-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

සියදිවි හානිය

♠ Posted by ආලෝකය at 8:04 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමි පුද්ගලයකුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කරනුයේ පහත සාධක මත පදනමිවය

1-මරණයට පත්වීම සදහා යොදාගන්නා උපාය පුද්ගලයා විසින් ආරමිභ කර ඔහු විසින්ම කරගෙන යාම
2-නියත වශයෙන්ම මරණයට පත්වන බව දැන දැනම මරණය බලාපොරොත්තුවෙන්ම එම උපාය යෙදීම
3-පුද්ගලයා එයින් මරණයට පත්වීම


සියදිවි නසා ගැනීම පිලිබද වාර්ථාවන්වලට අනුව


*ලෝකය පුරාම එක් වසරකදි මිලියනක පමනක් පිරිසක් සියදිවි නසා ගනිති.
*සියදිවි නසා ගැනීමට උත්සහ දරන පිරිස මිලියන 10ත් 20ත් අතර වෙ
*ලෝකයේ මිනිස් මරණ සිදුවන ප්‍රධාන හේතු 10න් එකක් වනුයේ සියදිවි නසා ගැනීමය
*යෞවන වයසේදි සියදිවි නසාගැනීමෙ ප්‍රතිශතය 60% පමන වෙ
*ජනගහන අනුපාතයට අනුව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට ලංකාවය
*අනුපාතයට අනුව වැඩිපුරම කාන්තාවන් සියදිවි හානි කරගන්නා රටද ලංකාවය.


1985 සිට 2000 දක්වා වසර පහලොව තුල ලංකාවෙ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දළවශයෙන් 50000 පමනය.එම කාලය ඇතුලතම සියදිවි හානිකරගත් සංඛ්‍යාව 106000 පමන වෙ.ලංකාවෙ සියදිවි නසාගැනීමෙදි පලිබොධනාශක භාවිතා කර ඇති ප්‍රමාණය 70% කි.ලංකාවෙ සිය දිවිනසා ගන්නා අයගෙන් 50% පමන යමි තදබල මානසික ගැටලු රෝගි තත්ත්වයක් නිසා සිය දිවි නසා ගන්නා බව අනාවරණය කරගෙන ඇත.එනමි විශාද රෝගය.මත්පැන් භාවිතයේදි ඇතිවන කායික මානසික ගැටලු.පෞරෂමය ගැටලු.භින්නෝන්මාදය වැනි තත්ත්වයන්ය.බලාපොරොත්තු බිදවැටීම දුගි අසරණ බව ජිවත්වීමෙ ආර්ථිකමය ගැටලු සමාජයෙන් හුදකලාව සිටිමදරැනු කායික ආබාධ විරැකියාව අසරණබවක් දැනීම වැනි හේතු සාධක මත සියදිවි නසා ගන්නා ප්‍රමාණය10% පමනය.අනුන්ගේ අවධානය ලබාගැනීමද සමහරකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කරති.හදිසි ආවෙග චිත්ත පීඩානිසා හදසි තීරනය මතද සියදිවි හානිකර ගනු ලැබෙ.එවනි හානිකරගැනීම චිත්ත ආවෙග පීඩා දැරිය නොහැකි කමින්ම කලින් සැලසුමි කිරිමෙන් තොරවම හදිසියේම කර ගැනීමට ඉඩ ඇත.ආගමික පෙලඹවීමි මුල්කරගනිමින් සිදු කරගන්නා දිවිනසා ගැනීමද දැකිය හැක.සමාජයට යමි බලපැමක් සිදුකිරිමෙ අරමුනින්ද දිවිහානි කරගන්නා අය සිටි.මෙවනි කරැනු මත 40% පමන පිරිසක් සියදිවි හානිය සිදු කරගන්නා බව පෙනියයි.සියදිවි හානි කරගැනිමට වැඩිපුරම උත්සහ දරනුයේ කාන්තාවන් වුවද දිවිහානි කරගෙන බහුලව මරනයට පත්ව ඇත්තේ පිරිමින්ය.සියදිවි හානිකරගැනීම වැලක්විම සදහා අපට කල හැක්කේ කුමක්ද යන්න පිලිබදව මිලග ලිපියෙන් සාකචිඡා කරන්නට බලාපොරොත්තු වන්නේමු

0 comments:

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.