♠ Posted by ආලෝකය at 8:36 PM
බෞද්ධ මනෝවිද්‍යාව යනු කුමක්ද
What is Buddhist Psychology?
මනෝවිද්‍යාව මෙන්ම බුදුදහමද මනස මත පදනම් වූ දර්ශනයකි. නූතන මනෝවිද්‍යා නිර්වචනයන් හා එකඟ වන බුදුදහම ඒ හා සමානම නිර්වචනයන් දැක්‌විය හැක. විශේෂයෙන් හැසිරීම හා මනස බුදුදහමේද ප්‍රධාන සංකල්පයන්ය. "චිත්තෙන නීයති ලොකො" සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන බවත් "මනෝ පුබ්බංග මා ධම්මා" මිනිස් මනස සියල්ලම පෙරටුකොට සිටින බවත් "චෙතනාහං භිCඛවේ කම්මං වදාමි, චෙතයිJවා කම්මං කරොති කායෙන වාචාය මනසාය" සියලුම කායික වාචසික මානසික යන සියල්ලටම මනස බලපාන බව මෙහි අදහසයි. සිතීම මානසික ක්‍රියාවලියක් වන අතර එය සියලුම කායික ක්‍රියාවලටද බලපෑමක් ඇති කරයි. බුදුදහමෙහි ත්‍රිපිටකය කියවන විට එහි ඇති මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන්ම සෑම තැනකම පාහේ සොයා ගත හැකිය. විශේෂයෙන් ථෙරගාථා ථෙරිගාථාවලදී මානසික පීඩනයන්ගෙන් සහ ආතතියෙන් වෙලී සිටි භික්‍ෂු භික්‍ෂූණීන් ඉතා උද්දාමයෙන් ප්‍රීතියෙන් යුතුව බුදුදහම නිසා එයින් මිදුන ආකාරයද දක්‌වා ඇත. එසේම ජාතක කථාවලද මනෝවිද්‍යාත්මක ලක්‍ෂණද මනෝචිකිත්සක ලක්‍ෂණද මනෝප්‍රතිකාරද ඉතා පැහැදිලි ලෙස දැක්‌විය හැක. දොස්‌තර D. V. J. Harischandra ලියා ඇති Phychiatric Aspects of Jataka Stories යන පොතෙහි ඒ සියලුම කරුණු තාර්කිකව ද සංසන්aදනාත්මකවද විස්‌තර කර ඇත. එහිදී මනෝචිකිත්සක අපිළිවෙලවල් ප්‍රතිකාර අෙච්තනික මනසට බලපෑම් කරන කරුණු ජාතක කථා මුල්කරගත් ප්‍රතිකාර ක්‍රම පොතක සඳහන් ප්‍රතිකාර ක්‍රම Psychodrama මනෝමය නාට්‍යය යනාදිය එම පොතෙහි ඉතා ක්‍රමවත්ව විග්‍රහ කර ඇත. D. V. J. Harischandra පොතට පෙරවදනක් ලියන Dr. D. N. Athukorale බුදුදහමෙන් පෙන්නුම් කරන මනෝවිද්‍යාත්මක, මනෝචිකිත්සක ක්‍රම පැහැදිලි ලෙස දක්‌වා ඇත.
"ජාතක කථාවල ඇති මනෝරෝග අපිළිවෙල ගැන කියවීමට ලැබීම අප මවිත කරවන සුළුය. බJධනමොක්‌ඛ, සමුග්ග ජාතකයන්හි එන තම සහකරු / සහකාරිය පිළිබඳ ඊර්ෂ්‍යාව උම්මග්ග, කුස, මට්‌ටකුණ්‌ඩලී ජාතක කථාවල එන ශෝක ජනක ප්‍රතික්‍රියා, ගුත්තිල ජාතකයෙහි ආත්ම අභිමානය ගිලිහීමෙන් සියදිවි නසා ගැනීමේ හැඟීම් පහළවීම, මට්‌ටකුණ්‌ඩලී ජාතකයේදී වේදනාව පිළිබඳ රෝග ලක්‍ෂණද, කමනී සහ කේසව ජාතකවලදී මනෝජ අතීසාරයද පෙන්නුම් කරති. මානසික ඌණ වර්ධනය පිළිබඳ ලක්‍ෂණ අචරී සහ නන්ගුලීස ජාතක වලින්ද පෙන්නුම්කරති. අද කාලයේ වඩාත් ප්‍රචලිත ලිංගික ළමා අපචාර ලක්‍ෂණද විස්‌තරාත්මකව චුල්ල නාරද සහ පරන්තප ජාතක වලින්ද දක්‌වයි. ලිංගිකත්වයේ ප්‍රශ්නද, ලිංගික අනන්‍යතාවද, විවිධ ලිංගික ආශාවන්ද උයද භද්ද සහ උම්මග්ග යන ජාතක වලින්ද අධික ලිංගික ආශාවන් කුනාල ජාතකයෙන්ද පන්නික සහ සෙග්ගු ජාතක වලින් පෙන්වන්නේ නෑයන් සමග මෙවුන්දමෙහි යෙදීම වන අතර ඉතිපිසෝ ජාතකයේදී දැක්‌වෙන ආකාරයට ස්‌ත්‍රී පුරුෂයන්ගේ විවිධ ලිංගික ආශාවන්ද දැක්‌විය හැක. මෙවැනි ගැඹුරුවූත් සංවේදීවූත් මාතෘකා මෙම ජාතක කථාවල ගැබ්ව ඇත.
