනි ගැඹුරුවූත් සංවේදීවූත් මාතෘකා මෙම ජාතක කථාවල ගැබ්ව ඇත.

එසේම ප්‍රාර්ථනාවන් දෙකක්‌ ඔහුගේ පොතෙහි සඳහන් කර ඇත. ජාතක කථා පුනර්භවය පිළිගනී. මනෝචිකිත්සකයින් පුනර්භවය පිළිගත්තද නැතද මගේ පළමුවන අපේක්‍ෂාව පුනර්භවය සිද්ධාන්තයක්‌ නම් අනාගත සෑම පුනර්භවයකම මා නැවත ඉපදිය යුත්තේ මනෝචිකිත්සකයකු වීමටය. මගේ දෙවන අපේක්‍ෂාව ඔබද නැවත උපදින්නේ නම් ඔබ සෑම කෙනකුටම මගෙන් උපදෙස්‌ ලබාගැනීමට හැකි නොවේවා යන්නයි."

එසේම සමහර ජාතක කථාවල එන සංකීර්ණ ලිංගික ප්‍රශ්න ප්‍රොයිඩ් සඳහන් කළ ඔඩිපස්‌ සංකීර්ණයන් හි සහ ඉලෙක්‌ට්‍රො සංකීර්ණයන් හා සමාන වන බව අවධාරණයෙන් යුතුව පැවැසිය හැක. ප්‍රොයිඩ් විසින් ලියන ලද "The interpretation of Dreams" සිහින අර්ථකථන යන පොතෙහි ඇති කරුණුත් ජාතක පොතෙහි ඇති සිහින අර්ථකථනත් බොහෝ සමානතාවක්‌ දක්‌වයි. මහා සුපින ජාතකය උම්මග්ග ජාතකය ඉතා හරවත් ලෙස සිහින අර්ථ කථනයන් දක්‌වා ඇත. එසේම දරීමුඛ ජාතකයේදී මනෝචිතිත්සක අපිළිවෙල අටක්‌ දක්‌වා ඇත.

1. කාමඋන්මාදය

2. ක්‍රෝධ උන්මාදය

3. දර්ශන උන්මාදය

4. මෝහ උන්මාදය

5. යක්‍ෂ උන්මාදය

6. පිත උන්මාදය

7. සුර උන්මාදය

8. ව්‍යසන උන්මාදය

භික්‍ෂු ජගදීප් කශ්‍යප් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය ගැන බෞද්ධ නිර්වචනය යන්නෙන් ලිපියක්‌ ලියමින් ප්‍රොයිඩ් මනස ගැන කියන ලද සංකල්පයන් බොහොමයක්‌ම බෞද්ධ සංකල්පයන් සමග මනාව ගැලපෙන බව දක්‌වා ඇත. Buddhsit Conception of mind is wonderfully parallel to the psychoanalysis of Dr. Freud මනස පිළිබඳ බෞද්ධ සංකල්පය මනෝවිද්‍යාඥ ප්‍රොයිඩ්ගේ විශ්ලේෂණවාදය හා මනාව ගැලපේ.

දීඝ නිකාය මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව කය ගැන ප්‍රායෝගිකව මෙනෙහි කිරීම තුළින් මනෝභෞතිකමය සැනසීමක්‌ එසේම ස්‌ථාවර අවධියකුත් ඇති කරවයි. සෙච්තනිකත්වය වැඩිහිටි පරීක්‍ෂකයකු නම් අෙච්තනිකත්වය අකීකරු ළමයකු වන අතර එම ළමයා මැඬ ක්‍රියා කළ යුතුය. චිත්තානුපස්‌සනාව මගින් වෙන අයකු වෙත නොගොස්‌ එමගින් හැසිරීම තමා විසින්ම විශ්ලේෂණය කරගන්නා අයුරු දක්‌වයි. එමගින් තමා විශ්ලේෂණය කර ගැනීමට උනන්දුවේ. ශක්‌තිමත් දැකීමක්‌ තුළින් ගැඹුරු දැක්‌මක්‌ ඇති කරගෙන ඒ තුළින් සිත තුළට යා හැක. දීඝනිකායේ සතිපට්‌ඨාන සූත්‍රයේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද තාක්‍ෂණික ක්‍රම මගින් අද කාලයේ ප්‍රොයඩියානු මනෝවිශ්ලේෂණවාදය හදාරණ පර්යේෂකයන්ට විශාල වශයෙන් වාසි ලබාගත හැකි බවට සැකයක්‌ නොමැත.

බුදුදහමෙහි මනෝවිද්‍යාත්මකව බැලිය හැකි ප්‍රධානම පැත්ත නම් අභිධර්මයයි. අභිධර්මයෙහි සිතෙහි සියලුම ප්‍රභේදයන් මනාව විග්‍රහ කරන අතර එහි සංකීර්ණයත්වයද පැහැදිලි ලෙස පෙන්වා දී ඇත. එහිදී චිත්ත චෛතසික රූප නිබ්බාන ලෙස පරමාර්ථ ධර්ම කරුණු 4 ක්‌ තුළ විස්‌තර කිරීමට යෙදෙයි.

එසේම බුදුදහමෙහි ප්‍රධාන ධර්ම සංකල්ප අතර චතුරාර්ය සත්‍ය අනිවාර්යෙන්ම මනෝවිද්‍යාත්මක ලක්‍ෂණයන්ගෙන් යුතුවූවකි. දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය එහිදී විස්‌තර කර ඇත. දුක යනු මානසික ක්‍රියාදාමයක්‌ වන අතර දුක විස්‌තර කරනුයේද මිනිස්‌ අත්දැකීම් ආශ්‍රයෙනි. "ජාතිපි දුCඛා ජරාපි දුCඛා ව්‍යාධි දුඛා මරණම්පි දුඛා අප්පියෙහි සම්පයෝගෝ දුඛා පියෙහි විප්පයෝගො දුඛා යම් පච්ඡං න ලබති තංපි දුඛං" ඉපදීම නිසා සියලුම මානසික රෝග ලෙස දුක්‌ ආදිය සෑම කරදරයක්‌ම ඇතිවේ. එමනිසා බුදුදහමේ පරම අපේක්‍ෂාව නම් නැවත ඉපදීමට හේතුවන තෘෂ්ණාව නැතිකර නිවන ලබාගැනීමයි. ඉපදීම නිසා ජරාවට රෝගාබාධවලට ගොදුරුවේ. එ සියල්ලම දුක්‌ය. එසේම අපි අකැමැති අය සමග ආශ්‍රයට ලැබීමද කැමැති අය අපගෙන් වෙන්වීමද බලාපොරොත්තු දෑ නොලැබීමද යන සියලු දේ දුක්‌ය. කෙටියෙන් ගත්කළ මුළු පඤ්චස්‌ඛන්ධයම දුකක්‌ය. "සංත්තේන පඤ්චුපාදානාක්ඛන්ධා දුක්ඛා" පඤ්චස්‌ඛධයනම් රූප, වේදනා, සඤ්, සංඛාර, විඤ්න යනුයි. එසේම අද කාලයේ බොහෝ සියදිවි නසා ගැනීම්වලටද හේතු වී ඇත්තේ ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය චණ්‌ඩභාවයට පෙළඹෙන අතර එමගින් විසඳුම් නොලැබීම තුළින් සියදිවි නසාගැනීම දක්‌වා දිවෙයි. එසේම දුක නැතිකර ගැනීමටද බුදුන්වහන්සේ ආර්ය මාර්ගයක්‌ පෙන්වා දී ඇත. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යහපත් දැකීම, යහපත් සංකල්පනාවන්, හොඳ වචන, හොඳ කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, හොඳ සිහිය සහ සමාධිය යනු මේ වැදගත් අංග අටයි. එසේම යහපත් ලෙස සිහිය පවත්වා ගැනීමට නොහැකිවීම තුළින් සමාජානුයෝජනයේදී ප්‍රශ්න ඇති වන අතර සමාධිය නැතිවීම තුළින් සමාජ මනෝවිද්‍යාවට අනුව සමාජ විරෝධි පෞරුෂFව ලක්‍ෂණද ඇතිවීමට ද පුළුවන. මේ සෑම කාරණයක්‌ දිහාම තාර්කිකව බලන කල අපට හැඟෙන්නේ බුදුදහම තුළ මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන් පිළිබිඹු වන බවය.

අභිප්‍රේරණ සිද්ධාන්තයන්ද මනෝවිද්‍යාවේදී සාකච්ඡාවට ගැනෙන අතර බුදුදහම තුළද අභිප්‍රේරණ සිද්ධාන්ත දැකිය හැකිය. දක්‌වා ඇත්තේ පුද්ගලයාට අවශ්‍යතා බොහොමයක්‌ ඇති බවය. විශේෂයෙන් මනෝවිද්‍යාඥ මස්‌ලෝට අනුව ඔහුගේ අවශ්‍යතාවන්ගේ පිළිවෙළ මෙසේය.

Need for Self actualizations

ආත්මාවබෝධය පිළිබඳ අවශ්‍යතාවය

Esteem needs

ආත්මාවභිමානනීය අවශ්‍යතාවය

Belongingness needs

Love needs

ආදරය සහ හැඟීම් සම්බන්ධ අවශ්‍යතාවය

Safety needs

ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය

Physiological needs

ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවය

නිතරම බොරැ කියන්න හිතෙනවද ? මෙම ලිපිය කියවන්න

♠ Posted by ආලෝකය
කට ඇරියොත් බොරු කීම මානසික රෝග ලක්ෂණයක්ද?

විසි හතර හැවිරිදි තරුණයකු මනෝ වෛද්‍ය වාට්ටුවට එවා තිබුණේ රෝහල් කායික රෝග වාට්ටුවකිනි. කායික රෝග වාට්ටුවට ඇතුළත් කිරීමට හේතුව ඔහු කියූ ආකාරයට නම් නොදන්නා පිරිසක් පහර දීමය. මේ තරුණයාගේ නාසයෙන් වරින්වර රුධිරය ස්වල්පය බැගින් පිට වූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද කිසිදු වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔහුට කායික රෝගයක් ඇති බව අනාවරණය වූයේ නැත. එසේම ඔහු රෝහල්ගත වීමට අදාළව බරපතළ පහර වැදීමක්ද සිදුව නැති නිසා ඔහුගේ මේ සියලු තත්ත්වයක් සලකා බලා මානසික රෝග වාට්ටුවට ඔහු මාරු කර තිබිණි.

මේ රෝගියාගේ පියාගෙන් විස්තර විමසද්දී ඔහු කීවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. එම පියා පැවසූ අන්දමට වයස අවුරුදු දහසයේ පමණ සිට මේ තරුණයා විශාල වශයෙන් බොරු කියන්නට පටන් ගෙන ඇත. පාස‍ලේ එක එක දේවල්වලට ගුරුවරුන් නියම කළ බව කියමින් මුලින් ඔහු නිතර නිතර ගෙදරින් මුදල් ඉල්ලාගෙන ගොස් තිබේ. පසුව හෙළි වූ පරිදි ඔහු එලෙස ඉල්ලා ගෙන යන මුදල්වලින් කර ඇත්තේ විවිධාකාර වූ රසවත් ආහාර වර්ග ගැනීමය.පුතු බොරු කියා මුදල් ඉල්ලා ගන්නා බව පසුව මේ දෙමාපියන්ට හෙළිවීම නිසා ඔවුන් පුතුට මුදල් දීම අතිශයින්ම සීමා කළහ. ඉන්පසු පුතු කළේ ගෙදරින් මුදල් සොරකම් කිරීමය. මේ ආකාරයට මුදල් සොරකම් කළ ඔහු පසුව ඒ මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත්තේය. ඉන්පසු ඔහු කරන්නට පටන් ගත්තේ වෙනත් සෙල්ලමකි. ජංගම දුරකථනයෙන් ඔහු තම නෑදෑයින්ට ඇමතුම් දී ‘අසවලා ඔයාට මෙහෙම කිව්වා’ ආදී වශයෙන් වෙනත් නෑදෑයකුගේ නමක් පවසා බොරු කේලම් ගොතා කීමය. එය බොරුවක් බව නොදැන එම නෑදෑයින් දබර කර ගන්නා විට මේ තරුණයා ඉන් මහත් ආශ්වාදයක් ලැබිය.ඔහු රැකියාවල්ද කිහිපයක් කර තිබිණි. ඒ හැම තැනකදීම ආයතන ප්‍රධානියාගේ හෝ වෙනත් අයගේ වැරදි කියමින් ඔහු රැකියාවෙන් නතර විය. කිසිදු රැකියාවක මාස තුනක කාලයක්වත් ඔහු රැඳී සිට නැත. තම පුතු ආයතන ප්‍රධානියා ඇතුළු අනෙක් අය ගැන බොරු චෝදනා කරන බව දෙමාපියන්ට හෙළිවී ඇත්තේ පසුවය.

තරුණයා පැවසූ අන්දමට ඔහු කිහිප වරක් සියදිවි නසා ගන්නට උත්සාහ කර තිබේ. නමුත් පියා කීවේ එවැනි කිසිවක් සිදු නොවූ බවය. මේ අතර ඔහු පිටරට යාමට තීරණය කර ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගිය ගමනකදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහරදී බිම ඇද දැමූ බව මේ
තරුණයා වෛද්‍යවරුන් හමුවේ කියා සිටියේය. නමුත් පියා කීවේ ඔහු දිගු කල්පනාවකට වැටී පාරේ ගමන් කරන විට මුලක හැපීි වැටී ඇති බවය. පියාගේ ප්‍රකාශය සත්‍ය බවට පිළිගත හැකි සාක්ෂි තරුණයා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුනට පැහැදිලිවම දැකගත හැකි වී තිබිණි. වැටීම නිසා එක අතක් තුවාල වීම මත ඔහු රෝහලට ඇතුළු කර තිබෙන්නේත් පියාය.මෙම තරුණයා අනෙක් අයට බොරුවක් ලෙස කෙසේවත් නොහැඟෙන පරිදි බොරු ගොතා කී අතර මුලදී මවුපියන්වත් එය විශ්වාස කළේ නැත.බොරු කියන අය එසේ කියන්නට පෙළඹෙන විවිධ හේතු තිබේ. එකක් නම් ලාභ ප්‍රයෝජන හා වාසි තකාය. තමන්ට කුමක් හෝ කරදරයක් සිදුවන්නට යන බව දැනෙන විටදීද සමහරු ඉන් ගැලවෙන්නට සිතා බොරු කියති. නමුත් එවැනි සාධාරණ පදනමක් නැතිව ‘කට ඇරියොත් බොරු ඇද බාන බේගල් මුත්තලා’ ද සිටිති.

මෙලෙස කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයකි. මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වයි. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පැවසීමය. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසාය.

ව්‍යාධික මුසාවාදය බොහෝ විටම හට ගන්නේ වයස අවුරුදු 16-18 වැනි තරුණ කාලයේදීය. කාන්තා පිරිමි දෙපිරිසටම හට ගත හැකි මේ මානසික ආබාධය ඇතැම් අවස්ථාවලදී වෙනත් කායික රෝගයක ලක්ෂණයක් ලෙසින්ද හට ගැනීමට ඉඩ තිබේ. අපස්මාරය, හිසට තදබල පහරක් වැදීම හෝ අනතුරක් සිදුවීමෙන් මොළයට හානි වීම, මොළයේ ඇතිවන ආසාදන වැනි රෝග තත්ත්වයන් මීට උදාහරණ වන අතර මෙහිදී ව්‍යාධික මුසාවාදය තත්ත්වය හට ගන්නේ එවැනි රෝගයකදී පසුකාලීනව ඇතිවන සංකූලතාවයක් ලෙසිනි.මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අසත්‍ය පැවසීමේ අවකාශය වැඩිය. නමුත් කලාතුරකින් එම පවසන දේවල්වල සත්‍යයේ ඡායා මාත්‍රයක්ද තිබිය හැකිය. ඒ කෙසේ වුවද මෙසේ පවසන්නේ රෝගියා විසින් සිතින් මවා ගන්නා ලද දේවල්ය. එහිදී අනෙක් අයගෙන් මීට යහපත් ප්‍රතිචාර ලැබේ නම් රෝගියා තමන් පවසන දෙයට තව තවත් බොරු ගොතා විස්තර කරන්නට පෙළඹෙනු ඇත. මෙවැනි අය රහතුන් ලෙස සලකමින් අනුගාමිකයන් එකතු වන අවස්ථාද තිබේ. ඒ ඔවුන් කියන බොරු විශ්වාස කිරීම නිසාය.ඕනෑම බොරුවක් පසු කලෙක හෙළි වීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ අනුව තමන් කියන බොරුද හෙළිවී ලජ්ජාවට පත් වන්නට සිදුවූ විට ටික කලක් මේ රෝගීන් නිහඬව හිඳින්නට පුළුවන. නමුත් ඉන්පසු නැවතත් පෙර ලෙසම බොරු කියන්නට පෙළඹෙනු ඇත.

ඉහත ද කී පරිදි මේ රෝගීන් බොරු කියන්නට පෙළඹෙන්නේ ලාභයක් හෝ වාසියක් තකා නොව ඔවුන් එසේ බොරු කීම තුළින් ආශ්වාදයක් ලබන නිසාය.මේ මානසික ආබාධයට බෙහෙවින් සමාන තවත් මානසික ආබාධයක් තිබේ. ඒ ව්‍යාජ මතක ආබාධයයි. (False memory syndrome)මේ අය තමන් සිතේ මවා ගත් දේවල් සත්‍ය බවට 100ක්ම විශ්වාස කරති. ඒ අනුව ඒවා සත්‍ය ලෙසට අනෙක් අයට පවසන්නටද පෙළඹෙති. එසේ වන්නේ එවැනි දෙයක් සත්‍ය වශයෙන්ම සිදුවූ බවට මතකයක් ඔවුන් තුළ තිබෙන නිසාය. නමුත් එය ව්‍යාජ මතකයකි. නමුදු එය ව්‍යාජ මතකයක් බව රෝගියා දන්නේ නැත.පෞරුෂත්වයේ විවිධ ඌනතාවයන් ඇති අයගේ ව්‍යාධික මුසාවාද රෝග තත්ත්වය බොහෝවිටම දැකිය හැකිය. සමාජ විරෝධී පෞරුෂත්වය (Anti social personality) ඇති අයගේද මෙම රෝග තත්ත්වය හට ගැනීමට අවකාශ ඇත. මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් මේ රෝග තත්ත්වය සුව කළ හැකි වුවත් රෝගියා ආවේගශීලී හැසිරීම් පළ කරන්නේ නම් ඖෂධ ප්‍රතිකාරද ලබා දීමට සිදුවිය හැකිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගේ ලිපියක් ඇසුරිනි.

භාවනාව සහ මානසික සුවය

♠ Posted by ආලෝකය
ලෙඩ රෝග ගණනාවකට සුවය සලසන භාවනාව

භවනාවන් යොදා ගනිමින් රෝග සුව කිරීමට ඇති අවස්ථා පිළිබඳ මේ වන විටත් බටහිර රටවල පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.

