-
මනෝවිද්‍යාත්මක ලිපි සරණීය

මානසික රෝග වර්ගිකරනය

♠ Posted by ආලෝකය at 8:01 PM
මානසික රෝග වර්ගිකරනය
*******************

මානසික රෝග ප්‍රධාන කොටස් දෙකකට වර්ග කල හැක.
1-සයිකෝෂියා රෝග
2-නියුරෝෂයා රෝග

මානසික රෝගින්ගෙන් 10% පමන සුලු ප්‍රතිශතයක් සයිකෝෂියා රෝගින් වන අතර සයිකෝෂියා රෝගින් තම ලේ නැයන් පවා විනාශ කිරිමට තරමි පෙලඹෙ.විකෘති පෞරෂයක් මොවුන්ගේ දැකිය හැකි වන අතර මොවුන් බොහෝ විට තමන් රෝගි වි සිටින බව නොදනිති.නියුරෝෂියා රෝග තත්ත්වය මීට වඩා වෙනස්වෙ.එය එතරමි භයානක නොවන අතර තමා රෝගාතුරැව සිටින බව රෝගියාට අවබෝධ කර දිය හැකිය.අප මෙම ලිපි මාලාවෙදි වැඩිපුර අවදානය යොමු කරනුයේ නියුරෝෂියා රෝග තත්ත්වයන් කෙරෙහිය.

මානසික ගැටලු හදුනා ගනිමු

අප සැම දෙනාම කුමන හෝ මානසික ගැටලුවකට නිරන්තරම මැදිවිම සුලබව දැකිය හැකි කාරනයකි.මෙම බොහො මානසික ගැටලු විසදා ගැනීමට හැකියාව ඇතත් අවබෝධයක් නොමැති කම නිසාම සමහර ගැටලු දිගින් දිගටම පවති.පසුව එය බරපතල මානසික රෝගි තත්ත්වයක් දක්වාම වර්ධනය වියහැක.ඔබහට පීඩාව ගෙන දෙන දිගින් දිගටම පවතින යමි මානසික ගැටලුවකට ඔබ මැදිව සිටිනමි ඔබ කලයුත්තේ නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කිරිමය.මෙම ලිපි පෙලෙදි අපසෑම දෙනා හටම පොදුවෙ ඇතිවන යමි යමි මානසික ගැටලු හා එම ගැටලු වල ලක්ෂණ හදුනා ගැනිමට මග පෙන්වීමක් සිදු කරන්නට අප බලාපොරොත්තු වන්නේමු.නමුත් මෙහි දැක්වෙන යමි රෝග ලක්ෂණ ඇති පමනින්ම ඔබට යමි බරපතල මානසික රෝගයක් ඇතැයි තීරණය කරන්නට යාම සුදුසු නොවෙ.මන්ද යත් රෝගලක්ෂණ තිබු පමනින්ම නියමාකාර පරික්ෂාවකින් තොරව සමහර මානසික ගැටලු හෝ රෝග හදුනා ගැනීම කල නොහැක.පලපුරැදු වෛද්‍යවරයකු හට පමනක් එවැනි රෝග හදුනා ගැනීමෙ හැකියාව ඇත.එබැවින් රෝගි ලක්ෂණ ඇතැයි දැනුන පමනින්ම ඔබහට ඇත්තේ එම රෝගයමයි තීරනය කිරිමෙ හැකියාව ඔබට නැත.නමුත් කුමන හෝ මානසික ගැටලුවකට ඔබ මුහුන පා සිටිනමි එය හදුනා ගන්නට මෙයින් මගපෙන්වීමක් සිදුවනු ඇත. ප්‍රධාන වශයෙන් පුද්ගලයකුට ඇතිවන මානසික ගැටලු හා ප්‍රශ්න මෙ ආකාරයෙන් වර්ග කිරිමක් කල හැක.
*භින්නෝමාදය
*විශාදය
*ක්ලමතය
*ග්‍රස්ථිය
*භිතිකා අක්‍රමතා
*කාංසා අක්‍රමතා
*මායා රෝගය
*මෙනියා
*සියදිවි නසා ගැනීම
*ප්‍රචණ්ඩ චර්යා
*අපගාමි චර්යා
*මත්පැන්

ආදි වශයෙන් මෙම මානසික ගැටලු තත්ත්වයන් තවදුරටත් පෙල ගැස්විය හැක.මෙහිදි විස්තර කර ඇත්තේ ප්‍රධාන වශයෙන් මුහුන පාන මානසික ගැටලු කීපයක් පමනි.

1 comments:

very important your articles. Thank you. Write more and more.

Post a Comment

ලිපි පෙල ලිවිමෙහි අරමුණ

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති.නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි.සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ.මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11%විශාදයට ගොදුරැව ඇත.ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති.මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ.තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත.සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙලේ.මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය.අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.