එසේම ප්‍රාර්ථනාවන් දෙකක් ඔහුගේ පොතෙහි සඳහන් කර ඇත. ජාතක කථා පුනර්භවය පිළිගනී. මනෝචිකිත්සකයින් පුනර්භවය පිළිගත්තද නැතද මගේ පළමුවන අපේක්‍ෂාව පුනර්භවය සිද්ධාන්තයක් නම් අනාගත සෑම පුනර්භවයකම මා නැවත ඉපදිය යුත්තේ මනෝචිකිත්සකයකු වීමටය. මගේ දෙවන අපේක්‍ෂාව ඔබද නැවත උපදින්නේ නම් ඔබ සෑම කෙනකුටම මගෙන් උපදෙස් ලබාගැනීමට හැකි නොවේවා යන්නයි."
එසේම සමහර ජාතක කථාවල එන සංකීර්ණ ලිංගික ප්‍රශ්න ප්‍රොයිඩ් සඳහන් කළ ඔඩිපස් සංකීර්ණයන් හි සහ ඉලෙක්‌ට්‍රො සංකීර්ණයන් හා සමාන වන බව අවධාරණයෙන් යුතුව පැවැසිය හැක. ප්‍රොයිඩ් විසින් ලියන ලද "The interpretation of Dreams" සිහින අර්ථකථන යන පොතෙහි ඇති කරුණුත් ජාතක පොතෙහි ඇති සිහින අර්ථකථනත් බොහෝ සමානතාවක් දක්‌වයි. මහා සුපින ජාතකය උම්මග්ග ජාතකය ඉතා හරවත් ලෙස සිහින අර්ථ කථනයන් දක්‌වා ඇත. එසේම දරීමුඛ ජාතකයේදී මනෝචිතිත්සක අපිළිවෙල අටක් දක්‌වා ඇත.
1. කාමඋන්මාදය
2. ක්‍රෝධ උන්මාදය
3. දර්ශන උන්මාදය
4. මෝහ උන්මාදය
5. යක්‍ෂ උන්මාදය
6. පිත උන්මාදය
7. සුර උන්මාදය
8. ව්‍යසන උන්මාදය
භික්‍ෂු ජගදීප් කශ්‍යප් ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය ගැන බෞද්ධ නිර්වචනය යන්නෙන් ලිපියක් ලියමින් ප්‍රොයිඩ් මනස ගැන කියන ලද සංකල්පයන් බොහොමයක්‌ම බෞද්ධ සංකල්පයන් සමග මනාව ගැලපෙන බව දක්‌වා ඇත. Buddhsit Conception of mind is wonderfully parallel to the psychoanalysis of Dr. Freud මනස පිළිබඳ බෞද්ධ සංකල්පය මනෝවිද්‍යාඥ ප්‍රොයිඩ්ගේ විශ්ලේෂණවාදය හා මනාව ගැලපේ.
දීඝ නිකාය මහා සතිපට්‌ඨාන සූත්‍රයට අනුව කය ගැන ප්‍රායෝගිකව මෙනෙහි කිරීම තුළින් මනෝභෞතිකමය සැනසීමක් එසේම ස්‌ථාවර අවධියකුත් ඇති කරවයි. සෙච්තනිකත්වය වැඩිහිටි පරීක්‍ෂකයකු නම් අෙච්තනිකත්වය අකීකරු ළමයකු වන අතර එම ළමයා මැඬ ක්‍රියා කළ යුතුය. චිත්තානුපස්‌සනාව මගින් වෙන අයකු වෙත නොගොස් එමගින් හැසිරීම තමා විසින්ම විශ්ලේෂණය කරගන්නා අයුරු දක්‌වයි. එමගින් තමා විශ්ලේෂණය කර ගැනීමට උනන්දුවේ. ශක්‌තිමත් දැකීමක් තුළින් ගැඹුරු දැක්‌මක් ඇති කරගෙන ඒ තුළින් සිත තුළට යා හැක. දීඝනිකායේ සතිපට්‌ඨාන සූත්‍රයේ බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද තාක්‍ෂණික ක්‍රම මගින් අද කාලයේ ප්‍රොයඩියානු මනෝවිශ්ලේෂණවාදය හදාරණ පර්යේෂකයන්ට විශාල වශයෙන් වාසි ලබාගත හැකි බවට සැකයක් නොමැත.