භාවනාව මගින් රෝග ගණනාවක් සුවපත් කළ හැකි බව මේ වන විටත් බටහිර විද්‍යාඥයින් විසින් සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. මිනිසාගේ මනස අවිවේකිය. අවිවේකි බව නිසා මනස රෝගී වේ. මනස රෝගී වූ විට සිරුරද රෝගී වේ. මිනිස් මනසේ නිරන්තරයෙන් ගලා යන සිතුවිලි ධාරා යහපත් කිරීම වැදගත් වන්නේ ඒ නිසාය. භාවනාව යනු මනස පුහුණු කිරීමයි. මනස පාලනය කරමින්, සැහැල්ලු කරමින්, ක්‍ෂය වූ මනස ප්‍රකෘතියට පත් කිරීම භාවනාවෙන් සිදු වේ.

එසේ නම් භාවනාව මගින් රෝග සුව වන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

භාවනාව මගින් ලෙඩ රෝග සුවවන ආකාරය

ශාරීරික රෝග සුවවන ආකාරය


භාවනාව මගින් සිදුවනුයේ සිතෙහි විසිරීම අඩුවීම හෝ නතරවීමයි. සිතෙහි මතුවන නොයෙකුත් සිතුවිලි ධාරා නතර වන නිසා, මනසෙහි නිහඬතාවක් මතු වේ. මේ නිහඬතාව නිසා තමාට සැනසීමක් සහ පී‍්‍රතියක් දැනේ. මේ පී‍්‍රතිය නිසා මොළයේ පිටියුටරි ග්‍රන්ථයෙන් “ එන්ඩෝපින් “(Endorphin) නමැති හෝමෝනයක් ස්‍රාවය වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.ඔවුන් මේ හෝමෝනය සතුට ගෙන දෙන හෝමෝන (Pleasure Hormones) ලෙස නම් කර ඇත. මේ හෝමෝන මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවන නිසා විශාල ලෙඩ ප්‍රමාණයක් සුව කර ගැනීමට හැකි බව විද්‍යාඥයින් ඔප්පු කර ඇත.අකමැත්ත හෙවත් කේන්තිය (ව්‍යාපාදය) නිසා වැඩි වැඩියෙන් මනස විසිරීම තුළින් ශරීරයට අහිතකර ආකාරයට ස්‍රාවය වන හෝමෝන (Stress Hormones) සහ තවත් ජෛව රසායනිකයන් නිසා ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම, රුධිර සංසරණය වේගය වැඩි වීම මගින් නොයෙකුත් ලෙඩ රෝග හට ගනී. භාවනාවෙන් මේ අහිතකර ජෛව රසායනික ස්‍රාවය අඩුකර ගත හැකි වේ. රෝග සුව වීමට හෝ සමනයට මෙයද ප්‍රධාන සාධනයකි.භාවනාව මගින් මනස පුහුණු වන නිසා ආශාවන් පාලනය තුළින් ආහාර ගැනීම පිළිබඳ මනා පාලනයක් කිරීමට ලැබෙන හැකියාව, අනවශ්‍ය ආහාර මගින් වැඩිවන ලෙඩ රෝග ද සමනය කළ හැකයි. උදාහරණ ලෙස දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් ආදිය පෙන්වාදිය හැකයි.

මානසික රෝග සුවවන ආකාරය


මානසික අවපීඩනය හෙවත් විශාදයට (Depression) හේතුව වනුයේ ලේවල ඇති ස්නායු පද්ධතියට සම්බන්ධ ජෛව රසායනිකයන් (Nurotransmitters) අඩුවීම බව වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම වේ. නොයෙකුත් ගැටලු නිසා සිතුවිලි වැඩිවන නිසා මේ ජෛව රසායනික ක්‍ෂය වේ. භාවනාව මගින් සිතුවිලි හෙවත් ප්‍රපංච නතර වන නිසා ක්‍ෂය වූ මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය නැවතත් රුධිරය වැඩිවීමට පටන් ගනී. මෙම ජෛව රසායනිකයන් සාන්ද්‍රණය වැඩිවීම නිසා මානසික අවපීඩනය වැනි රෝග සුව වන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. මොළයේ නියුරෝන සෛල ක්‍ෂයවීම නිසා මතකය අඩුවීමේ මානසික රෝගයක් (Dementia) ඇත. භාවනාව මගින් මොළයේ නියුරෝන සෛල වර්ධනය වන බවට ද සොයා ගෙන ඇත. භාවනාව නිසා ඉහත සඳහන් රෝගය ද හට ගැනීම වළක්වා ගත හැකිය. මානසික අවපීඩනය නිසා ඇති වන හිස රුදාව, ඇඟපත වේදනාව වැනි ශරීරික රෝග පවා සුව වේ.

කෝපය අඩුකර ගැනීම

තමාට දැඩි කෝපයක් ඇති වන්නේ නම් එම කෝපය ආ විගස එය එවේලේම සමනය කිරීම සඳහා “ කේන්ති ගන්න එපා. කේන්තිය හොඳ නැහැ “ යනුවෙන් තමන් විසින් එක දිගටම මන්තරයක් ලෙස සිතින් තමාටම පැවසීමෙන් කෝපය අඩුකර ගත හැකිය. කේන්තික් ආ විගසම මෙය නිතර නිතර මැතිරීමෙන් කේන්තිය මතුවීම අඩුකර ගතහැකිය. තමන්ට අවශ්‍ය නම් ඕනෑම හැඟීමක් හෝ ආශාවක් හෝ සිතිවිල්ලක් අඩුකර ගැනීමට හෝ පාලනය කිරීමට මේ ක්‍රමය උපයෝගී කර ගන්න පුළුවන්.

වේදනාව අඩුකර ගැනීමට


මොනයම් හෝ වේදනාවක් මතු වූ විට “ මේ හොඳයි මේ හොඳයි “ මන්තරය එක දිගටම මැතිරීමෙන් වේදනාව සමනය කිරීම හෝ සුවකර ගැනීම කළ හැක.” මේ හොඳයි “ කියා මන්තරයක් ලෙස සිතින් සෑහෙන වේලාවක් නොකඩවා මැතිරීමෙන් සිදුවනුයේ මනස තම වේදනාව හොඳ දෙයක් ලෙස පිළිගැනීමයි. එවිට මනස වේදනාව සමඟ සෑහීමකට පත්වී, වේදනාව සමඟ මිත්‍රවීම සිදුවේ. මේ මගින් වේදනාව සමනය කළ හැකිය. ඕනෑම ප්‍රබල වේදනාවක් ඇති විට මේ හොඳයි මන්තරය සමග සෑහෙන වේලාවක් ඉවසීමෙන් සිටින්නේ නම්, මනසට වේදනාව කෙරෙහි අවධානය සෑහෙන වේලාවක් තබා ගත නොහැකි නිසා, මනස එම වේදනාව සම්පූර්ණයෙන්ම අත හරී. එවිට වේදනාවද සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. හොඳ ඉවසීමක් තිබේ නම් වේදනා නාශක නොමැතිව වුත් ඉතා තද වේදනාවල් පවා මේ ආකාරයට සුවකර ගත හැකිය.

භාවනාවෙන් වර්තමානයේ සිදුවන දේ පිළිබඳ මනා අවබෝධය හෙවත් සතිය දියුණු වන නිසා ඇතිවන ප්‍රයෝජන

සමථ භාවනාවෙන් සිතෙහි මතුවන සිතුවිලි ( ප්‍රපංච ) නතර වී ඇතුළතින්් නිහඬතාවක් දියුණු වන නිසා, මේ මොහොතේ සිදුවන දේ් පිළිබඳ සියයට සියයක අවධානය යොමු කිරීමේ හැකියාව හෙවත් සතිය දියුණු වේ. එමගින් සිදුවනුයේ අවධානය පිටට නොයා, යම් දෙයක් කෙරෙහි නොකඩවා සෑහෙන වේලාවක් අවධානය යොමු කර ගෙන සිටීමේ හැකියාව දියුණු වීමයි. මේ මගින් එදිනෙදා ජීවිතයේ කටයුතු දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජන රැසක් ලැබේ. එනම්.

අධ්‍යාපනය දියුණුවීම


අධ්‍යාපනය ලබන ඕනෑම කෙනෙක් දේශනයකට සවන් දීමේ දී අවධානය පිට නොයා සියයට සියයක්ම එම දේශනය තමන්ගේ මතක ගබඩාවේ රඳවා ගැනීමට හැකි වේ. භාවනා පුහුණුවෙන් බුද්ධිය (I.Q වැඩිවන බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. භාවනාවෙන් මොළයේ නියුට්‍රෝන සෛල පවා වර්ධනය වී, මොළයේ විශාලත්වය පවා වැඩිවන බව ඔවුන් සොයා ගෙන ඇත.

ක්‍රීඩාව දියුණුවීම

සතිය දියුණුවීම නිසා අවධානය සියයට සියයක්ම කරන දේ කෙරෙහි යොමු වේ. ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට සෑහෙන පිටිවහලක් වේ. භාවනාවෙන් ස්‍රාවය වන නොයෙකුත් සුබවාදී හෝමෝන (සංවෘත්තික හෝමෝන) (Anabolic Hormones) මගින් ශරීර ශක්තිය වැඩිවන නිසා, ක්‍රීඩාවේදී හොඳ ජවයක් ලැබීමට භාවනාව ඉවහල් වේ.

පංච ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණුවල ගුණාත්මක භාවය වැඩිවීම

සතිය දියුණුවීමෙන් තමන් ආහාර ගන්නා විටදී තම අවධානය පිට නොයා, සියයට සියයක්ම තමා ගන්නා ආහාරය කෙරෙහි පමණක් යොමු කිරීමේ හැකියාව ඇත. ඒ නිසා තම ආහාරයේ රසයේ අගය සියයක් තිබේනම් එම සියයම තමන්ට අත්විදිය හැකි නිසා, තමන් ගන්නා ආහාරය වෙනදාට වඩා රසය වැඩි වී ඇති බව දැනෙන්නට පුළුවනි.

ආහාරය පිළිබඳ තමාගේ හොඳ අවධානයක් තිබෙන නිසා, එම ආහාරයේ ප්‍රමාණය පාලනය කිරීමට සහ රස තණ්හාව පාලනය කිරීමට පවා හැකියාව ලැබේ. මේ ආකාරයට ඉන්ද්‍රියන් පහෙන්ම ලැබෙන සංවේදනවල රසය වැඩි වේ.

ඒවා පාලනය කිරීමේ ශක්තිය ද වැඩි වේ. ගෙදර දොරේදී වැඩ කටයුතු හෝ රැකියාවේදී කරන වැඩ කටයුතු වෙත අවධානය සියයට සියයක් යොමු කිරීමේ හැකියාව වැඩිවන නිසා තමන් කරන වැඩ කටයුත්තෙහි කාර්යක්‍ෂමතාව පවා වැඩි වේ.

මානසික ආතිතිය නිසා වැළදෙන කායික රෝග

♠ Posted by ආලෝකය
මානසික ආතතිය දිගින් දිගටම පැවතීමෙන් ඇදුම ගැස්ට්‍රයිටීස් හැදෙන්න පුළුවන්

මානසික ආතතිය කායිකව ඔබ රෝගියෙක් කරන බව මේ වන විට ඔබ හොඳින්ම අසාපුරුදු දෙයක්. ඇත්තෙන්ම මානසික ආතතිය ලෙසින් හඳුන්වන්නේ කුමක්ද? එය රෝග තත්ත්වයක්ද? බොහෝ දෙනෙක් මෙය රෝග තත්ත්වයක් ලෙසින් හැඳින්වුවද ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ ප්‍රකාශ කරන්නේ මානසික ආතතිය යනු හුදෙක්ම රෝගී තත්ත්වයක් නොවන බවයි. එසේ නම් මානසික ආතතිය යනු කුමන ආකාරයේ මානසික තත්ත්වයක්ද මනෝ විද්‍යානූකූලව ඊට හිමිවන ප්‍රතිකාර විධි මොනවාදැයි අපි විමසා බලමු.

මනෝ විද්‍යාව යනු, මිනිසාගේ මනසේ ක්‍රියාකාරීත්වය හා චර්යාව පිළිබඳව හදාරණු ලබන විද්‍යාත්මක විෂයකි. මානසික ක්‍රියාකාරීත්වය හා චර්යාව වෙනස්වීම නිසා මනස, ශරීරය හා චර්යාව ආශි‍්‍රතව ඇතිවන අස්වාභාවික හැසිරීම් හඳුනාගෙන ඒවාට යම් අගයක් ලබාදී නිගමනවලට පැමිණීම මෙහිදී සිදුවේ. කෙසේවෙතත් එම අස්වාභාවික තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරවීම හා ඒවා කළමනාකරණය කිරීමට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලබයි.

මානසික ආතතිය යනු කුමක්ද?

මනෝ විද්‍යාත්මක විස්තර කරන විශේෂිත මානසික තත්ත්වයක් ලෙස මානසික ආතතිය (Anxiety) හඳුන්වාදිය හැකිය. බොහෝ දුරට මෙහි ප්‍රතිකාර ක්‍රම ඒකාබද්ධව පවතින්නේ ව්‍යවහාරික මනෝ විද්‍යාව (Applied Psychology) හා සමගාමීවය. මේ තත්ත්වය බොහෝ දුරට හටගන්නේ පුද්ගලයාගේ මනස තුළය. විවිධ සිතුවිලි, අදහස්, බලාපොරොත්තු, අත්දැකීම් , චිත්තවේග, බිය, අවබෝධය, ව්‍යසන, ජය පරාජය ආදී දේ මෙම ආතතිය හා සම්බන්ධ වූ තත්ත්වයන්ය. කෙසේ වෙතත් මේ ආකාර හේතූන් නිසා පුද්ගලයාගේ ශරීරයේ ස්නායුක හා කායික විද්‍යාත්මක උත්තේජනයන් අනවශ්‍ය හෝ අස්වාභාවික ලෙස හටගැනීමට හැකියි. ඒ හැරුණු විට මෙය රෝග තත්ත්වයක් පමණක් යැයි සීමා කළ නොහැක. මෙවැනි අස්වාභාවික උත්තේජනයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙස කය සහ මනස ආශි‍්‍රතව මෙන්ම චර්යාව ආශි‍්‍රතවද වෙනස්වීම් දෘශ්‍යමාන වනු ඇත. මෙවැනි අවස්ථාවකදී දැක ගත හැකි රෝග ලක්ෂණ ලෙස අනවශ්‍ය බිය, ශරිරයේ වේදනා කැක්කුම්, පණ නැති ස්වභාවය, තෘප්තියක් නොමැති වීම, තිගැස්සීම්, පපුවේ ගැස්ම වැඩිවීම, වෙව්ලීම, කට වියළීම, විවිධ ක්‍රියා දිගින් දිගට අනවශ්‍ය ලෙස සිදු කිරීම, ක්ලාන්ත ගතිය, නින්ද නොයාම, ශීතල ගතිය, දහඩිය දැමීම, ලිංගික රෝගී තත්ත්වයන්, හිසේ බර ගතිය, හිසරදය, අමතක වීම , සිත එකතැන තබා ගැනීමට නොහැකිවීම ආදිය දැක්විය හැකිය. මේ රෝග ලක්ෂණ බොහෝ දුරට මානසික රෝග තත්ත්ව හා සැසඳේ. කෙසේ වෙතත් මානසික රෝග දිගින් දිගටම පැවතීමෙන් හෘදරෝග අවදානම් ඇතිවිය හැකිබව වෛද්‍යවරු පවසන අතර ඊට අමතරව ඇදුම, ගැස්ට්‍රයිටීස් ආදී කායික රෝග ඇති වීමටද වැඩි ඉඩකඩක් ඇත. සැබවින්ම මානසික ආතතිය නිසා කායිකව ලෙඩ රෝග වැළඳෙනවාට අමතරව වැළඳුණු රෝග සුවවීමද ප්‍රමාද කරවනවා වගේම කායික රෝග සුවපත් වූ පසුවද මානසික ආතතිය ඇති විය හැකියි. උදාහරණයක් ලෙස හෘද රෝග සඳහා කරන බයිපාස් සැත්කම් හා වෙනත් ප්‍රතිකාර ක්‍රම මඟින් රෝගය සුවපත් වූවද මානසික රෝග එම පුද්ගලයන් තුළ ඇතිබව හෘදරෝග පුනරුත්තාපන සායන වලදී ඔප්පු වී ඇත. තවද මෙවැනි මානසික තත්ත්වයන් දිගින් දිගටම පවතින බව සොයාගෙන ඇත. එවැනි රෝගීන්ගේ කායික සෞඛ්‍ය හොඳ මට්ටමක තිබුණත් මානසිකව නිරෝගී සෞඛ්‍යයක් නොමැති නිසා එය පූර්ණ නිරෝගී සෞඛ්‍යයක් වන්නේ නැහැ. මෙවැනි අයට පෙර සඳහන් කළ ආකාරයට විශේෂිත පුනරුත්ථාපන ප්‍රතිකාර මාලාවක් යටතේ පිළියම් ලබා දිය යුතුයි.

මානසික ආතතිය ඇතිවන්නේ ඇයි?

මානසිකව ඇතිවන ආතතිය පුද්ගලයාගේ විවිධ ජීවන ගැටලු සමඟ ඇති වේ. පවුල් ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ජීවිත හා විවාහ දිවියේ ප්‍රශ්න සහිත වන අය අතර ඉතාම බහුල ලෙස මානසික ආතතිය ඇත. මෙවැනි අය තුළ Type A Behaviour නැමැති මනෝ විද්‍යාත්මකව විස්තර කරන චර්යා රටාවක් වර්ධනය වේ. මේ හෙයින් අවසානයේදී ඔවුන් හෘදරෝග වැනි භයානක කායික රෝග තත්ත්වයන්ට ගොදුරු වේ. මෙවැනි අය ආතති කළමනාකරණයට යොමු වීම (Anxiety Management ) ඉතාම වැදගත්.එවැනි අයෙක් නිසිලෙස ආතතිය කළමනාකරණය කළහොත් එවැනි ගැටලු සඳහා ඉතා සාර්ථකව මුහුණ දීමට හැකියාවක් ඔවුන්ට හිමියි. තවද දරුවන් එමෙන්ම තරුණයින් මානසික ආතතියට ගොදුරු වීම ඉතා ඉහළ මට්ටමකින් පවතින අතර ඉගෙනීමේ ගැටලු, නිවෙස්වල ඇති ප්‍රශ්න, ඉගෙනීමේ තරඟකාරීත්වය, සමාජයෙන් ඇතිවන විවිධාකාර වූ බලපෑම නිසා මොවුන් මීට පහසුවෙන් ගොදුරු වේ. ඒ නිසා දිවිනසා ගැනීමට තැත් කිරීම, හා විවිධ ඇබ්බැහිකම් වලට මුල්වන හේතුව බවට පත්වන්නේද මානසික ආතතිය බව විශේෂයෙන් කිවයුතුයි.