බුදුදහමෙහි මනෝවිද්‍යාත්මකව බැලිය හැකි ප්‍රධානම පැත්ත නම් අභිධර්මයයි. අභිධර්මයෙහි සිතෙහි සියලුම ප්‍රභේදයන් මනාව විග්‍රහ කරන අතර එහි සංකීර්ණයත්වයද පැහැදිලි ලෙස පෙන්වා දී ඇත. එහිදී චිත්ත චෛතසික රූප නිබ්බාන ලෙස පරමාර්ථ ධර්ම කරුණු 4 ක් තුළ විස්‌තර කිරීමට යෙදෙයි.
එසේම බුදුදහමෙහි ප්‍රධාන ධර්ම සංකල්ප අතර චතුරාර්ය සත්‍ය අනිවාර්යෙන්ම මනෝවිද්‍යාත්මක ලක්‍ෂණයන්ගෙන් යුතුවූවකි. දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය එහිදී විස්‌තර කර ඇත. දුක යනු මානසික ක්‍රියාදාමයක් වන අතර දුක විස්‌තර කරනුයේද මිනිස් අත්දැකීම් ආශ්‍රයෙනි. "ජාතිපි දුCඛා ජරාපි දුCඛා ව්‍යාධි දුඛා මරණම්පි දුඛා අප්පියෙහි සම්පයෝගෝ දුඛා පියෙහි විප්පයෝගො දුඛා යම් පච්ඡං න ලබති තංපි දුඛං" ඉපදීම නිසා සියලුම මානසික රෝග ලෙස දුක් ආදිය සෑම කරදරයක්‌ම ඇතිවේ. එමනිසා බුදුදහමේ පරම අපේක්‍ෂාව නම් නැවත ඉපදීමට හේතුවන තෘෂ්ණාව නැතිකර නිවන ලබාගැනීමයි. ඉපදීම නිසා ජරාවට රෝගාබාධවලට ගොදුරුවේ. එ සියල්ලම දුක්‌ය. එසේම අපි අකැමැති අය සමග ආශ්‍රයට ලැබීමද කැමැති අය අපගෙන් වෙන්වීමද බලාපොරොත්තු දෑ නොලැබීමද යන සියලු දේ දුක්‌ය. කෙටියෙන් ගත්කළ මුළු පඤ්චස්‌ඛන්ධයම දුකක්‌ය. "සංත්තේන පඤ්චුපාදානාක්ඛන්ධා දුක්ඛා" පඤ්චස්‌ඛධයනම් රූප, වේදනා, සඤ්, සංඛාර, විඤ්න යනුයි. එසේම අද කාලයේ බොහෝ සියදිවි නසා ගැනීම්වලටද හේතු වී ඇත්තේ ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය චණ්‌ඩභාවයට පෙළඹෙන අතර එමගින් විසඳුම් නොලැබීම තුළින් සියදිවි නසාගැනීම දක්‌වා දිවෙයි. එසේම දුක නැතිකර ගැනීමටද බුදුන්වහන්සේ ආර්ය මාර්ගයක් පෙන්වා දී ඇත. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යහපත් දැකීම, යහපත් සංකල්පනාවන්, හොඳ වචන, හොඳ කර්මාන්ත, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, හොඳ සිහිය සහ සමාධිය යනු මේ වැදගත් අංග අටයි. එසේම යහපත් ලෙස සිහිය පවත්වා ගැනීමට නොහැකිවීම තුළින් සමාජානුයෝජනයේදී ප්‍රශ්න ඇති වන අතර සමාධිය නැතිවීම තුළින් සමාජ මනෝවිද්‍යාවට අනුව සමාජ විරෝධි පෞරුෂFව ලක්‍ෂණද ඇතිවීමට ද පුළුවන. මේ සෑම කාරණයක් දිහාම තාර්කිකව බලන කල අපට හැඟෙන්නේ බුදුදහම තුළ මනෝවිද්‍යාත්මක අන්තර්ගතයන් විශේෂයෙන් පිළිබිඹු වන බවය.
අභිප්‍රේරණ සිද්ධාන්තයන්ද මනෝවිද්‍යාවේදී සාකච්ඡාවට ගැනෙන අතර බුදුදහම තුළද අභිප්‍රේරණ සිද්ධාන්ත දැකිය හැකිය. දක්‌වා ඇත්තේ පුද්ගලයාට අවශ්‍යතා බොහොමයක් ඇති බවය. විශේෂයෙන් මනෝවිද්‍යාඥ මස්‌ලෝට අනුව ඔහුගේ අවශ්‍යතාවන්ගේ පිළිවෙළ මෙසේය.
Need for Self actualizations
ආත්මාවබෝධය පිළිබඳ අවශ්‍යතාවය
Esteem needs
ආත්මාවභිමානනීය අවශ්‍යතාවය
Belongingness needs
Love needs
ආදරය සහ හැඟීම් සම්බන්ධ අවශ්‍යතාවය
Safety needs
ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය
Physiological needs
ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවය

2 comments:
Casino Games - Dr.MD
Slot machines are video lottery machines that 경주 출장안마 simulate real money slots that simulate real 여주 출장샵 money slot machine playing 경주 출장마사지 video poker machines and Rating: 5 · Review 성남 출장안마 by Dr.MD 메이피로출장마사지
Post a Comment