මේ කරුණු කෙසේ වුවත් විවිධ හේතු නිසා ඇතිවන මානසික ආතතිය එක් පැත්තකින් අයපත් ලෙස බලපෑම් එල්ල කරන අතර තවත් අතෙකින් ජීවිතයේ යහපතටද හේතුවන බව ඔබ දන්නවාද? ඒ නිසා මානසික ආතතිය යහපත් ආකාරයට බලපාන්නේ කෙසේද කියා අපි ලබන සතියේදී මෙම ලිපිය යටතේ යම් අවධානයට ලක් කරමු.

ආතතිය කළමණාකරනය

♠ Posted by ආලෝකය
මානසික ආතතිය සරලව කළමනාකරණය කරන්නේ කෙසේද?

මානසික ආතතිය හොඳ මෙන්ම නරක යන අංශ දෙක යටතේම පැහැදිලි කළහැකි මාතෘකාවක් බවට පත්ව ඇතිබව ආරෝග්‍යා පාඨකයින්වන ඔබ මේ වන විට හොඳින්ම දන්නා කරුණක්. ඒ වගේම එය කායික සෞඛ්‍ය කෙරෙහිද විශාල බලපෑමක් ඇති කරන බව මනෝ වෛද්‍ය විද්‍යානුකූලව පිළිගත් සත්‍යයක්. විශේෂයෙන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ශල්‍යකර්ම, තුවාලවීම් ආදිය නිසාද මානසික ආතතිය විවිධාකාරයෙන් ඇතිවනවා පමණක් නොව විවිධ චර්යාමය වෙනස්කම් සමඟද ජීවිතයට බලපෑම් ඇති කරයි.
(මෙම ලිපිය ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ මහතා සමඟ පුවත්පතක තිබු සාකචිඡාවක් ඇසුරින් සකසු වූවකි)


මානසික ආතතිය නිසා ඇතිවන මානසික රෝග පිළිබඳ පැහැදිලි කළොත්?

විවිධාකාර සාධක හේතුවෙන් මානසික ආතතිය මුල් කරගත් මනෝ විද්‍යාත්මක රෝග රාශියක් හට ගනියි. මේ නිසා ඇතිවන බලපෑමෙන් ජීවිතයේ වටිනාකමට යම් හානියක් සිදුවේ. ඇතැම්විට මිනිසා විසින් ඇතිකර ගනු ලබන විවිධ පුරුදු ඇබ්බැහි වීම්ද අවසානයේදී මානසික ආතතියෙන් අවසන් වේ. මේවා මානසික රෝග වශයෙන් පමණක් නොව කායික රෝග වශයෙන්ද වැළදීමේ වැඩි ඉඩකඩක්ද පවතියි. ඒ වගේම සිතේ ඇතිවන වැරදි අස්වාභාවික සිතුවිලි, මතිමතාන්තර, අදහස්, ආකල්ප ආදිය හේතුකොට ගෙනද මානසික ආතතිය වර්ධනය වේ.

ඇතැම්විට ජීවිතයේ විවිධාකාර වූ ප්‍රශ්න ඇතිවීමට මානසික ආතතිය ද මානසික ආතතිය නිසා විවිධාකාර ප්‍රශ්නද ජීවිතයට ඇතිවිය හැකියි. මෙවැනි කරුණු කාරණා නිසා මානසික ආතතිය අපගේ ජීවිතයට බලනොපාන ආකාරයෙන් පවත්වා ගැනීමට සෑම විටෙකම අප උත්සාහ ගත යුතුයි. විශේෂයෙන් කායික සහ මානසික සෞඛ්‍යයට තර්ජනයක් මේ නිසා නොවිය යුතුයි. මේ සඳහා මානසික ආතති කළමනාකරණය (Anxiety Management) ඉතා වැදගත් වේ.

මානසික ආතති කළමනාකරණය පිළිබඳව පහදන්න.

ඇත්තෙන්ම ඖෂධ භාවිතයෙන් තොරව සිදුකරනු ලබන මෙම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ලොව පුරා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විවිධ තත්ත්වයන් යටතේ පවත්වාගෙන යනු ලබයි. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ආතති කළමනාකරණය ඉතාම සාර්ථකව සිදු කරනු ලබයි. නමුත් විශේෂිත අවස්ථාවන්වලදී මානසික ආතති කළමනාකරණය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර පදනමක් මත කළ යුතුව ඇත.

මානසික ආතති කළමනාකරණය සරලව කළහැකි ආකාර මොනවාද?

මේ සඳහා මූලික වශයෙන් ආතතිය ඇතිවීමට බලපාන හේතුව පිළිබඳ හඳුනා ගත යුතුයි. ඒ මෙන්ම මනස සන්සුන් කර ගැනීමද ඉතා වැදගත්. මේ සඳහා විශේෂිත ක්‍රමවේද පවතින අතරම අප හැමදෙනාටම ආවේනික ක්‍රමද මේ අතර වේ. මෙහිදී මත්පැන් පානය වැනි ක්‍රමද ඇතැම් අය අනුගමය කළද ඒවා ඊට කිසිසේත්ම සුදුසු පිළිවෙත් නොවේ.ඒ අනුව සමාන්‍යයෙන් පුද්ගලයෙකුට මනස සන්සුන් කර ගැනීමට සංගීතයට සවන්දීම, ආගමික වතාවත් වල නිරතවීම, වැනි ක්‍රියාවන් අනුගමනය කළ හැකියි. ඊට අමතරව තමා ආතතියට පත් කරන පරිසරයෙන් ඉවත්වීම, පොත්පත් කියවීම, ගුවන් විදුලියට සවන්දීම, රූපවාහිනිය නැරඹීම, චිත්‍ර ඇඳීම ආදී ක්‍රියාවන්ද යොදාගත හැකියි. මින් කුමන ක්‍රමයක් හෝ යොදා ගැනීමෙන් පසුව දෙවැනි පියවර ලෙස ආතතිය ඇතිවීමට හේතුව පිළිබඳව සන්සුන්ව සොයා බලන්න.එම අදාළ හේතුව පිළිබඳ අවබෝධයක් ඇතිවූ පසුව ඊට යම් යම් ක්‍රම තුළින් පිළියම් යොදාගැනීමෙන් ආතතිය කළමනාකරණය කර ගැනීමට තමන්ට හැකියාවක් ලැබේ. මේ වන විටත් බොහෝ පිරිසක් තමාට ආවේනික ක්‍රම මඟින් මෙය පාලනය කරගැනීමට උත්සාහ කරයි. මේ ක්‍රමවේද අතර අන් අයගේ අදහස් වලට ගරු කිරීම, අන් අයගේ ක්‍රියාවන් පිළිබඳ කෝප නොවී සිටීමද ආතති කළමනාකරණයේ එක් උපක්‍රමයක්.

එමෙන්ම අන් අයගේ ගැටලු, ප්‍රශ්න, අපහසුතා දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබා ගෙන එවැනි අය සමඟ ආශ්‍රයද වඩා හොඳ පිළියමක්. එමෙන්ම තමා හැසිරෙන පරිසරයේ සාමාන්‍ය තත්ත්වයට අනුව හැඩ ගැසීමද ආතති කළමනාකරණයට හොඳ මඟක්. මෙය රැකියා ස්ථානයට පමණක් නොව නිවසටද අදාළ කරගත හැකි තවත් විශේෂත්වයකි. තවද අන් අයගේ ගැටලු ප්‍රශ්න අපහසුතා, දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ අය සමඟ ජිවත් වීමද ආතතියෙන් තොරව ජීවත් වීමට කදිම මඟක්. එවැනි ආශ්‍රයන් තම මානසිකත්වය යහපත්ව තබා ගැනීමට උපකාරී වේ.මීට අමතරව තමාගේ අඩුපාඩු, දුර්වලතා, දැනුම, හැකියාව පිළිබඳව අවබෝධයක් ලබාගෙන ජීවිතය ගත කිරීම ආතති කළමනාකරණයට යොදාගත හැකි තවත් හොඳ උපක්‍රමයක්. මෙමඟින් තමාගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය ආකාරයට සන්සුන් මනසකින් කරගත හැකිවේවි.

ඔබ නිවරදිද යයි ඔබ සිතනවාද ? Obsessive Compulsive Disorder

♠ Posted by ආලෝකය
තමන් හිතන දේ පමණක් නිවැරැදි යැයි සිතීම මානසික ලෙඩක්ද?

සුජිත් වයස අවුරුදු 30ක් පමණ වන තරුණයෙක්. ඔහු අමුතුම ජිවන රටාවක් අනුගමනය කළ අයෙක්. තමාටම ආවේනික අදහස්, සිතුවිලි, මතිමතාන්තර, පුරුදු, චර්යාවන් රැසක් තිබුණු අතර ඒ සියල්ල ඔහුගේ ජීවිතයේ සියලු අංශ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ලදී.ඒ නිසා සුජිත්ට ඔහුටම පමණක් ආවේනික අසාමාන්‍ය පුරුදුවලින් යුක්ත ජීවිතයක් හිමිවෙලා තිබුණා. මේ සඳහා කෙතරම් ප්‍රතිකාර ලබා ගත්තද එමඟින්ද ඔහුට වැඩි වෙනසකට යාමට නොහැකි වී තිබුණි. ව්‍යවහාරික මනෝවිද්‍යාඥ ආචාර්ය නිමල් ලියනගේ පවසන ආකාරයට සුජිත්ට ඇති වී තිබුණේ OCD රෝග තත්ත්වයයි. OCD යනු Obsessive Compulsive Disorder යන්නයි.මෙවන් වූ තත්ත්වයන්ගෙන් පීඩා විඳින අය අද සමාජය තුළ බොහෝමයක් සිටී. මෙවැනි අයගෙන් දැකගත හැකි මානසික තත්ත්වයන් ගණනාවකි. ඒවා මොනවාදැයි විමසා බලමු.

තමන් සිතන දේ තමන්ට වැටහෙන දේ පමණක් නිවැරදි යැයි සිතීම

මොවුන්ගේ විශේෂිත ලක්ෂණයක් වන්නේ තමන් සිතන දේ තමන්ට වැටහෙන දේ පමණක් නිවැරදිය යැයි සිතීම මෙන්ම තමන් පුරුදු වූ ජීවන රටාව වෙනස් කිරීමට නොහැකි හෝ අකමැති වීමයි. මීට හේතුවී ඇත්තේ ඔවුනගේ මනස තුළ තිබෙන තියුණු මානසික ආතතිමය තත්ත්වයන්ය.මෙම ආතතිය විවිධ ආකාර හා අස්වාභාවික වේ. ඒ වගේම තමා යම් ක්‍රියාවක් එම අදාළ අවස්ථාවේදීම නොකළොත් තමාට ඉන් අයපතක් වේවි, තමන්ට හිතවත් අයට යම් යම් කරදර ඇති වේවි හෝ තමන්ට කිසිවක් කර ගැනීමට නොහැකි වේවි ආදී වශයෙන් සිතුවිලි රාශියක් හට ගනියි.මේ සිතුවිලි සමඟම හිත තුළ මතුවන මානසික පීඩනය දරා ගැනීමට නොහැකි බැවින් විවිධ අස්වාභාවික ක්‍රියාවන් සිදු කරයි. ඒවා තමාට නොවැටහුණත් තමා වටා නිරීක්ෂණය කරන අයට ඒ බව පැහැදිලිව වටහා ගත හැකියි.මෙහිදී සිතට විවිධාකාර සිතුවිලි ගලා එන අතර ඒවා ඉතාමත් අස්වාභාවිකය. ඇතැම් රෝගී අය පවසන ආකාරයට මෙම සිතුවිලි පාලනයකින් තොරව සිතට ගලාගෙන පැමිණෙයි.

විවිධ ක්‍රියාවන් අසීමිතව සිදුකිරීම

මෙවුන් අත සේදීම, කකුල් සේදීම, නෑම, පිරිසුදු කිරීම ආදිය බහුලව සිදු කරයි. තවද දිගින් දිගටම ඒවා කිරීමට පෙළඹෙන්නේ එම ක්‍රියාවන් දිගින් දිගටම කළත් ඉන් තෘප්තියක් නොලැබෙන බැවිනි. ඒ වගේම මනසට පැමිණෙන ඇතැම් සිතුවිලි, (අත්වල කුණු ඇතිබව, විෂබීජ ඇතුල් වේ යන බිය, අප්පිරියාව) ද මීට බලපෑ හැකියි.මෙහෙයින් සිත තුළ අනවශ්‍ය මානසික විඩාවන්, පීඩනයක් හා බියක් ඇතිවිය හැකියි. ඒ පමණක් නොව මෙමඟින් පුද්ගලයාගේ ජීවිතයටද දැඩි බලපෑමක් සිදු වේ.කෙසේ වෙතත් මේ සිදුවීම් අතුරින් සමාජයේ බහුලව දැකගත හැකි තත්ත්වයක් ලෙස සිතා අත්වල පිරිසුදුකම පිළිබඳ ශරීරයේ අන් ස්ථානවල පිරිසුදුකමට වඩා සැලකිලිමත් වීම ආදිය හදුනාගත හැකියි.
තමන්ගේ ගෙදර මේසය ආදී තැන්වල ඇති බඩු මුට්ටු ආදිය නිරන්තරයෙන් එකම ආකාරයටකට තැබීම

මෙහිදී යම්ලෙසක කුමන ආකාරයකින් හෝ ඒවා වෙනස් වූවොත් ඒ තුළ ඇතිවන මානසික ආතතිය නැතිකර ගන්නේ නැවතත් ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමෙන් අනතුරුවය. මෙය අදාළ පුද්ගලයන්ට පමණක් නොව අන් අයටද මහත් කරදරයකි.

යමක් නිම කළද ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම


මෙම තත්ත්වය බහුල වශයෙන් පවතින්නකි. ඒ නිසා එම පුද්ගලයින් දිගින් දිගටම එම ක්‍රියාවන් පරීක්ෂා කිරීම, අත ගා බැලීම, ඒ දෙස වරින් වර බැලීමද සිදු කරයි. උදාහරණ ලෙස දොරක් වසාගිය විට නැවත නැවත හැරී බැලීම හෝ එය නැවත නැවත පරීක්ෂා කිරීම ආදියයි.කෙසේ වෙතත් මීට හේතු වන්නේ තමා කළ කාර්ය පිළිබඳ විශ්වාස නොමැති වීම හා තමා කළ කාර්ය පිළිබඳ පවතින අස්ථානගත බියකි. මේ නිසා ඔවුන් දැඩි මානසික ආතතියකින් ගත කරයි.

කිසිදු කාර්යයක් නිසි වෙලාවට නොකිරීම හා නිකරුණේ කාලය කා දැමීම

මෙහිදී ඇතැම් පුද්ගලයින් තමාට යම් කාර්යයක් කිරීමට අවශ්‍ය වූ විට විවිධාකාර සිතුවිලි සිතමින් හෝ ඒ පිළිබඳ අනවශ්‍ය ලෙසට විපරම් කරමින් තම කාලය ගත කරයි. මේ සඳහා හේතු වන්නේද මානසික ආතතියයි. ඔවුන් විසින් තමන්ට ඇතිවන මානසික ආතතිය නැතිකර ගන්නේ විවිධ සිතිවිලි සිතින් මවා ගනිමින්ය.මේ පුරුද්ද නිසා කිසිදු කාර්යයක් නිසිලෙස ඉටු කර ගැනීමට නොහැකි වීම ජීවිතයේ විවිධාර ගැටලු ඇතිකර ගනියි. ඒ වගේම තම සිත තුළ ඇති දේ හා තමා තීරණය කළ දේ වෙනස් කර ගැනීමද මොවුන්ට ඉතා අපහසුය. එකම රටාවක ඒකාකාරී ජීවන ක්‍රමයක් හිමි මොවුන් මානසික ආතති කළමනාකරණයට අපොහොසත්ය. තවද මෙවැනි අය යම් යම් ස්ථානවලට යාමට දැඩි බියක් දක්වයි. එසේ ගිය හොත් තමාට විවිධ ලෙඩ රෝග කරදර ඇති වේ යැයි බියකින් පසුවන නිසා එම ස්ථාන මඟහැර සිටියි.

ප්‍රතිකාර

මොවුන් සඳහා කායික විද්‍යාත්මක හා මානසික වෛද්‍ය ප්‍රතිකාර පවතියි. ඒ වගේම වෛද්‍ය විද්‍යානුකූලව ඖෂධමය ප්‍රතිකාරද පවතියි. කෙසේ වෙතත් මෙවන් රෝගී තත්ත්වයකට පත් වූ අය මනෝ විද්‍යාත්මක ඇගයීමකට විශ්ලේෂණයකට භාජනය කර ඖෂධ වලින් බැහැරවද ප්‍රතිකාර කළ හැකිය.

ඒ වගේම ඖෂධ ලබා ගත්තද එම ක්‍රම වලින්ම ප්‍රතිකාර ක්‍රම භාවිතා කර මානසික චර්යා නිවැරදි කිරීම මානසික ආතති කළමනාකරණ සිතුවිලි පාලනය, සිතුවිලි ඉවත් කරලීම, මනස සන්සුන්කර ගැනීම, පෞරුෂත්වය වර්ධනය, ආකල්ප වෙනස්කර ගැනීම යථාර්ථවාදීව සිතීම, ශාරීරික චර්යා නිවැරදි කර ගැනීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

(dinamina ලිපියක් ඇසුරිනි)

ලමා මනෝ විද්‍යාව

♠ Posted by ආලෝකය
දරුවන්ගේ මානසික ගැටලුවලදී තරවටු කරන්න එපා

ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.මෙවැනි ළමා මානසික ගැටලු අතර පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතා කිරීමේ දුර්වලතා, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බිය වීම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයුතුවල දුර්වල බව, දොම්නස් බව, මන්ද මානසිකභාවය, අධික්‍රියාකාරීත්වය වැනි ගැටලු ප්‍රමුඛ ලක්ෂණ වේ. මේවා වඩාත් සුලබ මානසික ගැටලු අතර දක්නට ලැබෙන ඒවාය.

මේවා එකිනෙක සලකා බැලීමේ දී

(1) පාසල් යාමට මැළිවීම

මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය.

(2) සහෝදර ගැටුම්

පවුලකට තවත් දරුවකු උපන් විට ඊට දක්වන සැලකිල්ල නුරුස්නා දරුවන්, තමන් කෙරේ අවධානය යොමු කර ගැනීමට විවිධ දේ කිරීමට පෙලඹේ. බාල සහෝදරිය හෝ සහෝදරයාට හිංසා කිරීම, පහරදීම්, ආදිය ද තමන්ට ඇති අසනීපයන් ගැන මවුපියන්ට ව්‍යාජ පැමිණිලි කිරීම ආදිය දැකිය හැකිය. මවුපියන් දරුවා වෙනුවෙන් ආකල්ප වෙනස්කොට ආදරය පෙන්වීම හා දරුවා සමඟ නිතර කාලය ගත කිරීමට ඉඩ සැලැසීමෙන් ඒවා මඟ හරවා ගත හැකි වේ.

(3) කතා කිරීමේ දුර්වලතා


සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.

(4) නින්දේදී මුත්‍රා පහවීම

දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කළ හැකිය.

(5) නින්දේදී ඇවිදීම හෝ බිය වීම

මෙය ද ළමා වියේ ඇතිවන ගැටලු සහගත තත්ත්වයකි.

(6) අසාමාන්‍ය හැසිරීම් රටා

සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ.මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.

(7) පාසල් කටයුතුවල දුර්වලතා

මේ පිළිබඳ මාපියන් විමසිලිමත් විය යුතු වේ.පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී.

(8) දොම්නස් බව

ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.

(9) අධි ක්‍රියාකාරීත්වය


සමහර ළමයින්ට යමක් කෙරෙහි අවධානය රඳවාගෙන සිටීම අපහසුය. ඇත්ත වශයෙන්ම මෙය සාමාන්‍ය කෙළිලොල් බවක්ද, ඉන් එහා ගිය තත්ත්වයක් ද යන්න පැහැදිලිව වටහාගත යුතුය.අධි ක්‍රියාකාරී තත්ත්වයක් නම් ඖෂධමය ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකිය.

(10) මන්ද බුද්ධිකභාවය

සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. ඒ හැරුණු විට ළමා මානසික ගැටලු සඳහාම වෙන්වූ ‘විශේෂිත සායන’ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වේ.

මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය.

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි

අසාමාන්‍ය මානසික තත්ත්ව හදුනා ගනිමු

♠ Posted by ආලෝකය
අන් අයගේ අවධානය දිනා ගැනීමට අසාමාන්‍ය ලෙස හැසිරීමත් මන්ද මානසික තත්ත්වයක් විය හැකි බව ඔබ දන්නවද
 
කායිකව හෝ මානසිකව හෝ කායික මානසික දෙආකාරයෙන් ම හෝ ජීවිත කාලය පුරා බලපවත්නා දුබලතා සංවර්ධනාත්මක ඌනතා රෝග හෙවත් මන්ද මානසික තත්ත්වය ලෙස හැඳින්විය හැකිය.කළල අවධියේ සිට හෝ උපතට පසු හෝ ළමා වියේදී හෝ මේ ඌනතා ලක්‍ෂණ නිරූපණය විය හැකි අතර වයස අවුරුදු 18-22 අතර කාල සීමාවේදි පුද්ගලයෙකු සංවර්ධනාත්මක ඌනතා රෝගයකින් පෙළෙන්නේ ද යන්න තහවුරු කර ගත හැකිය.

ඒ සඳහා ඇගයීමට ලක් කළහැකි සාධක කිහිපයකි.

* ස්වාධීනව ජීවත් වීමේ හැකියාව.
* තම ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
* ඉගෙනුම පිළිබඳ කුසලතාව හා බුද්ධිය මෙහෙයවීමේ හැකියාව.
* හැසිරීම සහ කායික චාලක කි‍්‍රයාකාරීත්වය ස්වාධීනව පවත්වා ගැනීමේ හැකියාව.
* භාෂාවක් භාවිතයෙන් අන්තර් පුද්ගල සන්නිවේදනය පවත්වා ගැනීමේ හැකියාව.
* පෞද්ගලික දෛනික කටයුතු හා පවිත‍්‍රතාව, පෙනුම පවත්වා ගැනීමේ හැකියාව.
* තම කි‍්‍රයාකාරකම් හා සාමාජීය දායකත්වය පිළිබඳ ස්වයංතීරණ ගැනීමේ හැකියාව. සමස්ත ජනගහනයෙන් සියයට 3 ක ප‍්‍රතිශතයක් සංවර්ධනාත්මක ඌනතා රෝග වලින් පෙළෙන බව සොයාගෙන ඇත.


මන්ද මානසික හෙවත් සංවර්ධනාත්ම ඌනතා රෝග පුද්ගලයෙකු උපත ලැබීමට පෙර ඇති වන හේතු, කළල අවධියේදී ඇති වන හේතු, උපතේදී හා උපතින් පසු ජීවිතයේදී බලපාන හේතු මත හටගනී.

උපතට පෙර

ගැබිණි මවක වයස අවුරුදු 40 පමණ ඉක්මවූ විට ජනනය වන ඩිම්බවල වර්‍ණදේහ ව්‍යුහාත්මක විසමතාවන්ට ලක් වීමෙන් උපදින දරුවන් මන්ද මානසික වීමේ අවදානමක් ඇත.මව මත්පැන්, මත්කුඩු, අනුමැතියකින් තොරව ඇතැම් ඖෂධ භාවිතයට ගැනීම, විස රසායන ද්‍රව්‍ය හා විකිරණයන්ට සුලභ නිරාවරණය වීම වැනි සාධක ද මන්ද මානසික දරුවන් බිහිවීමට හේතුකාරක වේ.ජර්මන් සරම්ප (රුබෙල්ලා), ඒඩ්ස් වැනි රෝගවලට මව ගොදුරු වීම, මව ප‍්‍රමාණවත් සමතුලිත පෝෂණයක් නොලැබීම, කළල බන්ධය ඔස්සේ (අපරාව) මවගෙන් දරුවාට සැපයෙන රුධිර සැපයුමෙහි අවහිරවීම්, කළලයට බලපෑමක් වන තරමේ කායික අනතුරුවලට මව ලක්වීම හා මව මානසික හා චිත්තවේගීය අසහනකාරී පසුබිමක ජීවත්වීම ද මන්ද මානසික දරුවන් බිහිවීමට හේතුවේ.

උපතේදී

නොමේරූ ළදරුවෙකු ලෙස නිසි කාල සීමාව සම්පූර්ණවීමට පෙර ප‍්‍රසූත වීම. කළල බන්ධය ඔස්සේ ඔක්සිජන් සැපයුම නතර වී ස්වයං ස්වසනය ආරම්භ වීම අතර කාල පරාසය වැඩිවීම (ස්වසන මාර්ග අවහිරතා), පිත්වර්ණක මොළයේ ගැන්ග්ලියා තුළ තැම්පත් වීම හා උපත සිදුකිරීමේදී භාවිතා කරන උපකරණ හා ක‍්‍රමවේදය හේතුවෙන් මොළයට වන අනතුරු යන හේතුමත දරුවෙකු උපතේදී මන්ද මානසික තත්ත්වයට ලක්විය හැකිය.

උපතට පසු

ළදරු අවධියේ ප‍්‍රමාණවත් පෝෂණයක් නොලැබීම. ප‍්‍රමාණවත් පරිදි මවුකිරි මුල් මාස 6 දී ලබා දීමෙන් එම කාල සීමාවේ පෝෂණය ප‍්‍රමාණවත් පරිදි පවත්වා ගත හැකිය. උපතින් පසු මධ්‍ය ස්නායු පද්ධතියට හානිවන පරිදි අනතුරු වලට ලක්වීම, මෙනින්ජයිටිස් එන්සෙෆලයිට්ස් රෝගවලට ගොදුරුව නිසි ප‍්‍රතිකාර නොලැබීම, ඊයම් වැනි රසායන ද්‍රව්‍ය හෝ අනුමැතියකින් තොර ඖෂධ භාවිතයෙන් වන රසායනික විසවීම් හා තීව‍්‍ර මානසික අසහනකාරී තත්ත්වයන් වන නොසලකා හැරීම, හිංසනය, මව පියා වියෝවීම වැනි හේතු මතද දරුවන් මන්ද මානසික තත්ත්වයට ලක්විය හැකිය.වර්ණදේහ ආකෘතිවල වන විකෘතිතා හේතුවෙන් අසාමාන්‍ය පිළියෙල වීමේ හේතුවෙන් මන්ද මානසික රෝග තත්ත්ව රැසක්ම ඇතිවිය හැකිය.ශරීර අභ්‍යන්තර ජෛව රසායනික කි‍්‍රයාකාරිත්වයේ අසාමාන්‍යතා හෙවත් පරිවෘත්තීය විසමතා ඇති වීමෙන් ද මන්ද මානසික තත්ත්වය හටගනී.

මීට අමතරව සමාජීයව හා පවුල් පරිසරය තුළ ගුණාත්මක සබඳතා, පිළිගැනීම්, අගයකිරීම් හා මඟ පෙන්වීම් නොලැබීම හා ආදරය රැකවරණය ප‍්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් අන් අයගේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් දක්වන චර්යා අසාමාන්‍යතා ද මන්ද මානසික රෝග කායික වර්ධනය හා සමගාමීව මානසික සංවර්ධනය ද සිදුවේ. වයසත් සමඟ පුද්ගලයෙකු එසේ නිරූපණය කරන හැකියාවන්, දක්ෂතාවයන් හා හැසිරීම් රටා මත අන්තර් පුද්ගල සන්නිවේදනය හා සමාජ සබඳතා ගොඩනැගේ.

එක් එක් වයස් කාණ්ඩවලදී පුද්ගලයෙකු තුළ වැඩිදියුණු කරනු ලබන කායික, වාචික, චර්යාත්මක හා මානසික කි‍්‍රයාකාරකම් මත පදනම් වූ දර්ශක මගින්, බුද්ධි ඵලය ගණනය කෙරේ.බුද්ධි ඵලය 69% සිට 55% දක්වා සංවර්ධනාත්මක ඌනතා පෙන්වන කාණ්ඩය ලෙස සැලැකේ. මූලික මට්ටමේ කියවීම, ලිවීම හා ගණනය කිරීමේ හැකියාවන් වැඩිදියුණු කළ හැකි මේ දරුවන්ට විශේෂිත අධ්‍යාපනයක් ලබාදීම අවශ්‍යවේ. ශ්‍රේණි කිහිපයක් දක්වා පාසල් අධ්‍යාපනය ලබා ගනී. ස්වාධීනව ජීවත්විය හැකි පිරිසක් වන මොවුන් අධීක්ෂණය යටතේ යම් සරල රැකියාවක නිරත වීමට හැකියාවෙන් යුක්ත වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ විශේෂිත හැකියාවන් හඳුනාගෙන දිරිගැන්වීමක්, මඟපෙන්වීමක් හා පහසුකම් සැලැසීමෙන් ගුණාත්මක නිර්මාණ බිහිකළ හැකිවේ.

මධ්‍යස්ථ ලෙස සංවර්ධන ඌනතා ඇති පුද්ගලයින් ලෙස ගැනෙනුයේ බුද්ධි ඵලය 54% සිට 40% දක්වා වූ පිරිසයි. මෙම දරුවන්ට තම දෛනික කටයුතු සිදුකරගැනීමට (ස්නානය, රෙදි සේදීම, නිවස පවිත‍්‍රව තැබීම, දත් මැදීම, උපකරණ අසුරා තැබීම වැනි) හා සමාජීව සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් හා හැකියාවක් ඇත. ලිවීම, කියවීම පිළිබඳ ඇතැම් විට පුහුණු කළ හැකි අතර අත්‍යවශ්‍ය විශේෂිත වචන මූලික ගණනය කිරීම් පුහුණු කළ හැකි වෙයි. අධීක්ෂණය යටතේ යම් පිරිසක් හෝ පුද්ගලයෙක් සමඟ සරල රැකියාවක නිරත වීමට හුරු කළ හැකියි.39% සිට 25% දක්වා වූ බුද්ධි ඵලයකට හිමිකම් කියන දරුවන් තීව‍්‍ර සංවර්ධනාත්මක ඌනතාවන්ගෙන් පෙළෙන දරුවන් ලෙස හැඳින්විය හැකිය. තම දෛනික පවිත‍්‍රතා කටයුතු ආහාර ගැනීම, වැසිකිළි භාවිතය හා පෙනුම පවත්වා ගැනීම වැනි මූලික කටයුතුවලදීත් යම් කි‍්‍රයාකාරකමක යෙදවීමේදීත් සමීපතම කෙනෙකු හෝ පිරිසකගේ සහය අවශ්‍ය වේ.

මානසික හා කායික අවශ්‍යතා හෝ ගැටලු හඳුනාගෙන තීව‍්‍ර තත්ත්වයේ සංවර්ධන ඌනතා පවතින දරුවන් රැක බලා ගැනීමට ඔවුන් මනාව තේරුම්ගත් පුද්ගලයකු හෝ පිරිසක් අත්‍යවශ්‍ය වේ. ඊට හේතුව තම අදහස් පළකිරීමට ඔවුන් භාවිතා කරන ක‍්‍රමවේදය ඔවුන්ටම පමණක් විශේෂිත වූ ක‍්‍රමයක් විය හැකි බැවිනි.ප‍්‍රමාණවත් පෝෂණය, ව්‍යායාම හා මානසික සහනය ලබාදී කායිකව හටගන්නා රෝග කල් ඇතිව හඳුනා ගෙන ප‍්‍රතිකාර ලබාදීමෙන් ඔවුන්ට ද පී‍්‍රතිමත් ජීවිතයක් ගතකිරීමට අවකාශය සලසා දිය හැකිය.අතිශය තීව‍්‍ර තත්ත්වය මන්ද මානසික හෙවත් සංවර්ධනාත්මක ඌනතා සහිත දරුවන්ගේ බුද්ධි ඵලය සියයට 25 ට අඩු අගයක් ගනී. කෑම ගැනීම, වැසිකිළි යෑම, පවිත‍්‍රතාවය පවත්වා ගැනීම වැනි සියලු පුද්ගල අවශ්‍යතා සඳහා ඔවුන්ට අන් අයගේ සහාය අත්‍යවශ්‍ය වේ.සුපරීක්ෂාකාරීව ඔවුන්ගේ සංඥා ක‍්‍රම ඔස්සේ අවශ්‍යතා, ගැටලු හඳුනා ගෙන සත්කාර කිරීම හා කායික රෝග කල් ඇතිව හඳුනාගෙන ප‍්‍රතිකාර ලබා දීමෙන් මෙන්ම ප‍්‍රමාණවත් ව්‍යායාම ලබාදීමෙන් වැඩි කාලයක් ජීවත් වීමට අවස්ථාව සලකා දිය හැකියි. කාරුණික වචන හා ආදරණිය සත්කාරය ඔවුන් මානසිකව සතුටින් තැබීමට හේතු වේ.තීව‍්‍ර සංවර්ධන දුබලතා සහිත දරුවන් තම සෞඛ්‍ය ගැටලු ප‍්‍රකාශ කිරීමට ඇති නොහැකියාව නිසාත් රෝග විනිශ්චය පරීක්ෂණ මඟින් රෝග හඳුනා ගැනීමට නොහැකි වීම නිසාත් සෘජුව කායික රෝගවලට ප‍්‍රතිකාර ලැබීම දුෂ්කර වේ. ඒ අනුව අදාළ ප‍්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමට නොහැකි විය හැකි අතර ඔවුන්ගේ මානසික ගැටලු හඳුනා ඊටත් වඩා දුෂ්කර කර්තව්‍යයකි.

මන්ද මානසික (සංවර්ධනාත්මක ඌනතා සහිත) දරුවන් අතරින් සමහරු ශ‍්‍රවණ සහ දෘෂ්‍ය දුබලතාවලින් ද, අපස්මාර රෝගයෙන් ද, විෂාදයෙන් පෙළෙති.මන්ද මානසික ප‍්‍රජාව වෙනුවෙන් අපට කළ හැකි දේ බොහෝය. එම දරුවන් තම පවුල තුළ හා සමාජයේදී සැලැකිය යුතු ගැටලු රැසකට මුහුණ දේ. සමාජීයව ඔවුන් තුළ පවතින අසාමාන්‍යතා, හැසිරීම් විසමතා හා සන්නිවේදන ගැටලු ඊට හේතු වේ.එහෙත් බුද්ධිමත් පුරවැසියන් ලෙස අප මන්ද මානසික පුද්ගලයින් පිළිබඳ නිසි පරිදි දැනුවත්ව ඔවුන්ට සහය වීමට ඉදිරිපත් වේ නම්, ඔවුන් කෙරෙහි සානුකම්පිතව හිතන්නේ නම් එය සමාජීය ගැටලුවක් නොවනු ඇත.නිරන්තරවම බැණ වැදීම්, පහරදීම්, හෑල්ලුවට ලක්කිරීම, සමච්චලයට ලක්කිරීම මන්ද මානසික පුද්ගලයින් සමාජීයව මුහුණ දෙන ගැටලු සමහරෙකි. ඊට අමතරව නිසි පරිදි ආහාර නොලැබීම, දඬුවම් දීම, නොසලකා හැරීම, ගසා කෑම්, වංචාවලට ලක්වීම, නිසි වේලාවට අවශ්‍යතා ඉටු නොවීම ද දෛනිකව ඔවුන් මුහුණ දෙන ගැටලු රැසකි. ලිංගික අපයෝජනයට ලක්වීම, මෙන්ම පවතින නීතිමය තත්ත්වයන් තුළ ද නිරන්තර අත්අඩංගුවට පත්වීම, සිරගතවීම මන්ද මානසික පුද්ගලයින් මුහුණ දෙන තවත් ගැටලු කිහිපයෙකි.

කායික, මානසික, චිත්තවේගීයව හා සමාජීයව මෙම පුද්ගලයින්ම එල්ල වෙන අභියෝග හේතුවෙන් ඇතැම් අය ප‍්‍රචණ්ඩකාරී, සමාජ විරෝධී හැසිරීම් ලක්ෂණ පෙන්වන්නටත් ඇතැම් පුද්ගලයින් ආත්ම අභිමානය, ආත්ම විශ්වාසයෙන් තොර දුබල පුද්ගලයින් ලෙසත් සමාජය තුළ දී දැකිය හැකිය.දරුවෙකු මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බව හඳුනා ගත් විට, එම දරුවා කෙලෙස පුනරුත්ථාපනය කළ හැකි ද? යන්න විමසා බලා, වැඩිදියුණු කරගත හැකි කුසලතාවන් හඳුන්වා දී හැකි උපරීම පරිදි ස්වාධීනව පිටත්වීමට අවශ්‍ය මඟ පෙන්වීමෙන් දරුවා සමාජය තුළ කරදරකාරී චරිතයක් හෝ මව්පියන්ට බරක් නොවී රටට ඵලදායි, මනා පෞරුෂත්වයකින් ද යුත් සමාජය තුළ ඵලදායි පුද්ගලයෙක් බවට පත්කළ හැකියි.
( අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හෙද නිලධාරි රෝහණ විජේසිංහ මහතාගේ ලිපියක් ඇසුරිනි)

සියදියි හානිය (තෙවන ලිපිය)

♠ Posted by ආලෝකය
සියදිවි හානිකරගැනීම සහ මානසික ගැටලු (තෙවන ලිපිය)

(මෙම ලිපිය නැවත සංස්කරණය කිරිමෙන් අනතුරැව පලකරන ලද්දකි.මෙහිද සියදිවි නසා ගැනීමට යොදන උපායන් හා එම සංඛ්‍යාලේඛන සියල්ලම මෙම ලිපියෙන් ඉවත් කර ඇත.මන්ද යත් එයින් වනුයේ දිවිනසා ගැනිමෙ ක්‍රමවිධි දැනුවත් වීම එවනි අදහසක සිටින පුද්ගලයකුට මහත් රැකුලක් විය හැකි හෙයිනි.ලිපියේ අන්තර්ගත තොරතුරැ සදහා මූලාශ්‍ර වී ඇත්තේ විශේෂඥ මනෝ වෛද්‍ය වරැන්ගේ ලිපි හා සාකච්ඡාවන් බව සලකන්න)

සියදිවි නසාගැනීම වලක්වාගැනීම යනු සියදිවි නසාගැනීම් වලක්වා ගැනීම සදහා ගන්නාවූ ලබන සාමුහික ක්‍රියාමාර්ගයි.සමහර විධික්‍රමවලට ලගාවීම අඩුකිරීම තුලින් මේ දේ සිදුවේ. උදාහරණයක් ලෙස ගිනිඅවි භාවිතය හා වසවිෂ භාවිතය අඩුකිරීම තුලින් මේ දේ සිදුකල හැකිය.. අනෙකුත් ක්‍රියාමාර්ග වන්නේ ගල් අගුරු,පාලම් බාධක, උමං මාර්ගවලට ලගාවීම අඩුකිරීම වැනිදේය. අධිකලෙස මත්ද්‍රව්‍ය හා ඖෂධ භාවිතා කරන්නන් සහ මීට පෙර සියදිවි නසාගැනීමට උත්සාහ කල අයට ප්‍රතිකාර කිරීම වලක්වා ගැනීමට වඩාත්ම ඵලදායි වේ. මත්ද්‍රව්‍ය හා මත්පැන් සොයාගැනීම හා භාවිතා කිරීම අවම කිරීමට විදිවිධාන පැමිණවීමට සමහරු යෝජනා කරති. දුරකථන මාර්ග ඔස්සේ මාර්ගෝපදේශනය සැපයීම් තිබුනද ඒවා භාවිතා කරන්නේ සුළු පිරිසකි. එමනිසා ඒවායේ ඵලදායිතාවයක් නොමැත. පසුගිය කාලයේ සියදිවි නසාගැනීමට සිතු තරුණයන්ට cognitive behavioral therapy එයින් මිදීමට උදවු වී ඇත. එසේම ආර්ථික සංවර්ධනය තුලින් දරිද්‍රතාවය අඩුකිරීම දිවිනසාගැනීමේ ප්‍රතිශතය අඩු කිරීමට සමත්වේ. විශේෂයෙන්ම වැඩිහිටි පිරිමි අයගේ සමාජයීය සබදතා වර්ධනය කිරීමද මේ සදහා ඵලදායී වේ.

මානසික රෝගාබාධ

මානසික සෞඛ්‍යය ගැටළු පවතින අයට ඒ සදහා ප්‍රතිකාර කිරීම දිවිනසාගැනීමේ අවදානම අඩුකරයි. දිවිනසගැනීමට දැඩි ලෙස උවමනාවක් ඇති අය ස්වේච්චාවෙන් හෝ අනෙක් අයගේ බලපෑම් මත මානසික රෝගවලට ඇතුල්වේ. මෙහිදී යමෙකුට හානිවියහැකි ආකාර නැතිකර දමයි. සමහර රෝහල් සායන රෝගියා ලව සියදිවි නසා නොගන්නා බවට එකගතාවයක් අත්සන් කරනු ලබන්නේ එම රෝගියා රෝහලෙන් නිදහස් කිරීමට පෙරය. නමුත් මෙය සාර්ථක කමයක් නොවේ. රෝගියා අඩු අවදානම් තත්වයක පසුවේනම් බාහිර ලෙස මානසික ප්‍රතිකාර ලබාදීමට පිළියෙළ කරයි. කෙටිකාලීන ලෙස රෝහල්ගත කිරීම එතරම් ඵලදායි නොවන අතර ප්‍රජාව විසින් රෝගියා බලාගැනීම borderline personality disorder වැනි අයට වඩාත් ඵලදායි වේ.

වසංගත අධ්‍යයනය(Epidemiology)

දළවශයෙන් 0.5% ක සිට 1.4% දක්වා මිනිසුන් ප්‍රමාණයක් දිවිනසගනිති. ලෝකයේ 2008/2009 වර්ෂවල මිනිසුන් මරණයට පත්වීමේ මාර්ග අතුරින් 10 වැනි ස්ථානයට පත්ව ඇත්තේ සියදිවි නසාගැනීමයි. ඒ 800000 සිට මිලියන 1 දක්වා මිනිසුන් ප්‍රමාණයක් වාර්ෂිකව මියයති. සියදිවි නසාගැනීමේ වාර්ෂික මරණ අනුපාතිකය 100000 කට 11.6% කි. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 1960 සිට 2012 වර්ෂය වනවිට 60%කින් වර්ධනය වී ඇත. බොහෝ වශයෙන් මේ වර්ධනය දැකගත හැක්කේ දියුණු වෙමින් පවතින රටවලය. මරණයෙන් අවසන්වන සෑම සියදිවි නසාගනීමකටම 10ත් 40ත් අතර සියදිවි නසාගැනීමේ උත්සාහයන්ද පවතී. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය රටවල් අනුව හා කාලය අනුව විවිධ වේ.

2008 වසරේ ලෝකයේ සියදිවි නසාගැනීමේ මරණ ප්‍රතිශතය මෙසේය

. අප්‍රිකාව 0.5%, ගිනිකොණදිග ආසියාවේ 1.9%, ඇමෙරිකාවේ 1.2% සහ යුරෝපයේ 1.4% .100000කට ප්‍රතිශතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ 8.6%, කැනඩාවේ 11.1%, චීනයේ 12.7%, ඉන්දියාවේ 23.2%, එක්සත් රාජධානියේ 7.6%, ඇ.එ.ජ 1.4%. 2009 දී ඇ.එ.ජ මිනිසුන් මරණයට පත්වීමේ 10වෙනි සාධකය සියදිවි නසාගැනීම වන අතර එය 36000ක් පමණ වේ 650000 ක පමණ මිනිසුන් ප්‍රමාණයක් හදිසි අවස්ථා දෙපාර්තමේන්තුව යටතේ සියදිවි නසාගැනීමට තැත් කිරීම නිසා පුනරුත්ථාපනය ලරනු ලැබේ. ලිතුවේනියාව, ජපානය හා හංගේරියාවේ ඉහලම සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයක් පවතී. සංඛ්‍යාත්මක වශයෙන් ගත්කල ඉහලම නිරපේක්ෂ අගයක් වාර්තාවන්නේ චීනයේ හා ඉන්දියාවේය. එය ලෝකයේ මුළු සියදිවි නසාගැනීම වලින් අර්ධ්යකටත් වඩා වැඩිය. චීනයේ මරණවලට හේතුවන පස්වන ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීමයි.

ලිංගභේදය

යුරෝපානු රටවල සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වන පුරුෂයන් ගණන ස්ත්‍රීන්ට වඩා තුන්ගුණයේ සිට සිවුගුණය අතර වේ. එනමුදු ස්ත්‍රීන් සියදිවි නසාගැනීමට උත්සාහ ගන්නා වාර ගණන පුරුෂයන්ට වඩා සිවුගුණයක් වැඩිය. එනම් තම ජීවිතය නැතිකර ගැනීමට පුරුෂයන් වඩාත් මාරක ක්‍රම භාවිතා කරයි. වයස අවුරුදු 65ට වඩා වැඩි පුරුෂයන් ස්ත්‍රීන්ට වඩා 10 ගුණයකින් සියදිවි නසාගනියි. ලෝකයේ වැඩිම ස්ත්‍රී සියදිවි නසාගැනීම වාර්තා වන්නේ චීනයෙන් වන අතර ස්ත්‍රීන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය පුරුෂයන්ගේ ප්‍රතිශතය ඉක්මවා යන එකම රටද වේ.(අනුපාතය 1:0.9). නමුත් නැගෙනහිර මද්‍යධරනී රටවල ස්ත්‍රී පුරුෂ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වාර්තාවන්නේ දකුණු කොරියාවෙන් වන අතර එය 100000 කට 22කි. එමෙන්ම දකුණු හා නැගෙනහිර ආසියාවේ බටහිර පැසිපික් කලාපයේ ඉහල ප්‍රතිශතයක් පවතී..

වයස

බොහෝ රටවල මැදිවයසේ අයගේ සහ වැඩිහිටි අයගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වැඩිය. වයස අවුරුදු 15-29 අතර සිටින ජනගහණය වැඩිවීම හේතුවෙන් නිරපේක්ෂ අගය එම වයස් ප්‍රාන්තරයේ වැඩිය. ඇ.එ.ජ. වයස අවුරුදු 80 ට වැඩි සුදු ජාතික පුද්ගලයන් හා තරුණයන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍උත්සාහයන් බහුලය. එය වැඩිහිටියන්ගේ දෙවැනි ප්‍රධානතම මරණීය සාධකය වන්නේ රිය අනතුරු පළමු ස්ථානයට පත් කරමින්ය. දියුණු රටවල තරුණ පුරුෂයන්ගේ මරණවලට 30%ක් වගකියනු ලබන්නේ සියදිවි නසාගැනීම වේ. නමුත් දියුණු වෙමින් පවතින රටවල තත්වය මෙසේ වුවද සමස්ථයක් ලෙස ගත්කල එම රටවල මරණවලින් වැඩි ප්‍රතිශතය ගන්නේ වෙනත් සාධකය. දකුණු ආසියානු රටවල ලෝකයේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව තරුණියන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වැඩිහිටි කාන්තාවන්ගේ ප්‍රතිශතයට වඩා වැඩිය.

ඉතිහාසය

Decebalus'ගේ සියදිවි නසාගැනීම, Trajan's Columnමගිනි
අතීත ග්‍රීක ඇතන්ස් වැසියන් විසින් රජයේ අනුමැතියකින් තොරව සියදිවි නසාගන්නා පුද්ගලයන්ට අවසන් ගෞරව නොදැක්වූ අතර ඔහුන්ට උසස් භුමිදානයක් හිමිනොවේ. එසේ මැරුණු පුද්ගලයන් ළගපාත නගරයක මිහිදන් කරන අතර සිහිවටන ඵලක, සොහොන් වැනිදේ ඔහුන්ට නිර්මාණය නොකරන ලදී. අතීතයේ ග්‍රීසිය හා රෝමය යුද්ධ පරාජ හමුවේ සියදිවි නසාගැනීම පිළිගත් දෙයක් විය. අතීත රෝමයේ මේ සදහා ඉඩ ලැබුනද පසුව ආර්ථික වියදම් නිසා මෙය අපරාධයක් බවට පත්කරන ලදී. 1670 දී 14වන ලුවිස් රජතුමා නිකුත් කරන ලද අපරාධ ආඥපනත මගින් සියදිවි නසාගැනීමට දඩුවම් වැඩිකරන ලදී. මෙහිදී මැරුණු පුද්ගලයන් සිරුර වීදිවලට ගෙනවිත් මුහුණ යටට සිටිනසේ පාරදිගේ ඇදගෙනයාම හා සිරුර එල්ලා කුණු,මඩ වැනි දේවලින් ගැසීම සිදුකරන ලදී. ඉතිහාසයේ ක්‍රිස්තියානි පල්ලිවල අයගෙන් සියදිවි නසාගැනීමට තැත්කළ අය ආගම් සභාවෙන් ඉවත්කරන ලද අතර ඔහුන්ගේ සිරුරු පාරිශුද්ධතත්වයට පත්කරන ලද සොහොන් බිම් වලට එළියෙන් මිහිදන් කරන ලදී. 19වන සියවසේදී එක්සත් රාජධානියේ සියදිවි නසාගැනීමට වෙර දැරීම හා මිනිස් ඝාතනයට තැත්කිරීම සමාන වරදවල් ලෙස සලකූ අතර එල්ලා මැරීම දඩුවම් ලෙස ලබාදෙන ලදී. පසුව 19 වැනි සියවසේදී යුරෝපීය නීතිය මෙය පාපයක් නිසා සිදුවන්නක් හෝ සිහිවිකල් බව නිසා සිදුවන්නක් ලෙස සලකා ලිහිල් කරන ලදී.

සමාජය හා සංස්කෘතිය නීති පැමිණවීම

.
අතීතයේ එනම් 1800 ගණන් දක්වා බටහිර යුරෝපීය රටවල සියදිවි නසාගැනීම අපරාධයක් ලෙස සැලකුවද වර්තමානයේ අපරාධයක් ලෙස නොසලකයි.( it however was in most Western European countries from the Middle Ages until at least the 1800s) නමුත් ඉස්ලාමීය රටවල මෙය අපරාධයක් ලෙස සලකනු ලැබේ.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ. එනමුදු සියදිවි නසාගැනීමට උපදෙස් දීම, උල්පන්දම් දීම හා උදවු කිරීම අපරාධයකි. එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට තවත් සියදිවි නසාගැනීම වලක්වා ගැනීමට එම නීතිය භාවිතා කල හැකිය. ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ 1996-1997 වසරවල සියදිවි නසාගැනීම් වලට සහයෝගය දෙන විශේෂඥයෝද සිට ඇත.( The Northern Territory of Australia briefly had legal physician-assisted suicide from 1996 to 1997.)
යුරෝපයේ කිසිදු රටක් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත් කිරීම වරදක් ලෙස සලකනු නොලැබේ. 1961 දී එංගලන්තය හා වේල්සයද 1193 දී අයර්ලන්තයේද සියදිවි නසාගැනීම පනත මගින් සියදිවි නසාගැනීම අපරාධයක් නොවන බවට පත්කර ඇත. 'පෙළඹීම' යන වචනය නීතිවිරෝධී ලෙස සලකන අතර එම නිසා බොහෝ එම වචනය භාවිතා නොකරයි.
ඉන්දියාවේ සියදිවි නසාගැනීම නීත්‍යනුකුල නොවන අතර මරණයෙන් පසුව ඔහුගේ පවුලේ අයට නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. ජර්මනියේ සක්‍රිය අනායාස මරණය නීතිවිරෝධී වන අතර එවැනි අයෙකු අධි චෝදනාවලට ලක්විය හැකිය. හදිසි අවස්ථාවකදී උදවු ලබාදීමට අසමත් වීම නිසා ස්විට්සර්ලන්තයේ මෑතකදී සියදිවි නසාගැනීම්වලට සහය දැක්වීම නීතිගතකර ඇති අතර ඒ ඌන මානසික රෝගවලින් පෙළෙන අය සදහා පමණි. Lausanne හි ඉහළ උසාවි මගින් 2006 වර්ෂය පුද්ගලයෙක් දීර්ග කාලයක් පවතින මානසික රෝගයකින් මිදීම සදහා සියදිවි නසාගැනීමට අවසර ලබාදී ඇත..
ඇ.එ.ජ මෙය නීතිගතකර නොමැති වුවද සියදිවි නසාගැනීමට උත්සාහ කරන අයට දඩුවම් පැමිණවේ. වෛද්‍ය නිර්දේශවලට අනුව සියදිවි නසාගැනීම ඔරිජින් . හා වොෂින්ටන් ප්‍රාන්තවල නීත්‍යනුකුල වේ

ආගමික දැක්ම

කතෝලික බොහෝ නිකායවල සියදිවි නසාගැනීම පවකි. මාධ්‍ය කාලීන යුගයේ දාර්ශනිකයෙකු වූ ඔගස්ටින් සහ තෝමස් විසින් රචිත ග්‍රන්ථ මේ සදහා බලපෑමද එල්ල කර ඇත. නමුත් බ්යිසන්ටිව් කතෝලික ධර්මය හා code of justinian ට අනුව සියදිවි නසාගැනීම පවක් නොවේ. කතෝලික භාෂිතය තුළ මෙම වාදය පවතින්නේ දෙවියන්ට නියම වූ " Thou shalt not kill" සහ ජීවිතය යනු දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලද උතුම් ත්යගෞඅක් වන බැවින් එය විනාශකර ගත නොයුතු බවත් යන මතයන්ය. එමෙන්ම ස්වභාවධර්මය සියදිවි නසාගැනීමට විරුද්ධ බව ඔහුන් විශ්වාස කරති. එය දෙවියන් වහන්සේගේ සැලැස්මට බාධාවක් බව විශ්වාස කරති. . එසේ වුවද මානසික රෝග සහ වේදනාවිදීමට ඇති බයනිසා යමෙකු සියදිවි නසාගැනීමේ අවදානම අඩුකරන බව විශ්වාස සොයාගෙන ඇත. මීට විරුද්ධව මත පළකරන්නන් ප්‍රකාශ කරන්නේ 6 වෙනි දේව නියමය වඩා නිරවද්‍ය ලෙස " Thou shalt not murder " ලෙස පරිවර්තනය වියයුතු බවයි. එනම් තමාට මෙය අදාළ නොවන අතර දෙවියන් වහන්සේ විසින් මිනිසුන්ට නිදහස් වරමක් ලබාදී ඇත. එනම් ලෙඩරෝග සුවකරන තරම් සියදිවි නසාගැනීම දේවනීතිය උල්ලංගණය නොකරන අතර එමනිසා දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් බයිබලයේ සදහන් සියදිවි නසාගැනීම් වලදී දරුණු දඩුවම් පැමිණවීම් වාර්තා වී නොමැත

යුදෙව් ආගම ජීවිතයේ අමිල බව අගය කරන අතර සියදිවි නසාගැනීම දෙවියන්ගේ පාරිශුද්ධත්වය පිළිනොගන්නා බවක් ලෙස සැලකේ. නමුත් අත්‍යන්ත අවස්ථාවලදී එනම් වෙනත් කිසිදු විකල්පයක් නොමැති අවස්ථාවලදී තමාගේ ජීවිතය නැතිකර ගැනීම හෝ ආගම පාවාදීම සිදුවේ. යුදෙව්වන් තනි තනිව හෝ සමුහ වශයෙන් දිවිනසා ගැනීම සිදුකරගෙන ඇති අතර ඔහුන් සදහා උග්‍ර සිහිකැදවීමක් යුදෙව් දේවමෙහෙයන් තුලදී " when the knife at the throat " ලෙස සිදු කරනු ලැබේ. එම මරණයට පත් වූ පිරිස පාපයෙන් මුදවාගැනීම මෙහි අරමුණ වේ. මෙම ක්‍රියාවන්ට යුදෙව් අධිකාරීන්ගේ මිශ්‍ර ප්‍රතිචාර පවතින අතර යම් පිරිසක් වීර ජීවිත පරිත්‍යාග වලට උදාහරණ ලෙස මෙය හදුන්වයි. අනෙක් පිරිස ප්‍රකාශ කරන්නේ වීරත්වය බලාපොරොත්තුවෙන් තම ජීවිතය නැතිකර ගැනීම වරදක් බවය. 

ඉස්ලාම් ආගමේ සියදිවි නසාගැනීම තහනම්ය. හින්දු ආගමේ සියදිවි නසාගැනීම වෙනත් මනුෂ්‍ය ඝාතනයක් කරන තරම් පවකට සමාන වේ. හින්දු ධර්ම ග්‍රන්ථවල සදහන් වන්නේ සියදිවි නසාගන්නා පුද්ගලයා අධ්‍යාත්මික ලෝකයේ කොටසක් වන අතර එම පුද්ගලයා සාමාන්‍ය විදියට එනම් දිවිනසගැනීමෙන් තොරව මරණයට පත්වෙනතුරු ලෝකයේ සැරිසරමින් පවතින බවය. (However, Hinduism accept a man's right to end one's life through the non-violent practice of fasting to death, termed Prayopavesa.) නමුත් හින්දු ආගමේ "ප්‍රයෝපවේස " නැමති අවිහින්සාවාදී ලෙස එනම් උපවාස කිරීම තුලින් තම ජීවිත නැතිකර ගැනීමට ඇති අයිතිය අනුමත කරනු ලැබේ. නමුත් මෙය ජීවිතයේ අරමුණක්,වගකීමක් නොමැති අයට තහනම්ය. යුදෙව් ආගමේදී මෙවැනිම දෙයක් "සන්ත්‍රා සතී " ලෙස පවතින අතර හින්දු ආගමේ වැන්දඹුවන් සදහා සති පුජා වැනි දේද පවතී.

බුදු දහමෙ පෙන්වා දෙනුයේ ලැබු මනුෂය ජීවිතය දුර්ලභ බව අවබෝධ කරගනිමින් එම ජීවිතය පාරිශුද්ධ පරිපුර්ණ තත්ත්වයකට උත්සහ ගන්නා ලෙසය.එවනි උතුමි දුර්ලභ මනුෂ්‍ය ජීවිතය හානිකරගැන්ම බුදු දහමෙ කිසිසේත්ම අනුමත නොකරයි.ප්‍රශ්න ගැටලු කරදර බාධක හමුවෙ පිලිතුර වියයුත්තේ දිවිහානි කරගැනීම නොව.අවබෝධයෙන් ඒවාට මුහුන දෙමින් ඒවා විසදා ගැනීමය.සියදිවි නසා ගැනීමට උත්සහ කල රජ්ජුමාලාවට බුදු හිමි දුන්නේ එවැනි අවවාදයන්ය.

අනෙකුත් විශේෂ

සියදිවි නසාගැනීම ස්වකැමැත්තෙන් සිදුවන දෙයක් වන අතර එය මිනිසුන් නොවන සතුන් තුලද දැකියහැකි වේ. salmonella ජීවීන් බැක්ටීරියා සමග තරග කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතිචාරයක් ලෙස සියදිවි නසාගැනීමේ හැසිරීම් දක්වයි. එමෙන්ම Forelius posilly නැමති බ්‍රසීලියානු කුබීන් තුල සියදිවි නසාගැනීම ඇති බව සොයාගෙන ඇත.
Pea aphids රැජිණකට මකුණන් විසින් තර්ජන ඇති වූ විට පුපුරවාගෙන සියදිවි නසගනියි. සාමාන්‍යයෙන් termites විශේෂ සදහා පුපුරවාගැනීමේ හමුදාවක් ඇත්තේ ඔහුන් සතුරන්ගෙන් ආවරණය කරමින්ය. (Some species of termites have soldiers that explode, covering their enemies with sticky goo.)
එසේම බල්ලා, අශ්වයා, ඩොල්පින් සියදිවි නසාගන්නා බව සොයාගෙන ඇත. එනමුදු ප්‍රමාණාත්මක සාක්ෂි නොපවතී. සතුන් තුල පවතින සියදිවි නසාගැනීම් පිළිබද විද්‍යාත්මක අධ්‍යනයක් කර නොමැත.

සමුහ දිවිනසගැනීම

සමුහ දිවිනසගැනීමක් 1978 දී "Jonestown" cult suicide,හි වාර්තා වූ අතර එයින් මිනිසුන් 918ක් ඇමෙරිකාවේ Peoples Temple මියගොස් ඇත. Jim Jones නැමැත්තා විසින් මෙය මෙහෙයවා ඇත්තේ මිදී රසැති සයනයිඩ් පානය කිරීමෙනි. 10000 කට වැඩි ජපන් වැසියන් පිරිසක් 1944 Battle of Saipan හිදී "Suicide Cliff" සහ "Banzai Cliff" වලින් පැන මියගොස් ඇත.
1981 දී හංගේරියා උද්ඝෝෂණවලදී මිනිසුන් 10ක් මරණයට පත්ව ඇත. එය මෙහෙයවා ඇත්තේ Bobby Sands විසිනි. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ බලෙන් කරවනලද ආහාර නොගැනීමේ උපවාස බවයි. දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් මගින් තර්ජන එල්ලවී ඇති අතර එල්ලී මැරී සියදිවි නසා නොගතහොත් ඔහුගේ පවුලෙන් පලිගන්නා බවයි

(දිවිහානි වලක්වා ගන්නේ කෙසේද යන්න පිලිබද මි ලග ලිපියෙන් සාකච්ඡා කරමු)

සියදිවි හානිය (දෙවන ලිපිය)

♠ Posted by ආලෝකය
සියදිවි නසාගැනීම හා මානසික ගැටලු (දෙවන ලිපිය)

මෙම ලිපිය නැවත සංස්කරනය කිරිමෙන් අනතුරැව පලකරන ලද්දකි.මෙහිද සියදිවි නසා ගැනීමට යොදන උපායන් හා එම සංඛ්‍යාලේඛන සියල්ලම මෙම ලිපියෙන් ඉවත් කර ඇත.මන්ද යත් එයින් වනුයේ දිවිනසා ගැනිමෙ ක්‍රමවිධි දැනුවත් වීම එවනි අදහසක සිටින පුද්ගලයකුට මහත් රැකුලක් විය හැකි හෙයිනි.ලිපියේ අන්තර්ගත තොරතුරැ සදහා මූලාශ්‍ර වී ඇත්තේ විශේෂඥ මනෝ වෛද්‍ය වරැන්ගේ ලිපි හා සාකච්ඡාවන් බව සලකන්න.
*********************
සියදිවි නසාගැනීම

සියදිවි නසාගැනීම (suicide , suicidium, sui caedere)තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කල හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසාගැනීම සිදුකරගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල, මානසික ආතතිය(විෂාදය-Major depressive disorder), හින්නොන්මාදය(Schizophrenia), Bipolar disorder වැනි මානසික රෝගවලට(mental disorder) ගොදුරු වී ඇති අවස්ථාවලදී, අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී සහ ඖෂධ අනිසි භාවිතා කරන අවස්ථාවලදීය(Drug abuse)තවද මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සබදතා වල බිදවැටීම් වැනි ගැටළුද සියදිවි නසාගැනීම්හිදී ප්‍රමුඛ භූමිකාවක් රගපානු ලබයි. සියදිවි නසාගැනීම වලක්වා ගැනීමේ ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනි අවි භාවිතය සීමා කිරීම, මානසික රෝග සහ ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීම සදහා ප්රවතිකාර කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම හැදින්විය හැකිය.ලෝකයේ සියදිවි නසාගැනීමේ ප්‍රධාන ආකාර රටින් රටට වෙනස්වන අතර එය තරමක් දුරට එම ආකාර එම රටවල ඇති නැතිබව හා සම්බන්ධ වේ. දළවශයෙන් ලෝකයේ මිනිසුන් ලක්ෂ 8-10 ත් අතර වාර්ෂිකව සියදිවි නසාගැනීම තුලින් තම ජීවිතය නැති කරගන්නා බවට සොයාගෙන ඇත. සියදිවි නසාගැනීම ලෝකයේ ජීවිත නැතිවීමේ ප්‍රධාන මාර්ග අතරින් දසවෙනි තැනට පත්වී ඇත. පුරුෂයන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ස්ත්‍රීන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි අතර එය ස්ත්‍රීන් සියදිවි නසාගැනීමට වඩා තුන්ගුණයත් සිවුගුණයත් අතර ප්‍රමාණයක් ගනී. එමෙන්ම ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන 10-20 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර ඇත. සියදිවි නසාගැනීමේ මෙම මාරක නොවන උත්සාහයන් ප්‍රධාන වශයෙන් ඇත්තේ තරුණ තරුණියන් සහ ස්ත්‍රීන් අතරය.

සියදිවි නසාගැනීම් පිළිබද අදහස් උදහස් සහ මතවාද ආභාෂය ලබා ඇත්තේ පුළුල් සංදෘෂ්ටික තේමාවන් වන ආගම, ගෞරවය සහ ජීවිතයේ අර්ථය මතය. ඒබ්‍රහම්ගෙන් සම්භවය වූවායැයි විශ්වාස කරන ආගම්(ක්‍රිස්තියානි,ඉස්ලාම් වැනි ) ජීවිතයේ පවිත්‍රතාවය විශ්වාස කරන බැවින් සියදිවි නසාගැනීම දෙවියන් වහන්සේට කරන ද්‍රෝහීකමක් ලෙස සලකනු ලබයි. ජපානයේ සමුරායි යුගයේදී “සේප්පුක්කු ” ගෞරවයට පාත්‍ර වුයේ අසමත් වීමේ වරද පිළිගැනීමේ සහ ඔහුගේ විරෝධතාවය පලකිරීමේ විදියටය. සති පූජා යනු ඉන්දියාවේ පවතින යල්පැන ගිය අවමංගල්‍යය චාරිත්‍රයකි. මෙහිදී තම ස්වාමි පුරුෂයා මරණයට පත් වූ පසු සිය කැමැත්තෙන් හෝ පවුලේ සහ සමාජයෙන් එල්ලවන බලපෑම් මත වැන්දඹුව සිය ස්වාමී පුරුෂයාගේ චිතකයට පැන ජීවිතය නැතිකර ගැනීම සිදුකරනු ලැබේ.
අතීතයේදී යුරෝපානු රටවල සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත් කිරීම දඩුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සැලකුවද වර්තමානයේ බොහෝ යුරෝපියානු රටවල එම තත්වය වෙනස් වී ඇත. එනමුදු බොහෝ ඉස්ලාමීය රටවල සියදිවි නසාගැනීම දඩුවම් ලැබෙන අපරාධයකි. 20 වැනි සහ 21 වැනි සියවස්වලදී විරෝධතාවය පළකිරීමේ මාධ්‍යක් ලෙස තම ජීවිතය නැතිකරගැනීම සිදුකර ගනු ලැබේ. එමෙන්ම යුද්ධ ගැටුම් වලදී ත්‍රස්තවාදී උපක්‍රමයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන තමන්ගේ ජීවිතයද අනෙක් සිය ගණනකද ජීවිත නැති කිරීම සිදුවේ. බෞද්ධ දර්ශණයට අනුව සියදිවි නසා ගැනීම කිසිසේත්ම අනුමත නොකරන්නේය.එහි ඉගැන්වෙන ආකාරයට මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කාරණයකි.

අර්ථ දැක්වීම්

සියදිවි නසාගැනීම යනු තමාගේ ජීවිතය තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාවයි.සියදිවි නසාගැනීමට තැත් කිරීම හෝ මාරක නොවන ආකාරයේ සියදිවි නසාගැනීම් හැසිරීම් මගින් තම ජීවිතය මරණයෙන් අවසන් නොවුනද සදාකාලික ආබාධ තත්වවලට ගොදුරුවිය හැකිය.සියදිවි නසාගැනීමට අනුබල දීම(Assisted suicide) යනු යමෙක් තව කෙනෙකුට තම ජීවිතය නැති කර ගැනීමට වක්‍රාකාරයෙන් උපදෙස්, අවවාද හෝ උපක්‍රමම ලබා දීමයි. නමුත් මීට පරස්පර තත්වයක් අනායාස මරණයේදී හෙවත් දුක් නොවිද මරණයේදී(Euthanasia) හිදී සිදුවේ. මෙහිදී පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකුට අනායාස මරණයක් ලගාකර දීම සදහා ක්‍රියාකාරී ලෙස දායක වේ. සමහර රටවල මෙය නීත්‍යනුකුල කර ඇත

අවදානම් සාධක

2008 ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 16ක සියදිවි නසාගැනීමට බලපාන සාධක
සියදිවි නසාගැනීමේ අවදානම සදහා බලපාන සාධක ලෙස මානසික ව්‍යාකුලතාවය(Psychiatric disorder), ඖෂධ වර්ග වැරදි ලෙස භාවිතය(Drug misuse), මානසික තත්වය, සංස්කෘතිය, පවුල සහ සමාජයීය තත්වය සහ ජාන හදුනාගත හැකිය. මානසික රෝග සහ විවිධ ද්‍රව්‍ය/ඖෂධ වැරදි ලෙස භාවිතයද සමගාමී ලෙස පවතී. වෙනත් අවදානම් සාධක වලට අන්තර්ගත වන්නේ මීට පෙර සියදිවි නසාගැනීමට තැත් කිරීම,එම ක්‍රියාව සිදුකිරීම සදහා සුදානම තිබෙන බව, සියදිවි නසාගැනීම් පිළිබද පවුල් ඉතිහාසය හෝ ඉතා දරුණු මොළයේ අනතුරකින් පෙළීම දැක්විය හැකිය.උදාහරණයක් ලෙස තුවක්කු වැනි ගිනි අවි සහිත නිවෙස්වල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ගිනි අවි නොමැති නිවෙස්වල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයට වඩා බෙහෙවින් වැඩිය.විරැකියාව, දරිද්‍රතාවය, නිවාස නොමැතිකම සහ වෙනස්කම් සැලකීම(විෂමතාවය) වැනි සමාජ ආර්ථික සාධකද සියදිවි නසාගැනීමේ සිතුවිලි උත්තේජනය කරනු ලබයි.සියදිවි නසාගන්නන්ගෙන් 15%- 40% ප්‍රමාණයක් මරණයට පෙර සියදිවි නසාගැනීමේ ලියවිල්ලක් ලියනු ලැබේ.සියදිවි නසාගැනීමේ හැසිරීම් වලින් 38%-55%ත් අතර ප්‍රතිශතයක් සදහා ජාන බලපාන බව සොයාගෙන ඇත.යුද්ධ වලදී බොහෝ අත්දැකීම් හා පළපුරුද්දක් ඇති නිලධාරීන් සහ සෙබළුන් සියදිවි නසාගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇත. ඒ මන්දයත් බොහෝ වශයෙන් සිදුවන මානසික පීඩනය වැනි තත්වයන් නිසා හෝ යුද්ධ පෙරමුණේදී සිදුවන කායික දුබලතාවයන් නිසාය.

මානසික රෝගාබාධ

යමෙක් සියදිවි නසාගැනීමේ අවස්ථාවේදී ඔහුට මානසික රෝගාබාධයක් තිබීමේ ප්‍රතිශතය 27 % සිට90% දක්වා විය හැකිබව ඇස්තමේන්තු කර ඇත. මානසික රෝගී වාට්ටුවකට ඇතුලත් කරගන්නා රෝගීන්ගෙන් 8.6% ක් තම ජීවිත කාලය තුල සියදිවි නසාගැනීමේ අවදානමක් පවතී සියදිවි නසාගැනීම මගින් ජීවිතය නැති කරගන්නා මිනිසුන්ගෙන් අර්ධයක්ම ප්‍රධාන වශයෙන් විෂාදයෙන්(major depressive disorder) පෙලෙන අතර තවත් සමහරක් bipolar disorder වැනි mood disorders වලින් එකකින් පෙළෙනු ලැබේ .අනිත් සම්බන්ධිත තත්වයන් වන්නේ භින්නෝන්මාදය(schizophrenia) (14%), පුද්ගල පෞරුෂත්වයෙ ගැටළු (personality disorders) (14%), bipolar disorder, සහ post traumatic stress disorder, bipolar disorder, and posttraumatic stress disorder. භින්නෝන්මාදය(schizophrenia) සහිත පුද්ගලයන්ගෙන් 5% සියදිවි නසගනියි කෑම අරුචිකම්(Eating disorders) තවත් අවදානම් සහිත තත්වයකි.

සියදිවි නසාගැනීම් අවධානම පිළිබද හොදම අනාවැකි පලකළ හැක්කේ පෙර සියදිවි නසාගැනීමේ උත්සාහයන් පිළිබද ඉතිහාසය තුලිනි. Approximately 20% of suicides have had a previous attempt and of those who have attempted suicide 1% complete suicide within a year 20% ක පමණ සියදිවි නසාගැනීම් සදහා පෙර සියදිවි නසාගැනීමේ උත්සාහයන් පවතින අතර එයිනුත් 1%ක් වසරක් තුලදී නැවතත් සියදිවි නසාගෙන ඇති අතර 5%ක් වසර 10ක් තුලදී සියදිවි නසාගෙන ඇත. විවිධ ක්‍රම වලින් තමන්ටම තුවාල සිදුකරගැනීම(self harm) සියදිවි නසාගැනීමට තැත් කිරීමක් ලෙස නොසලකන අතර මෙම තමන්ටම තුවාල සිදුකරගැනීමේ හැසිරීම සියදිවි නසාගැනීමේ අවදානම ඉහල දැමීමට අදාළ වේ.

සියදිවි නසාගත් පුද්ගලයන්ගෙන් දළවශයෙන් 80%ක් පමණ මරණයට පෙර වසරක කාලසීමාවක් තුල එක් වරක් හෝ වෛද්‍යයවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගෙන ඇත. එයිනුත් 45%ක් මිය යාමට මාසයකට පෙරවේ. දළවශයෙන් 25–40% ත් අතර සියදිවි නසාගත් පුද්ගලයන්ගෙන් මියයාමට පෙර වසර තුලදී තමන්ගේ මානසික සෞඛ්‍යය පරීක්ෂා කරගෙන ඇත.

ද්‍රව්‍ය/ඖෂධ අනිසි ලෙස භාවිතය

"The Drunkard's Progress", අධික ලෙස මත්ද්‍රව්‍ය,මත්පැන් වලට ඇබ්බැහිවීමෙන් සියදිවි නසාගැනීමට පෙළඹේ.විෂාධිය සහ bipolar disorder වලට පසුව දෙවනි ප්‍රධානතම සියදිවි නසාගැනීමේ අවදානම් සාධකය වන්නේ ද්‍රව්‍ය/ඖෂධ අනිසි ලෙස භාවිතයයි. ප්‍රියයන්ගේ වියෝව වැනි පුද්ගලික ශෝකයන් එකතු වූ කල සියදිවි නසාගැනීමේ අවදානම තවදුරටත් වැඩිවේ. එමෙන්ම ද්‍රව්‍ය /ඖෂධ අනිසි ලෙස භාවිතය මානසික රෝගාබාධ තත්වයන් සමගද සම්බන්ධය. එමෙන්ම 15% ත් 61% ත් අතර ප්‍රතිශතයක් සියදිවි නසාගැනීම වලට අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවේ. අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍යද භාවිතා කරන්නන් ප්‍රතිශතයක් සහිත රටවල සහ මත්පැන් තැබෑරුම් ඝනත්වයක් සහිත රටවල ඉහල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයක් ඇත. with this link being primarily related to distilled spirit use rather than total alcohol use. අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ප්‍රතිකාර ලබන්නන්ගෙන් 2.2%–3.4% ජීවිතයේ කෙදිනක හෝ සියදිවි නසාගනු ලැබේ. අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියදිවි නසගන්නන් සාමාන්‍යායෙන් පුරුෂයන් වන අතර වැඩිමහල් අයද වේ. එමෙන්ම ඔහුන්ගෙන් බොහොමයක් මීට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙනද ඇත. හෙරොයින් භාවිතා කරන්නන්ගෙන් 3 ත් 35% අතර මරණ සිදුවන්නේ සියදිවි නසාගැනීම මගිනි.(භාවිතා නොකරන්නන්ට වඩා වැඩිය දළවශයෙන් 14 ගුණයක් අවදානම ). කොකේන් සහ methamphetamines අනිසි ලෙස භාවිතා කිරීම සහ සියදිවි නසාගැනීම අතර සහසම්බන්ධයක් පවතී. කොකේන් භාවිතා කරන්නන්ගේ අවධානම වැඩිම වන්නේ එයින් වලක්වා ගන්නා සමයේදීය. වාෂ්පශීලී මත්ද්‍රව්‍යද භාවිතා කරන්නන්ගෙන් 20% ක් සියදිවි නසාගැනීමට ජීවිතයේ කවර මොහොතක හෝ උත්සාහ ගන්නා අතර 65% කට වැඩි පිරිසක් ජීවිතය නැතිකර ගැනීම පිළිබද සලකා බලයි. එමෙන්ම සිගරට් භාවිතා කිරීමද සියදිවි නසාගැනීමේ අවදානම හා සම්බන්ධය. සිගරට් භාවිතා කිරීම තුලින් සෞඛ්‍යය ගැටළු මතු වන හෙයින් මිනිසුන්ට තම ජීවිතය නැති කර ගැනීමට සිතේ. එමෙන්ම දුම්පානය මොලයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීම කෙරෙහි බලපාන හෙයින් සියදිවි නසා ගැනීමේ අවදානමද එය තුලින් වැඩිවේ.දුම්පානය සදහා හුරුවූ පුද්ගලයන් සියදිවි නසා ගැනීමටද පෙරහුරු වන බවට උපකල්පනයක් පවතී. එනමුදු එය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොපවතී.

සූදු කෙළීමේ ප්‍රශ්නය

සූදු කෙළීම නැමති ප්‍රශ්නය වර්ධනය වන සියදිවි නසාගැනීමේ සංකල්පය හා සමගාමී වන අතර මෙහිදී සිදුවන් සියදිවි නසාගැනීමේ උත්සාහයන් සංසන්දනය කරනු ලබන්නේ සාමාන්‍ය ජනගහනය සමග වේ. සුදුකෙලීමට ඇබ්බැහි වූ 12%-24%ත් අතර සුදුකරුවන් සියදිවි නසාගැනීමට තැත් කරයි. සුදුකරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය සාමාන්‍ය ජනගහනයක ප්‍රමාණයට වඩා තුන්ගුණයක් පමණ වැඩිය. සියදිවි නසාගැනීමේ අවධානම සුදුකෙලීමේ ප්‍රශ්නය නිසා වැඩිවීමට බලපාන අනෙකුත් සාධක වන්නේ මානසික රෝග, මත්පැන් හා මත්ද්‍රව්‍ය,සහ ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීමයි.

සෞඛ්‍යය තත්වයන්

කායික රෝග හා සියදිවි නසාගැනීම අතර සම්බන්ධයක් පවතී.මෙහිදී බලපාන ප්‍රධාන කායික රෝග ලෙස: බොහෝ කල්පවතින වේදනාවන්(Chronic Pain), Traumatic brain injury, පිළිකා, hemodialysis, ඒඩ්ස්,Systemic Lupus Erythematosus,හදුනාගත හැකිය. පිළිකාවක් යමෙකු තුල හදුනාගැනීම සියදිවි නසාගැනීමේ අවධානම දෙගුණ කරයි. විෂාධය හා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ප්‍රතිකරකොට අය යම්මට්ටමකට පාලනය කලද සියදිවි නසාගැනීමේ අවධානම පහව යන්නේ නැත. කායික හෝ මානසික රෝග එකකට හෝ වැඩි ගණනකින් පෙළෙනවිට සියදිවි නසාගැනීමේ අවධානම ඉතා ඉහළය.ජපානයේ සියදිවි නසාගැනීමට ප්‍රධානතම සාධකය ලෙස සෞඛ්‍යය ගැටළු නම්කර ඇත.විෂාධය හා සියදිවි නසාගැනීමට Insomania සහ Sleep apnea වැනි නින්ද නොයාමේ රෝග බලපායි.සමහර අවස්ථාවලදී නින්ද නොයාමට විෂාධය නොමැති වුවද සියදිවි නසාගැනීමට ඍජුව බලපායි. අනෙකුත් බොහොමයක් සියදිවි නසාගැනීමේ සෞඛ්‍යය තත්වයන්හිදී Hypothyroidism, Alzhemer's, Brain tumors, systemic lupas erthematous වැනි mood disorders වල රෝග ලක්ෂණ දැකිය හැකි අතර සමහර ප්‍රතිකාරවල අහිතකර බලපෑමද(beta blocks and steorids) මෙහිදී බලපානු ලැබේ.

මනසසාමික තත්වයන්

ජීවිතයේ අරමුණක් නොමැති වීම, ජීවිතයේ වින්දනයක් නොමැති වීම, විෂාධිය හා ජීවිතයේ අවුල් සහගතබව වැනි මනසසාමික තත්වයන් සියදිවි නසාගැනීමේ අවධානම වැඩිකරයි. ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ දුර්වලතා, යමෙකුට තිබු හැකියාවන් නැතිවී යාම හා හදිසි ආවේගය පාලනය කරගැනීමේ දුර්වලතා මෙහිදී ප්‍රධාන කාර්යක් සිදුකරනු ලැබේ. එමෙන්ම වැඩිහිටියන් තුල පවතින තමන් අනුන්ට වදයක් යන හැගීමද මේ සදහා බලපානු ලැබේ. එමෙන්ම සමීපතම පවුලේ සාමාජිකයෙකුගේ හෝ මිතුරෙකුගේ වියෝව නිසා ඇතිවන මානසික අවපීඩනය, රැකියාව නැතිවීම හෝ සමාජයීය හුදකලා වීම වැනි කරුණුද අවධානම වැඩිකරයි. කිසිදාක විවාහ නොවී දීර්ඝ කාලයක් තිස්සේ තනිකඩ ජීවිතයක් ගතකරන අයගේ ඉතා ඉහල සියදිවි නසාගැනීමේ අවධානමක් ඇත. ආගමානුකුලව ජීවත්වීම තුලින් යමෙකුගේ සියදිවි නසාගැනීමේ අවදානම අඩුකළ හැකිය බොහෝ ආගම් සියදිවි නසාගැනීමට විරුද්ධ වන නිසා මෙය ඉතා වැදගත් වෙයි. මුස්ලිම් අයගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අඩුය, 

යමෙකු තමාට සිදුවන අසාධාරනකම් හෝ හිරිහැරකම් නිසා සියදිවි නසාගැනීමට පෙළඹේ. ළමාවියෙදී ලිංගික අතවරයකට ලක් වූයේනම්අරන් හදාගත් ළමයෙකු ලෙස සැබෑ දෙමාපියන්ගෙන් වෙනව කුඩාකල සිවීම අවදානම් සාධකය. ලිංගික අතවරවලට ගොදුරුවීම සියදිවි නසාගැනීමට 20%ක් පමණ බලපානු ලැබේ. සියදිවි නසාගැනීමේ පරිණාමවාදී අර්ථදැක්වීමෙන් කියවෙන්නේ එමගින් සියලුම යෝග්‍යතාවන්ට බලපාන බවයි.සියදිවි නසාගන්නා පුද්ගලයට තවදුරටත් ළමයි සැදීමට නොහැකිනම් සහ තම වස්තුව තමන් ජීවත් වීම තුලින් තම ඥාතීන්ට අහිමිවේ නම් මෙය ක්‍රියාත්මක වේ.මෙයට විරුද්ධව මත පළකරන්නන් ප්‍රකාශ කරන්නේ නිරෝගිමත් තරුණයෙකු මෙසේ මියයාම තුලින් කිසිදු යෝග්‍යතාවක් වර්ධනය නොකරගන්නා බවයි(inclusive fitness). වෙනත් ආදිකාලීන පරිසරයකට අනුවර්තනය වීම වර්තමාන පරිසරයට නුසුදුසු අනුවර්තනයක් වීමට හැකිය.දරිද්‍රතාවය සියදිවි නසාගැනීමේ අවධානම හා සබැදිය. අනෙක් අයට සාපේක්ෂව තමන්ගේ දුප්පත්කම වර්ධනය වේනම් එය අවධානම වැඩිකරයි. විවිධ ණය ලබාගෙන ගෙවීමට නොහැකිවීම නිසා ඉන්දියාවේ 200,000 කට වැඩි ගොවීන් ප්‍රමාණයක් සියදිවි නසාගෙන ඇත. චීනයේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල සියදිවිනසා ගැනීමේ ප්‍රතිශතය නාගරික ප්‍රදේශවල ප්‍රතිශතයට වඩා තුන්ගුණයක් පමණ වැඩි බව විශ්වාස කරනු ලබයි.

ජනමාධ්‍ය

සියදිවි නසාගැනීම කෙරෙහි අන්තර්ජාලය ඇතුළු ජනමාධ්‍ය විශාල භූමිකාවක් රගපානු ලැබේ. ජනමාධ්‍ය සියදිවි නසාගැනීම වාර්තාකරණ ආකාරය තුල සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වන අවස්ථාද ඇත. ඉහල ධාරිතාවකින් යුතුව වාර්තා කිරීම, උලුප්පා පෙන්වීම, නැවත නැවත විකාශය වැනි අත්‍යන්තයෙන් වාර්තා කිරීම තුලින් සියදිවි නසාගැනීම උත්තේජනය වීමට හැකිය. සමස්තයක් ලෙස යම් සියදිව් නසාගන්නා ආකාරයක් ජනමාධ්‍ය තුලින් වාර්තා කිරීම තුලින් ජනතාව ඒ පිළිබද දැනුවත්වන බැවින් එම ආකාරයේ සියදිවි නසාගැනීම් ජනගහනයක් තුල වැඩිවිය හැකිය. 

මෙම සියදිවි නසාගැනීමේ නරක ආදර්ශය හෝ කොපි කිරීම Wether Effect ලෙස හදුන්වයි. මෙසේ හදුන්වන්නේ Goethe හි ප්‍රධාන පුරවැසියා සියදිවි නසාගැනීමෙන් අනතුරුවය. මෙම අවධානම තාරුණ්‍ය තුල බහුලව ඇති අතර එමන්දයත් මේවා දැකීමෙන් සියදිවි නසාගැනීමට ඔහුන් ප්‍රේම කිරීමට පුළුවන. ප්‍රවෘත්ති සපයන ජනමාධ්‍ය මේ සදහා සෘජුවම බලපෑවද විනෝදාස්වාදය සපයන ජනමාධ්‍ය ජනතාව තුල කුකුසක් ඇති කරවන බව සොයාගෙන ඇත. Weather effect හි ප්‍රතිවිරුද්ධ බලපෑම Popageno effect ලෙස හදුන්වන අතර එහිදී වඩාත් ඵලදායි සියදිවි නසාගැනීමේ විධික්‍රම කොපි කරන අතර ඒවාට ආරක්ෂාකාරී බලපෑම්ද තිබිය හැකිය. මෙම වචනය මොසාට්ගේ ඔපෙරාවේ The magic flute නැමැත්තා තම ආදරණීයයන් සියදිවි නසාගනී යන බියෙන් තම යහළුවන්ගේ උදවු ලැබෙනතුරු ජීවත් වී ඇත. ජනමාධ්‍ය වාර්තාකරණයේදී සුදුසු මාර්ගෝපදේශයන් අනුගමනය කරයි නම් සියදිවි නසා ගැනීම අඩු කරගත හැකිය. වාර්තා කිරීම යම් ජනමාධ්‍යකට වාසියක් වුවද දීර්ඝ කාලීන වශයෙන් ගත්කල එය සමාජයට අහිතකර වීමට පුළුවන.

තාර්කනික

තාර්කනික සියදිවි නසාගැනීම(Rational suicide) යනු තම ජීවිතය නැතිකර ගැනීමට තාර්කික නොවේයැයි සිතුවද එය සාධාරණය කිරීමට හේතුකාරණා ඉදිරිපත් කිරීමයි. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය නැතිකර ගැනීම පරහිතකාරී සියදිවි නසාගැනීම(altruistic suicide) ලෙස හදුන්වනු ලැබේ. උදාහරණයක් නම් තමන්ගේ ප්‍රජාවේ බාල පරම්පරාවට විශාල ප්‍රමාණයක් ආහාර ඉතිරිකර දීමට තමා සියදිවි නසාගැනීමයි. සමහර එස්කිමෝ සංස්කෘතීන්වල මෙය ගෞරවයට පාත්‍ර වන, බුද්ධිමත් හා ධෛර්යසම්පන්න ක්‍රියාවක් ලෙස සලකයි. 

සියදිවි නසාගැනීමේ ආක්‍රමණයක්(Suicide attack) එකක් යනු දේශපාලනික ක්‍රියාවක් වන අතර එහිදී ආක්‍රමණිකයා අනුන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහරින අතර මෙහිදී අවසානයේ ඔහුගේ ජීවිතයද නැතිවී යයි. සමුහඝාතනයක් බලාපොරොත්තුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සියදිවි නසා ගනියි. "කමිකසේ" මෙහෙයුම සිදුකරනු ලැබුවේ සදාචාරාත්මක බැදීමක් හෝ උසස් හෙතුප්‍රත්යක් ලෙස ඔහුන් සැලකු නිසාය. මිනීමරු සියදිවිනසා ගැනීම(murder-suicide) යනු මිනීමරුවා තම ජීවිතය එම අපරාධය කිරීමෙන් පසු නැතිකර ගැනීමයි. "බහුජන දිවිනසාගනීම"(murder suicide) බොහෝවිට සිදුකරනු ලබන්නේ එල්ලවන සමාජීය පීඩනය හමුවේ තම ස්වාධිපත්‍යය යම් නායකයෙකුට ලබාදීම සදහාය. මිනිසුන් දෙදෙනෙක් එක්ව වුවද(suicide pact) බහුජන දිවිනසාගනීමක් කල හැකිය.
සමහර අවස්ථාවලදී තවදුරටත් ජීවත්වීම ඉවසාගත නොහැකි වූ අවස්ථාවලදී මිනිසුන් එයින් පලායාමේ උපක්‍රමයක් ලෙස දිවිනසාගනීම භාවිතා කරයි. නාසි කදවුරුවල සමහර වැසියන් හිතාමතාම විදුලි වැටවල් ස්පර්ශ කර සිය ජීවිත නැති කරගෙන ඇත. 

ව්‍යාධි මානසිකත්වය(Pathophysiology) 
 
සියදිවි නසාගැනීමට හෝ විෂාධයට විශේෂ වූ ව්‍යාධි මානසිකත්වක් නොමැත. . එනමුදු විශ්වාස කරන්නේ හැසිරීම්, සමාජයීය-පාර්සරික සහ මානසික සාධකවල අන්තර්ක්‍රියාවක් හේතුවෙන් මෙය හටගන්නා බවයි.. Brain-derived-neurotropic(BDNF) සාධකවල අඩුමට්ටම ඍජුවම දිවිනසාගනීමට බලපායි. එමෙන්ම එය වක්‍රාකාරව විෂාධය, post-traumatic disorder, schizophrenia, obsessive-compulsive disorder සදහා බලපායි.. පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ BDNF වල මට්ටම hippocampus සහ prefrontal cortex හි අඩුවීම සිදූවී ඇත්තේ මානසික තත්වයන් සමග හෝ නොමැතිව බවයි. සියදිවි නසාගන්නා කාලය තුල serotonio නැමති ස්නායු සම්ප්‍රේෂකය අඩුබව විශ්වාස කරන්නේ මරණයෙන් පසුව හමු වූ වැඩිවූ 5-HT2A ප්‍රතිග්‍රාහක සාක්ෂිමතය. serotonin නිෂ්පාදනය බිදවැටීම සහ මස්තිෂ්ක සුසුම්නා තරලයේ 5-hydroxyindoleactic acid වැඩිවීම අනෙක් සාධක වේ. Direct evidence is however hard to gather. ඍජු සාක්ෂි ලබාගැනීම එතරම් පහසු නොවේ. Epigenedics හෙවත් පාරිසරික සාධකවලට ජාන ප්‍රකාශයේදී පාදක වූ DNA වෙනස් කිරීමද දිවිනසාගැනීමේ අවදානම වැඩිකිරීමට හේතුවන බව විශ්වාස කෙරේ.

භීතිය

♠ Posted by ආලෝකය
ඔබටත් අනියත බියක් ඇතිවෙනවද

(මෙම ලිපිය මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතාගේ සාකචිඡාවක් ඇසුරින් සකස් කර ඇත)
--------------------------------------------------------------------------------------------------------------
තමාට කිසියම් රෝගයක් ඇති බව නිතරම පවසන පුද්ගලයන් සමහර විට ඔබටත් හමුවී ඇති. සමහරුන් තමන්ට බරපතළ රෝගයක් ඇතැයි කියා කලින් කලට වෛද්‍යවරුන් මාරුකරමින් අධික වියදම් සහිත වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙමින් ජීවිතේ ගෙවනවා. ඊට අමතරව හූනන්, කැරපොත්තන් මකුළුවන් වැනි සතුන්ටත් අධික බියක් දක්වන අයත් සමාජයේ සිටිනවා. ඇතැම් පුද්ගලයින් පිරිසක් ඉදිරියට යාමට ද දක්වන්නේ අධික බියක්.

ඉහතින් දැක්වූ නිතරම අනියත බියක් ඇතිවන්නේ මානසික රෝගී තත්ත්වයක් නිසාද?මෙම ලිපියෙන් සාකචිඡා කෙරෙන්නේ මෙ පිලිබදවය

යාඥා මඟින් රෝග සුවකළ හැකිද?

මනෝ චිකිත්සාව (Psychotherapy) මඟින් ඖෂධ භාවිතා නොකර නිශ්චිත මානසික රෝග කීපයකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. මනෝ වෛද්‍යවරුන් ඒ සඳහා නිශ්චිත විධි ක්‍රම කීපයක් අනුගමනය කරනවා. එසේ නැතිව සෑම රෝගයක්ම යාඥා කිරීමකින් සුව කළ හැකි බව තවම විද්‍යාත්මකව තහවුරු වී නෑ.භාවනාව ජීවිතයට ඉතාම වැඩදායී දෙයක් වුවත් විෂාදය වැනි රෝග තත්ත්වයකින් පෙළෙන විට භාවනා කිරීම නුසුදුසු බවයි හෙළිවී තිබෙන්නේ.විෂාදය රෝගින් තුළ තිබෙන්නේ අශුභවාදී සිතිවිලි. විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් භාවනාව මඟින් සිත එක අරමුණකට ගැනීමේදී අශුභවාදී සිතිවිලි නැවත නැවත මතුවන්නට පටන්ගන්නවා. එය විෂාදය වැඩිවීමට හේතුවක්. විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේදී කළ යුතු වන්නේ මොවුන්ගේ සිතීමේ පරාසය වැඩිකර ඔවුන් තුළ ඇති තනිකම නොහැකියාව යන හැඟීම් ඉවත් කිරීමට ක්‍රියා කිරීමයි.

ඇතැම් පුද්ගලයින් තමන් විශාල රෝගයකින් පෙළෙන බව නිතර සිතනවා. නිතර නිතර වෛද්‍යවරුන් හමුවීමට යනවා. නිතර වෛද්‍ය පරීක්ෂණවලට යොමුවෙනවා. එය කිසියම් මානසික රෝගී තත්ත්වයක්ද?

ඔව්. එය සරල මානසික රෝගී තත්ත්වයක්. එවැනි සරල මානසික රෝගවලින් පෙළෙන්නන් සමාජයේ විවිධ තරාතිරම්වල, විවිධ වයස් මට්ටම්වල සිටිනවා. ඒ තත්ත්වයන් නිවැරැදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් පහසුවෙන් මිදීමේ හැකියාව ලැබෙනවා. ඒ රෝග තත්ත්වය හඳුන්වන්නේ Anxiety Disorders යනුවෙන්.ඒ රෝග තත්ත්වයේ ප්‍රභේද කීපයක්ම තිබෙනවා.Somatisation disorders ඉන් එක් ප්‍රභේදයක්. එම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් මතු කරන්නේ ශාරීරික රෝග ලක්ෂණ. ඔවුන් එම ශාරීරික රෝග ලක්ෂණ වෛද්‍යවරුන්ට පවසා ඒ සඳහා බෙහෙත් ඉල්ලා සිටිනවා.වෛද්‍ය පරීක්ෂණ සිදු කළත් ඔවුන්ට කිසිදු ශාරීරික ආබාධයක් සොයා ගන්න බෑ. ඔවුන් වෙතින් පෙන්නුම් කරන විශේෂ ලක්ෂණයක් වන්නේ ශරීරයේ නිතර පවතින දැවිල්ලක්, කැක්කුමක්, වැඩ කිරීමේ නොහැකියාවක් ඇති බව පැවසීම. “මට කිසිම වැඩක් කරගන්න බැහැ” ඔවුන් නිතර නිතර කියන කතාවක්.ඒ වගේම කිසිම වෛද්‍ය පරීක්ෂණයකින් ඔවුන් තෘප්තිමත් වන්නේ ද නෑ. ඒ නිසා ඔවුන් නිතර වෛද්‍යවරුන් මාරු කරනවා. එවැනි රෝගීන් තමන්ට කිසිවක් කරගත නොහැකි බව පවසන නිසා මොවුන්ගේ වැඩ කටයුතු නිවසේ අනෙකුත් අයට කරදීමට සිදුවෙනවා.අවසානයේ මොවුන් රැකියාව නොකරන තත්ත්වයට පවා පත්වෙනවා. එයින් පවුලේ උදවිය පවා පීඩාවට පත්වෙනවා. එම තත්ත්වය ඉතා පහසුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් කරගත හැකියි.Anxiety disorder යටතට ගැනෙන තවත් සරල මානසික රෝග තත්ත්වයක් Hypochondrical disease නම් තත්ත්වයයි.එම රෝගයෙන් පෙළෙන්නන් තමන්ගේ ශරීරයේ නිශ්චිත ස්ථානයක රෝගයක් ඇති බව විශ්වාස කරනවා. ඇතැම් විට වෛද්‍යවරුන් හමුවූ විට ඔවුන් රෝගයේ නමත් පවසනවා. එම රෝගීන් ද තමන්ගේ රෝගය හඳුනාගැනීම සඳහා විවිධ වෛද්‍යවරුන් වෙත යනවා. වෛද්‍යවරුන් තිබෙන පරීක්ෂණ සියල්ලක්ම සිදුකර රෝගයක් නැතැයි කීවත් එය පිළිගන්නට එම රෝගීන් සූදානම් නෑ.මීට පෙර සඳහන් කළ Somatisation disorder තත්ත්වයෙන් පෙළෙන රෝගීන් මෙන් වෛද්‍යවරුන් හමුවී ප්‍රතිකාර ඉල්ලන්නේ නෑ. ඔවුන් පවසන්නේ තම රෝගය හඳුනාගැනීමට වෛද්‍ය පරීක්ෂණ කරන ලෙසයි. තමන්ගේ වෛද්‍ය පර්යේෂණ ඇතුළත් ෆයිල් ගොන්නක්ම ඔවුන් සතුව තිබෙනවා.

මීළඟ රෝග ඛාණ්ඩය වන්නේ Panic disorders නම් රෝග තත්ත්වයයි. එය ස්නායු ආබාධයක් නිසා ඇතිවන්නක්.අපගේ ශරීරයේ තිබෙන අනිච්ඡානුග ස්නායු පද්ධතියේ තිගැස්මක් නිසා හෘදය සුළු වේලාවක් වේගයෙන් ගැහීමට පටන්ගන්නවා. ඒ අතරම වේගයෙන් හුස්ම ගැනීමටත් දහදිය දැමීමටත් පටන් ගන්නවා. ඒ කාංසාවේ රෝග ලක්ෂණ.එහෙත් මේ රෝගීන් තම පපුව ගැහෙන්නේ හෘද රෝගයක් නිසා බව සිතනවා. ඒ නිසා ඔවුන් කායික වෛද්‍යවරුන් හෘද රෝග පිළිබඳ වෛද්‍යවරුන් වෙත යනවා. එසේම ඔවුන් තමන්ගේ හුස්ම හිරවී තමන් මිය යාවි යැයි සිතනවා.විෂාදය (Depression) මේ රෝග ඛාණ්ඩයට අයත් වන අනෙක් රෝග තත්ත්වයයි. විෂාදය රෝගීන් ද සැමවිටම තමන්ට කායික රෝගයක් ඇති බව ප්‍රකාශ කරනවා. ඔවුන් ගේ ප්‍රකාශවල විශේෂත්වය වන්නේ ඔවුන් ප්‍රකාශ කරන කායික රෝග ලක්ෂණය ශරීරයේ කිසියම් පද්ධතියකට අනුබද්ධ නොවීමයි. උදාහරණයක් ලෙස ඔවුන් “මගේ ඇඟ පුරාම දැවිල්ලයි” යනුවෙන් පැවසීම දක්වන්න පුළුවන්. එය ශරීරයේ කිසියම් පද්ධතියකට සම්බන්ධ ප්‍රකාශයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නෙවෙයි.එමෙන්ම විෂාදය රෝගීන් ඇතැමුන් “මගේ කොන්ද කැක්කුමයි”, “අතපය කැක්කුමයි” “දණහිස කැක්කුමයි” යනුවෙන් නිතර පවසනවා. එහිදී එකිනෙකට සම්බන්ධ නැති අවයව රාශියකට වේදනාව පිළිබඳව කියවෙනවා. විෂාදය රෝගීන් නිතර ප්‍රකාශ කරන, කරුණු දෙකක් තිබෙනවා. ඒ තමන්ට නිතර “හිසේ කැක්කුමක්” ඇති බව සහ තමන්ට නිතර “දැවිල්ලක්” ඇති බව.

ඉහතින් දැක්වූ රෝග පිළිබඳව දැනුමක් ඇත්තේ ඒ පිළිබඳව වැඩිදුරටත් හදාරන ලද මනෝ වෛද්‍යවරුන්ට පමණයි. මනෝ වෛද්‍යවරුන් නොවන වෛද්‍යවරුන් වෙත එවැනි රෝගීන් ගිය විට සියලුම වෛද්‍ය පරීක්ෂණවලට රෝගියාව යොමු කරනවා. එම වෛද්‍ය පර්යේෂණවල වාර්තා අනුව කිසිදු රෝගයක් පෙනෙන්නේ නෑ. ඒ වුණාට ඇත්තටම ඔවුන්ට ලෙඩක් තිබෙනවා. එය මොළය පදනම් කොටගෙන ඇතිවන ලෙඩක්. එය කායික වෛද්‍ය පර්යේෂණ මඟින් සොයාගත හැකි නොවේ.

සමාජයේ බොහෝ දෙනකු බියට පත්වන දේට අමතරව සුළු දෙයටත් බියවීම මානසික රෝගී තත්ත්වයක්ද?


ඔව්. බිය ලෙස හඳුන්වනු ලබන තත්ත්වයන් සරල මානසික රෝගයක්. මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව බිය රෝගයක් වන්නේ කිසිදු හේතුවක් නැතිව ඇතිවන්නාවූ බියයි; අස්ථාන බියයි.කිසියම් සිදුවීමකට හෝ කිසියම් වස්තුවකට, සතෙකුට බියක් ඇතිවූ විට අපගේ ශරීරයේ ඇති අනිච්ඡානුග ස්නායු පද්ධතියේ තැතිගැන්මක් ඇතිවෙනවා. එම තැතිගැන්ම ශරීරයේ පද්ධතින් රැසකම වෙනස්කම් ඇතිකිරීමට සමත්. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය ක්‍රියාකරන වේගය වැඩිවීම, මුඛයේ කෙළ සිඳීම, තරමක දහදිය දැමීමක් සිදුවෙනවා. බියට පත්වූ පුද්ගලයා කරන්නේ එම අවස්ථාවෙන් හෝ එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත් වීමයි. බියේ ස්වභාවය එයයි.

මනෝ වෛද්‍ය විද්‍යාවේදී බිය කොටස් 3කට බෙදා දක්වනවා. ඉන් පළමුවැන්න සරල බියයි.යම්කිසි වස්තුවකට හෝ යම්කිසි අවස්ථාවකට බියවීම මේ යටතට ගැනෙනවා. සමහර උදවිය හූනන්ට, කැරපොත්තන්ට, මකුළුවන්ට මෙන්ම විභාගවලට ද අනියත බියක් දක්වනවා. එලෙස බියට පත්වන කරුණු පිළිබඳව හොඳින් සිතා බැලීමේ දී මකුළුවෙකුට, කැරපොත්තකුට, හූනෙකුට බියක් දැක්විය යුතු නැති බව හොඳින් පෙනී යනවා. එහෙත් නයෙක් වැනි සතෙකුට බියක් දැක්වීම සාධාරණයි. ඒ නයා මාරාන්තික විෂ සහිත සර්පයෙක් නිසයි.එහෙත් කිසිදු හානියක් විෂක් නැති හූනන්ට, මකුළුවන්ට බියවීම අසාමාන්‍යයි. එම බිය බොහෝ විට කුඩා දරුවන්ට තිබෙනවා. වැඩිහිටියන් වූ විට මෙම බිය ඉවත්වී යාමයි සාමාන්‍ය ස්වභාවය. එසේ වුණත් සමහරුන්ට වැඩිහිටියන් වූ විට ද මේ අනියත බිය ඇතිවෙනවා. එයට හේතු වන්නේ කුඩා කාලයේ දී මෙම අවස්ථාවන්ට මෙන්ම සතුන්ට ද නිතර නිතර මුහුණදීම බවයි පැහැදිලි වන්නේ.

ඇතැම් පුද්ගලයන් කිසියම් පිරිසක් ඉදිරියට යාමට බියක් දක්වනවා. ඒ ඇයි?

මෙය හඳුන්වන්නේ සමාජ භීතිකාව ලෙසයි. මෙම භීතිකාව ඇති පුද්ගලයින් මිනිසුන් ඉදිරියට යාමට, කිසියම් පිරිසක් අමතා කතා කිරීමට බියක් දක්වනවා. මෙම අවස්ථාවට පත්වූ පුද්ගලයන් ගැහෙන්ඩ පටන්ගන්නවා; තොලකට වියළීම පටන් ගන්නවා. තැතිගැනුණු ස්වභාවයක් ඇස්වලින් පවා පෙන්නුම් කරනවා.ඇතැම් උදවියට බැංකුවකට ගොස් කිසියම් පිරිසක් ඉදිරියේ චෙක්පතක් අස්සන් කිරීමට සිදුවූවිට හෝ, ෆෝම් එකක් පිරවීමට සැරසුණු විට ඒ බිය මතුවෙනවා. එසේම තමා සේවය කරන ස්ථානයේ ඉහළ නිලධාරියකු හමුවට ගිය විටෙකත් ඇතැමෙකුට එම තත්ත්වය ඇතිවෙන්න පුළුවනි. එම තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයන් එම අවස්ථාවේදී කරන්නේ වහාම එම ස්ථානයෙන් ඉවත් වීමයි. එම අවස්ථාව මඟහැරිමයි. ඒ තත්ත්වය ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට විශාල බාධාවක්.ඇතැම් ගුරුවරුන්ටත් ඒ තත්ත්වය තිබෙනවා. ඔවුන්ට පාසල් පන්ති කාමරයේ දී දරුවන්ට ඉගැන්වීමේ හැකියාව තිබුණත් පාසලේ උදෑසන රැස්වීමේ දී ළමයින් අමතා පුංචි කතාවක් පැවැත්වීමට හැකියාවක් ඇත්තේ නෑ. විවිධ පුද්ගලයින්ට විවිධ මට්ටමින් සමාජ භීතිකාව ඇති බව ඒ අනුව පෙනෙනවා. ඒ හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන තවත් බියක් තිබෙනවා. ඒ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් වෙළෙඳපොළක් වැනි සෙනඟ පිරුණු ස්ථානයකට යාමට දක්වන්නේ අනියත බියක්. මොවුන් බොහෝ විට කැමැති නිවාස තුළටම වී සිටීමටයි. නිවසින් බැහැරව යන විට ඔවුන්ට කවුරුන් හෝ අවශ්‍යයි.ඒ පුද්ගලයින් සිනමාශාලාවක මැද වාඩිවී චිත්‍රපටයක් නැරඹීමට, බසයක මැද ගමන් කිරීමට දක්වන්නේ අධික බියක්. මේ බිය වැඩිපුර ඇතිවන්නේ කාන්තාවන්ට.

ඇතැම් පුද්ගලයන් ගුවන්යානයක ගමන් කිරීමට, වැසුණු කාමරයක හිඳීමට බියක් දක්වන්නේ ඇයි?

එයත් ඔය කියන රෝගයේ එක් අවස්ථාවක්. මොවුන් වැසුණු සංවෘත ස්ථානයක සිටීමට දක්වන්නේ අනියත බියක්.

අනියත බිය මානසික රෝගයක් වගේම මානසික රෝග නිසාත් බිය ඇතිවනවාද?

ඔව්. භින්නෝන්මාදය (Schizophrenia) රෝගය නිසා ඇතැමුන් බියට පත්වෙන අවස්ථා තිබෙනවා. ඒ රෝගයෙන් පෙළෙන්නන් නිතරම ජීවත්වන්නේ තමන්ට කවුරුන් හෝ හානියක් කරදරයක් කරාවි යන සැකයෙන්.කවුරුන් හෝ තමා මරාදමාවි, තමාගේ බත් පිඟානට වස දමාවි, තමාට කවුරුන් හෝ හූනියමක් කරාවි යන සැකයෙන් මොවුන් සැමවිටම පෙළෙනවා. මොවුන් තම නිවසේ පිසින කෑම ආහාරය ගැනීමට පවා දක්වන්නේ බියක්. ඇතැම් විට භින්නෝන්මාදය රෝගීන් කිසියම් පුද්ගලයකු තමන්ට හානියක් කරාවි යන සැකයෙන් එම පුද්ගලයාට හානියක් කිරීමට වුවත් ඉඩ තිබෙනවා.

අනියත බියක් යමෙකු තුළ ඇතිවන්නේ ඇයි?

ඒ සඳහා නිශ්චිත හේතුවක් දැක්වීම අපහසුයි. ඉහතින් සඳහන් කළ ආකාරයට අහේතුක බියක් ඇතිවීමට හේතු පිළිබඳව මනෝ විද්‍යාඥයින්, මනෝ වෛද්‍යවරුන් පළකරන එක් අදහසක් වන්නේ, කිසියම් සතෙකුට හෝ කිසියම් අවස්ථාවකට මුහුණදෙන පළමු අවස්ථාවේදීම එම සතාට හෝ අවස්ථාවට මුහුණ නොදී බියට පත්වී ඉවතට ගියහොත්, ඉන්පසුව එම දෙයට බියක් දැක්වීමට මොළය හැඩගැසෙන බවයි. එමෙන්ම ජානවල බලපෑම නිසා ද බිය ඇතිවන අවස්ථා තිබෙනවා. ඇතැම් පවුල්වල උදවිය ඇතැම් දේවල්වලට බියක් දක්වන බව පෙනෙනවා. එය පරම්පරාවට යාමට ඉඩ තිබෙනවා.

බියෙන් මිදෙන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රතිකාර තිබෙනවාද?


ඔව් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවිය යුතුයි. බිය සඳහා කෙරෙන ඇතැම් ප්‍රතිකාර ඉතා සරලයි. පළමුව තමා බියට පත්වන කාරණයේ බියක් නැති බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එහෙත් එලෙස තේරුම් ගැනීමෙන් පමණක් මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ හැකි වන්නේ නෑ.මෙහිදී කළ යුතු වන්නේ තමා බියට පත්වන සතාට, වස්තුවට හෝ කාරණයට අවස්ථාවට මුහුණ දී එය තමන්ට තවදුරටත් තර්ජනයක් නොවන බව මොළයට සහ ස්නායු පද්ධතියට දැන්වීමයි. ඒ සඳහා මනෝ වෛද්‍යවරයකු හමුවී ඔහුගේ උපදෙස් මත ක්‍රියා කිරීම වැදගත්. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි බියට පත්වන වස්තුවට හෝ අවස්ථාවට මුහුණදීම මඟින් අනියත බියෙන් මිදීමට හැකියාව ලැබෙනවා. කිසියම් අයකු මකුළුවකුට බියක් දක්වයි නම්, ඔහුගේ අතට මකුළුවකු දී එම මකුළුවාගෙන් තමාට තර්ජනයක් නොවන බව ස්නායු පද්ධතියට දැනෙන තෙක්, මොළය අවබෝධ කරගන්නා තෙක් සිටිය යුතුයි. එසේ නැතිව මකුළුවා ඉවතට වීසිකර පලා දුවයි නම්, මකුළුවාට ඇති බිය තව තවත් වැඩිවනු ඇත. බිය තුරන් කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන අවස්ථාව ඉතා අඩුයි. සමාජ භීතිකාවෙන් පෙළෙන්නන්ට නම් කෙටිකාලීනව ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන අවස්ථා තිබෙනවා.

ඇතැම් දේවලට බියක් දැක්වීමේ වාසියකුත් තිබෙනවා නේද?


ඔව්. විභාගයක් වැනි දෙයකට අප යම් මට්ටමකට බියක් දැක්විය යුතුයි. විභාගයක් ඉතා සරල ලෙස සැලකුවහොත් එම විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ලබාගත හැකිවන්නේ නෑ.ඔබට කිසියම් පිරිසක් අමතා දේශනයක් පැවැත්වීමට සිදුවී ඇතැයි සිතන්න. එහිදී කිසියම් බියක් ඔබට දැනෙයි නම්, එම දේශනයට ඔබ හොඳින් සූදානම් වේවි. එවිට හොඳ දේශනයක් පැවැත්විමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා යම් යම් අවස්ථාවලදී පොඩි බයක් ඇතිකර ගැනීම ජීවිතයට අවශ්‍ය අවස්ථා ද තිබෙනවා.

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.